විනීතා එම් ගමගේ
පළාත් පාලන මැතිවරණය පැවැති අද (10) මධ්‍යහනය වන විට විවිධ අකටයුතුකම් පිළිබඳ පැමිණිලි 75 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබු බව පැෆරල් සංවිධානය කියයි.
මේ අතර පහරදීම් කිහිපයක්ම තිබූ බව ද එම සංවිධානය පවසයි.
රඹුක්කන එජාප අපේත්ෂකයෙතුට හා යාපනය ඊපීඩීපී අපේක්ෂකයෙකුට පහර දීම් පිලිබඳ සිද්ධීන් දෙකක් ද පුත්තලම හා මන්නාරම වාහන දෙකකට පහරදීම් ද වාර්තා වූ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
කල්පිටියේ එජාප ආධාරකරුවන් දෙදෙනෙකුට පහර දී ඇති බවත් නාවලපිටියේ ඡන්දපොල නියෝජිතයෙකුට පහර දීම නිසා ඔහු රෝහල් ගත කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඡන්දය සළකුණු කිරීමෙන් පසු එය ඡායාරූප ගතකළ පුද්ගලයෙක් කළුතර මොරගල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බව ද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් පොදුවේ බලන කළ ප්‍රචණ්ඩත්වය අඩු මැතිවරණයක් ලෙස මෙම මැතිවරණය පෙන්වා දිය හැකි බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd