( මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි )
බොරැල්ල - මීගොඩ මාර්ගයේ අතුරුගිරිය පෝරේ කනත්ත පාර අසලදී පොලිස් යතුරු පැදියක් නවතා තිබූ බහාලූම් රථයක ගැටීමෙන් පොලිස් යතුරුපැදියෙහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අතුරුගිරිය ඥානවිමල මාවතේ පදිංචිව සිටි ආර් ඒ නිහාල්රත්න නමැති 56 හැවිරිදි තිදරු පියෙකි.
අනතුර සම්බන්ධයෙන් බහාලුම් රථයේ රියදුරු සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම බහලුම් රථයේ රියදුරුට ඇප නෑ. "එල්ලුම්ගස්" තමයි...
පොලිසියට කැමති විදියට තමයි නීතිය ක්රියාත්මක වෙන්නේ ?
පොලිස් රාලහාමි හප්පගෙන තියෙන්නේ නවත්තලා තිබුණු වාහනයක. ඉතින් ඇයි නවත්තලා තිබු වාහනයේ රියදුරු අත්අඩංගුවට ගන්නේ?
හෙඩින් එක ටිකක් නොගලපෙන බවක් පෙනෙන්නේ නැත්ද..
පේනවානේ ෆුල් ෆෙස් හෙල්මට් එකක් දාල හිටියනම් ජීවිතේ බේරෙන්න ඉඩ තිබුනා. දියුණු රටවල් ෆුල් ෆෙස් හෙල්මට් පලඳින්න කියලා අනිවාර්ය කරන කොට අපේ රට ෆුල් ෆෙස් හෙල්මට් තහනම් කරන්න නීති ගේනවා.
අනේ Cisco ඔයා ඉන්නේ මොන රටේද? මේ ඉන්දියන් සාගරයේ අමුතු ඇටය නේ.
Cisco, ලොරිය පාර අයිනේ බාගයක් පාරට සිග්නල් ලාම්පු කිසිවක් දාලා නැහැ. නවත්තලා තියෙන්නේ රියදුරු නෙවෙයි පොලිසියෙන්. මෝඩකම ප්රදර්ශනය කරන්න එපා.
ඒකට තමයි සිරි ලංකා පොලීසිය කියන්නේ.
පොලිස්කාරයො දෙන්න බීලා පාරෙ යන්න ඇති ඒකට අනිත් මිනිස්සු පලිද