(අනුරාධපුර - උපාලි ආනන්ද)
කැකිරාවේ හෝටලයක් තුළ පවත්වා ගෙන ගිය මහ පරිමාන සූදු (බූරු) පොලක් වටලා සැකකරුවන් 36 ක් සහ රුපියල් හය ලක්ෂ දෙදහසක මුදලක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අතර ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු, මානව හිමිකම් ආයතනයක පුද්ගලයෙකු, පුද්ගලික ආයතනයක විධායක නිළධාරියෙකුද ඇතුලු විවිධ රැකියා වල නියුතු පුද්ගලයින් වේ.
සැකකරුවන් කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුරු ගහන්නන්ගේත් මානව හිමි කම් ආරක්ෂා කරන්න යන්න ඇති.
බුරු ගැසීමත් මානව හිමිකමකි ( එයද කීඩාවකි)
මානව හිමිකම් ආයතනය කියන්නේ මොකක්ද හැදින්නුවනම් හොඳයි.
අශ්ව රේස් වලට, බලු රේස් වලට ඔට්ටු අල්ලන එක නීති විරෝධී නැත්නම්, කාඩ් කුට්ටමේ කොළවලට ඔට්ටු අල්ලපුවහම නීති විරෝධී වෙන්නේ කොහොමද ? මේ ක්රමෙන් රජයට බදු එන්නේ නැති නිසා නේද තහනම් කරලා තියෙන්නේ ?
බුරු ගැසීම මානව අයිතීන්ගෙන් බැහැර දෙයක්ද?
එතකොට බදු ගෙව්වොත් විතරද ඕනෑම දුෂිත වැඩක් නීතිගත වෙන්නේ? රට වටේම තියන සූදු පොළවල් ආ....... සමාවන්න ලයිසොන් සූදු පොළවල්වල කාඩ් සෙල්ලම් ගැන මොකද කියන්නේ?
බූරු ගැසීමත්, ගොන් ගැසීම මෙන්ම මානව අයිතිවාසිකම් සහිත ක්රීඩාවකි. මේවා ක්රීඩා බද්දෙන් නිදහස් කල යුතුයි.