අනීෂා මානගේ
හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(10) උදෑසන වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.
මහින්ද රාජපක්ෂ මහතා සමග ශිරන්ති රාජපක්ෂ මැතිණිය, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා හා හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එක්විය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඩී.ඒ.රාජපක්ෂ මහතා හා ඩී.ඒ.රාජපක්ෂ මැතිණියගේ ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ඡන්දය දාන්නේ මැදමුලන. එතකොට කුරුණෑගල අපේක්ෂකයින්ටවත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ ඡන්දෙ නෑ. හැබැයි කතාව අගමැති වෙන්නයි...
කොහේ ගියත් මොනවා කලත් තම දෙමව්පියන්ට ගරු බුහුමන් කිරීම, දැකීමට ප්‍රිය උපදවන දුලභ දසුනකි.
මල්වට්ටි, පහන් පත්තු කරන ෆොටෝ විතරක් දාන්නේ ඇයි? මුළු ස්මාරකයම පෙන්වන්නේ නැත්තේ කොපි කරයි කියල හිතිලද? නැත්තං ඇස්වහ කටවහ වදියි කියලද? මිලියන අසූවක්, අනූවක් වියදම් කළා කිව්වම සුළු පටු නැහැ ඒකයි. මේකට පිළිතුරු විදිහට බැඳුම්කර හොරු ගැන අහන අයට කියන්නේ රාජ්‍ය දේපළ මිලියන 80 ද මිලියන 12000 කියන එක හිතන්නේ නැතුව දෙගොල්ලෝම හිරේ කූරු ගනින්න ඕනෑ. හොඳම උදාහරණ තමයි ළඟදි රුපියල් 20000 අල්ලස් අරන් අවුරුදු පහක් හිරේ ගිය පොලිස් නිලධාරියා හොරකම් කල ගාණට කාලය තීරණය කරනව නං මේ දෙගොල්ලෝම නිරයේ කාලය ගතවෙන විදිහට සමාන කාලයක් හිරේ ඉන්න ඕනෑ.
මහජන සල්ලි වලින් හදපු ස්මාරකය නේද?
ජනතා මුදලින් ගොඩ නගපු අනුන්ගේ සොහොන් තමයි.
මේ රටේ වැඩකරන ජනතාවගේ කෝටි 9ක බදු මුදලින් තැනූ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව යනුවෙන් නිවැරදි විය යුතුයි...
ඔබට ජය ජනපතිතුමනි..!
දෙවැනි පින්තුරයට මගේ ප්‍රතිචාරය: "සෙනෙහසේ සේනාධිනායක" තුමන්ගේ ආයු, වර්ණ, සැප, බල, සහ ප්‍රඥාව උතුර උතුරා වාන් දැමේවා !!!
මහින්ද රාජපක්ෂ මහත්තයා අද රෑට පරාජය වනු නියතයි..
ඔබ දිනනවා ඒකාන්තයි.. ජය වේවා !!!
පොහොට්ටුව ඡන්දය දුන්නාට.. පරාජය පිළිගන්න වෙනවා.
2015 ජනාධිපතිවරණයේදී එක්ක ගෙන ආපු "ඩමිය" එක්ක ගෙන ආවේ නැතේයි?
කෝ අර ප්‍රතිරුපකයා? එයාට මොකද වුණේ?
මේ පාර සල්මන් ඛාන් ආවේ නැතෙයි?
මේ ඩුප්ලිකේට් සිරිසේන නැත්ද?
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඩී.ඒ. රාජපක්ෂ මහතා හා ඩී.ඒ.රාජපක්ෂ මැතිණියගේ ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, " මේ මුණුපුරා රජකරවන්න කියා අප්පච්චිගෙන් ඉල්ලා " ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියා. මොකද ඡන්දෙ දවසෙම මල් පිදුවේ? එයාලගේ සංවත්සරයත් අදටම වැටිලා තිබ්බද? මේකද මහජන මුදලින් කෝටි ගණනක් වැයකර හැදුවේ? බැලූබැල්මට නම් ඒක යකඩෙන් හදපු වෙසක් කුඩුවක් වගේ කියලත් ආච්චි කියනවා! අනේ මන්දා...