හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම මානතිව් ප්‍රදේශයේ පොහොට්ටුවෙන් තරග කර පරාජයට පත්වු අපේක්ෂකයකු ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය භාවිතා නොකරන ලෙස අද ( 12 ) තර්ජනය කිරිමත් සමඟ ඇතිවිමට ගිය කැළඹිමක් පුත්තලම පොලිසිය මැදිහත්ව වලක්වා තිබුණි.
මෙවර පළාත් පාලන මැතිවර්ණයට පොදුජන පෙරමුණින් පුත්තලම ප්‍රාදේශීය සභාවට මනතිව් කොට්ඨාශයෙන් තරග කළ අපේක්ෂකයා කෝපයට පත්ව තිබුනේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුන අපේක්ෂකයාට මානතිව් ජනතාව ඡන්දය ලබා දි ඔහු ජයග්‍රහණය කිරීම නිසාය.
පරාජීත අපේක්ෂකයා මානතිව් ක්‍රිඩා පිටිය තමන් ප්‍රතිපාදන යොදා ඉදිකර ඇති බවත් එහි ක්‍රීඩා නොකරන ලෙසට ගම්මානයට කඩා වැදි තර්ජනය කිරීමත් සමඟ ගම්වාසින් එයට විරෝධය පා තිබේ.
වනාතවිල්ලුව පුත්තලම මාර්ගය මානතිව් මංසන්දියෙන් වසා දැමිමට කටයුතු කිරීමත් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇතිවීමට ගිය තත්ත්වය පාලනය කර වලක්වා අදාල පරාජීත අපේක්ෂකයා සහ ගම්වාසින් පොලිසියට කැඳවා එය විසදන බවට පොරොන්දු විමත් සමඟ තත්වය පාලනය කිරිමට හැකි වු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් හදන්නේ කෙලවගන්න
අනාගත පොහොට්ටු පාලනයක පෙරහුරුවක්!!
කිසිම මහජන මුදලින් ඉදිකරන ස්ථානයකට දේශපාලුවන්ගේ නම් නොදැමීමට නීති සම්මත කලයුතුවේ.
හොඳ වෙලාවට පැරදුනේ... දින්නානම් ?
අනාගත පොහොට්ටු පාලනයක පෙරහුරුවක්-එක තමා දේසපාලනය නොහිතා ගමට හොද අය තෝරාගන්න කියුවේ
මුන්ගේ හැටි ඔහොම තමයි
ඔහොම ඉරිසියාකාර කුහක අය තමයි පොහොට්ටුවෙන් ඉල්ලුවේ කොහෙත් .. සුබ අනාගතයක්
අපිට තිබුන පාලනය මතක් කරලා දෙනවා වගේ
දිනුව සමහර අයගේත් ලොකු වෙනසක් නෑ..
පැරදිලා ඔහොමනං ආණ්ඩුව ලැබුනොත් කොහොම හිටීද?