( තිළිණි ද සිල්වා )
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව දෙමළ ඩයස්පෝරාව විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
බ්‍රිතාන්‍ය දෙමළ සංසදය හා කොටි නායකයෙකු වන වී.රැද්රකුමරන් ගේ නායකත්වයෙන් යුතු දෙමළ ඊළාම් සංක්‍රාන්ති ආණ්ඩුව එක්ව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (09) රාත්‍රී යේදී පමණ එම උද්ඝෝෂණය පැවති බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටෟ.වාර්තා වේ.
පසුගිය 04 වනදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවති අතර එම උද්ඝෝෂකයින්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් අභිනයෙන් සිදුකළ දැනුම්දීමකට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවති බව වාර්තා වේ.
කෙසේවෙතත් අදාළ උද්ඝෝෂණයට සමගාමීව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සහය පළ කිරීමට එම ස්ථානයට පැමිණ තිබේ.
එලෙස පැමිණි ශ්‍රී ලාංකිකයින් හට උද්ඝෝෂකයින් විසින් පහරදීමට ද උත්සාහ කීරීමක්ද සිදුව ඇතැයි සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ කියන විස්තරය අපේ රටේ නායකයෝ කියන උන්දැලා පත්තරෙන්වත් දැක්කද දන්නේ නැහැ? ත්රස්තයන්ට කිරි පොවන්න, සුදුහුණු ගාන්න නම් ඕනෑතරම් මූසල දේශපාලකයෝ ඉන්නවා. නමුත් මේ ගැන හොයන්න මේ අයට පේන්නේ නැහැ. කිලිනොච්චිය මැදවච්චිය කියපු අය ඉන්න රටේ , ඕනෑම හරකෙකුට යුද්ද කරන්න පුළුවන් කියපු අය ඉන්න රටේ තව අපි මොනවා බලාපොරොත්තු වන්නද?
සිංහලයාට පහර දීමට දෙමල උද්ඝෝෂකයෝ ආවානම් ගහන්න. මොකටද බලබල ඉන්නේ? එහෙම වුණොත් නැවත උද්ඝෝෂණය කරන්න පොලිසිය කාටවත් ඉඩ දෙන්නේ නැතිවෙයි. එ්කයි කරන්න ඕනේ.
එන්න බලන්න! ඔය කියන ඩයස්පෝරාවත් එක්ක. ඔය ඔක්කොම පෝරාවල් අරන් යන්න තමිල්නාඩුවට. ඉන්න ඕනෑනං ලංකාවේ, අනිත් හැම ජන කොට්ඨාශයක් එක්කම සමගියෙන්, සමාදානයෙන් ඉන්න.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ක්‍රියා කලාපය වැරැදියි කියා කිවනොහැකි හේතුව බ්‍රිතාන්‍ය, දෙමළ සංසදය අපේ ජාතික කොඩිය මහපාරේ දමා පාගනවිට ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට දරාගත නොහැකි වේදනාවක් දැනෙනු ඇත. ඔවුන් කලදේ ඉතාම පහත් ක්‍රියාවක්... බ්‍රිතාන්‍ය රජය මේ ගැනත් පරීක්ෂණ කලයුතුයි.