සනත් ගමගේ
හම්බන්තොට මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සන්ධාන ගත වී පිහිටුවන බව හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.
එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 9 ක් හිමිව නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය හිමිකරගෙන තිබුනද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මන්ත්‍රී ධූර 7 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ධූර 4 සමඟ එකතු වී මන්ත්‍රී ධූර 11 ක් ලබා ගෙන හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති වරයා ලෙස එම මන්ත්‍රී වරුන් 11 දෙනාගේ කැමැත්ත මත යළි පත්වීමට තීරණය කර බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කිය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන නායකත්ව හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලන නායකත්වය සමඟ දැනට මේ සම්බන්දව සාකච්ඡා කර තීරණය කර ඇති බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මේ සම්බන්දව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කර ඇති ගාමිණි ශ්‍රී ආනන්ද මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ එවැනි එකඟතාවයට පත් වී ඇති බවයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට මහ නගර සභාවේ බලයද ගිලිහී යනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර සෙල්ලම් පිස්තෝල කාරයද? එහෙනම් පොදු පෙරමුණත් ආපු හැටියේම ඉල්ලන් කන්න වගේ හදන්නේ.
මේ සැරේ නම් ඇත්තම පිස්තෝලයක් පෙන්නලා වගේ...
හරියටම හරි කෙරුවොත්.... ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ඔළුවෙන් ඉන්න ජනාධිපතිගේ තීරණය තමයි.
අනේ බලය නැති වුනත් කමක් නෑ. ආපහු මෙයාලව ලංකරගන්න නම් එපා. සෙල්ලම් පිස්තෝල මතකයි නේද?
ආණ්ඩුවට නිරපරාදයේ තවදුරටත් මේ රට විනාශ කිරීමට කාලයක් ජනතාව ලබානොදී ඇතිබව පොදු පෙරමුණේ නායකයන් විසින් වටහාගෙන ඇති බව ඒකාන්තයි. එමනිසා ජන බලයට නිවැරදි නායකත්වයක් සපයමින් ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ජනතාවට අවශ්‍ය වෙනස... ආණ්ඩු වෙනස වහා ඇති කිරීමේ ක්‍රියාවලියකට ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් දවස, දෙක, සතිය දෙක, මාසේ දෙක ලෙස නොදැනීම තව අවුරුදු දෙකක් කල් නොදී හෙට, අනිද්දම අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග අවස්ථානෝචිතව ගනු ඇතැයි සිතමි. අපි ඒ සඳහා සුදානමින් බලාසිටිමු.
ඕන්න මහින්ද ඇනගන්න තැන .
පරණ පිළිවෙලටම ආයෙත් වැඩ පටන්ගමු නේද ?