(සිරාජ් හසීම්)
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට අනුව පවතින ජාතික ආණ්ඩුව ශක්තිමත් කිරීමේ උත්සහායක් දෙමළ ජාතික සන්ධානය විසින් ගෙන යන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සන්ධානය තුළ සාකච්ඡා ආරම්භ වී තිබෙන බවත් එම සන්ධානයේ දේශපාලන ආරංචිමාර්ග ලංකාදීපයට සදහන් කර සිටීයි.
මැතිවරණයෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පෙරමුණට පැමිණීමත් මහින්ද රාජපක්ෂ මහතා නැවතත් බලයට පැමිණීමේ වැඩි ඉඩකඩක් පැවතීමත් එතුළින් උතුරේ අර්බුදයට විසදුමක් මෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහායද වැළකීමේ අවධානමක් පැවතීමත් මත් මත දෙමළ ජාතික සන්ධානය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයින් මූලිකත්වය ගනිමින් සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයින් හා නියෝජිතයින් සමගින් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇත.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතාද යාපනයේ පිහිටි සිය කාර්යාලයේ ඊයේ වනදා විශේෂ සාකච්ඡාවක් කැදවා ඇත්තේද නිකුත් වූ මැතිවරණ ප්‍රතිඵලයට අනුවය.
මෙහිදී සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හා නියෝජිතයින් වෙත අවධාරණය කර ඇත්තේ උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒම,නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කරගැනීම, ඇතුළු දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සෙවීමට ඇති එකම ක්‍රියාමාර්ගය පවතින රජය ශක්තිමත් කිරීම බවය.එමෙන්ම වත්මන් රජය බිදවැටීමට කිසිවිටක ඉඩ නොතැබිය යුතු බවය.
ලැබූ ඡන්ද ප්‍රතිඵලය මත ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එජාපය සමගින් එක්ව ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කර සිටින බව එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකුද කරන ලද විමසීමකදී සදහන් කළහ.
එමෙන්ම දෙමළ ජනතාවගේ මූලික ගැටළුව විසදීම සදහා දෙමළ ජාතික සන්ධානය හා උතුරේ සෙසු දේශපාලන පක්ෂද සම්බන්ධ කරගැනීමටද කටයුතු කර සිටින බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ විපක්ෂ නායකකම විසි කරලා ආණ්ඩුවට එකතු වෙන්නකෝ... විපක්ෂයේ වගකීම කරන්නේ නැහැනේ... තමන්ගේ දේවල් විතරයි බලන්නේ..
ප්‍රාදේශීය සභා මධ්‍යම රජයෙන් පාලනය දුර්වල නොකර ඕනේ දෙයක්.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහයද වැළකීමේ අවධානමත්, පැවතීමත් මත දෙමළ ජාතික සංධානය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. ඒ කියන්නේ දෙමළ සංධානයේ කට්ටිය දන්නවා... මේ ආණ්ඩුව තියා ගත්තොත් ව්‍යවස්ථාව සංශෝධනය කරලා රට පෙඩරල් කරගන්න පුළුවන් කියලා. ඕක අපේ සිංහල මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. හැමදේටම හොරා කිය කියා හිටියම හරි....
මෙම රට බෙදීමට කටයුතු කරන ජාතිවාදි දෙමළ නඩයට දැන්වත් පාඩමක් ඉගැන්විය යුතුයි.
එහෙම වුණොත් එජාපයට මහ මැතිවරණයේදී වලටම යන්න තමයි වෙන්නේ...
අනේ ගම් ඔක්කොම කන්න එපා..
පොහොට්ටුවේ ආරම්භයද අවසානයද මෙයම වේවි...? රටක් වශයෙන් ඉදිරියට යාමට දෙමළ ජාතික සංධානය සමග ආණ්ඩු බලය පිහිටුවීම යනු ලෝකයේ කොන්වීමට යන අපේ රට ඉහළ ස්ථානයකට ලඟාවීමට හැකි බව ළිං ගෙම්බෝ නොවන ගෝලීයකරණය පිළිබඳ අවබෝධයක් ඇති සියලු දෙනාට වැටහෙනු ඇත.
කල දුටු කල වල ඉහගං කියන්නේ මේවට තමා... එජාපෙත් එක්ක ගිවිසුම් ගහලා ආණ්ඩුවක් හදාවි... හදලා ඒ අයට ඕනෑ දේවල් ගේමක් නැතුවම අර ගනී...
ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට...
ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ගෙනඒමට 1956 තරම් ඈත කාලයේදී බණ්ඩාරනායක මැතිතුමා උත්සාහ කළා. නමුත් අසාර්ථක වුණා. ඉන්පසු නායකයන් කිහිපයක්ම (මහින්ද රාජපක්ෂ ඇතුළුව) මෙම උත්සාහය දරුවා. නමුත් එය අසාර්ථක වී අපට අපේම සහෝදර ජනතාවක් සමග යුද්ධ කරන්න වුණා. දැන් අප නැවතත් ආරම්භක ස්ථානයටම පැමිණ ඇත. අප මෙම අවස්ථාව පැහැරහැරිය නොහැක.
දෙමල පක්ෂ වලට ලැබිලා තියෙන ඡන්ද ප්‍රමාණය ගෙන බලනකොට මෙයාලට රටෙන් කොටසක් ඉල්ලන්න පුලුවන්ද ජවිපෙ එකටත් වඩා අඩු ඡන්ද ටිකක් මෙයාල අරන් තියෙන්නේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු හා පාක්ෂිකයින් ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන්නේ නැහැ. ඒවගේම මේ ප්‍රදේශිය සභා මැතිවරණයේදීත් ජනාධිපතිතුමා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ බුලත් කොලයට ඡන්දය දීලා නැහැ. 2\3 බලය පාර්ලිමේන්තුවේ රැකගැනීමට පමණක් මේ අයට ඇමතිකම් දී රඳවා ගැනීමේ වැඩක් තියෙනවද.
දෙමල ජාතික සංවිධානයේ ක්‍රියාව අගය කරමු. නව වඩාත් ප්‍රජාතන්ත්‍රික නව ව්‍යවස්ථාවකින් රටේ සුළු ජනතාවගේ ප්‍රශ්න විසඳා රටක් ලෙස ඉදිරියට යමු. නිතරම සුළුජාතීන් සම්බන්දව අවිශ්වාසයකින් නොබලන්න. ප්රභාකරන් දැන් නැත නැවත බිහිවෙන්නේත් නැත. සිංහල දමිල මුස්ලිම් සියල්ලට අවශ්‍යව ඇත්තේ ඒකිය රටක නවින තාක්ෂණය නිදහසේ භාවිතා කරමින් ජීවත් වන්ට මිස ජාතිවාදී කිතිකැවීම් සහ ඇනුම්පද ඇසීමට නොවනු ඇත. දකුණේ අය උතුරේ ඉඩම් අයිතිය ගැන කතාකලද දකුණේ අය උතුරේ ජීවත්වීමට සූදානම්ද? කරුණාකර ලිංමැඩි ආකල්පවලින් මිදෙන්න. මේ ගෞතම බුද්ධ රාජ්‍ය නම් බුදුන් වදාල දහම අනුව සිතන්න පළමුව තමා තමාට උපමා කරගන්න. බුද්ධාගම යනු පන්සල් වලට ගොස් මල පහන් හඳුන්කූරු දැල්වීම නොව බුදු වදන අනුගමනයයි. සල්ලිවලට බණ අහන ජාතියකට මේවා නොවැටහෙනු ඇත.
දෙමල පක්ෂවලට තියෙන්නේ 4% කට අඩු ඡන්ද ප්‍රමාණයක්. එහෙම එකේ ඔව්න්ට මෙතරම් ප්‍රදේශී සභා ලැබීම සුදුසු නැහැ මීට වඩා ඡන්ද ප්‍රතිශතයක් තිබෙන ජනතා විමුක්ක්ති පෙරමුණට එකම ආසනයක්වත් නැහැ ඉතින් අපි මොකටද වෙනම ව්‍යස්තාවක් හදන්නේ 4% වැඩ අඩු ප්‍රතිශතයක් තිබෙන දෙමල සන්ධානයකට.
රට බෙදීමේ අවශ්‍යතාවය තියෙන්නේ 3% කටත් අඩු ප්‍රමාණයකට. වෙන විදියකින් කිව්වොත් ලක්ෂ 3 කටත් අඩුවෙන්. ඔවුනුත් අනික් ගොඩට ගත්තහැකි. ඔවුන්ගේ දේශපාලකයෝ සැප විදින්න යන්නේ මේ 3%. හොඳ රැකියා ,අදායම් මාර්ග දීලා ,මොළෙත් සුද්ද කලොත් ඔය අය 1% කරන්න පුළුවන්. ඔවුන්ගේ අදුරදර්ශි දේශපාලකයන් ලඟට ගත්තොත් ලොකු අපකීර්තියකට පත් වේවි.