සමන් විජය බංඩාර
රඹුක්කන ප්‍රාදේශිය සභාවට තරග වදින එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයෙකුට එම පක්ෂයේම ආධාර කරුවන් පිරිසක් තර්ජනය කර පහර දී ඡන්දය දැමීමට නොයන ලෙස පවසා තිබේ . මේ වන විට අපෙක්ෂකයා මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
සිද්ධිය අද (09) බැද්දවල ප්‍රදේශයේදි සිදු වී ඇති අතර . එම අවස්ථාවේ කිසියම් කටයුත්තකට අපෙක්ෂකයා රඹුක්කන බැද්දවල ප්‍රදේශයේ කඩයකට ගොස් ඇති අතර එහිදි ඔහුට නිර්ණාමික දුරකථන පණිවිඩයක් ලැබි ඇත.
එම පණිවිඩයෙන් ඔහුට පවසා ඇත්තේ ඡන්දය දැමීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත හෙට දිනයේ නොයන ලෙස මැර තර්ජනයකි.
එම දුරකථන පණිවිඩය ලබා දි විනාඩි කිහිපයක් ගත වන විට පිරිසක් ත්‍රීරෝද රථයකින් පැමිණ පහර දි ඇති අතර ඔවුන් එක්සත් ජාතික පක්ෂයේම ආධාර කරුවන් බව තොරතුරු අනාවරණය වී තිබේ.
රඹුක්කන පොලිසිය වෙත රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අපෙක්ෂකයාගේ බිරිඳ පැමිණිලි කර ඇති අතර මේ වන විට පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වන බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් එකාට ගහලා හරි මේ හදන්නේ අපිට සේවය කරන්නනේ. අනේ අපි වගේ වාසනාවන්ත ජනතාවක් ලෝකේ වෙන කොහෙද ඉන්නේ?