තිළිණි ද සිල්වා
ශ්රී ලාංකික සම්භවයක් සහිත බි්රතාන්ය පාර්ලිමේන්තු මන්ත්රී රනිල් ජයවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්රී ලංකාවේ බි්රතාන්ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
බි්රතාන්ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස රනිල් ජයවර්ධන මහතා අද (7) පත්වීම් ලැබූ අතර එම පත් කිරීමෙන් පසු හෙතෙම මෙලෙස පැමිණේ.
ඔහු සිය ශ්රී ලංකා සංචාරයේදී ලංකාව සහ බි්රතාන්යය අතර වෙළඳාම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් මෙරට රජයේ ඉහළ පෙළේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද බි්රතාන්ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ජයවර්ධන මහතා ලබන 17 වැනි දා තෙක් දිවයිනේ රැඳී සිටින අතර .ඔහු ශ්රී ලංකාව සම්බන්ධයෙන් වන බි්රතාන්ය සර්ව පාක්ෂික පාර්ලමේන්තු කණ්ඩායම් සභාපතිත්වයද ඉසුලනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනාධිපතිතුමා නම් සිංහයා වගේ ඉන්නවා.
අනේ මහත්තයෝ අපේ අයට ටිසුෂන් පන්තියක් දාලා ටිකක් දේශපාලනය උගන්නන්නකෝ... හැබැයි පන්ති ආවත් අර ගොඩේ පුරුද්දට කැලේ පනියි. මොකද ඉන්න වැඩිහරියක් ඕ ලෙවල් වත් පාස් නැති අයලු...
මල්ලියේ නුඹ අාවට නම් කිසිඳු ගැටළුවක් නැත. අපේ දියවන්නා ඔයේ ඉන්න "අම්බරුවෝ රෑන" තොත්ත බබාලා වගේ හතරට ගැන ගන්න බැරි විදියට කතා කරනවා. අහුවෙන්න නම් එපා.. අපගේ මව්බිම කාල නැත්තටම නැතිකරලා තියෙන්නේ...
අනේ මහත්තයෝ වෙළඳාම කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ඉන්න සත්තු ටිකට පාර්ලිම්ර්න්තුවේ හැසිරෙන්නේ කොහොමද කියල දේශනයක් දෙන්නකෝ
මෙයා එංගලන්ත පුරවැසියෙක් . දිවුරුම් දීමෙන්ම නියෝජනය කරන්නේ එක්සත් රාජධානිය.
මල්ලියෙ බැරිද ලොක්කට කඩ්ඩ ටිකක් පුරුදු කරලා යන්න.
බණ්ඩාර! කැප්පෙටිපොළගේ උදාහරණය ගන්න. සුද්ද එතුමාට කඩුව විතරක් නොවෙයි තුවක්කුත් දුන්නා. නමුත් මාතෘභූමිය වෙනුවෙන් සටන් කළ ස්වදේශික හමුදාවට නායකත්වය දෙන්න සුද්දගේ කඩුවයි, තුවක්කුවයි ආපහු දුන්නේ ජාතික අභිමානයක් එතුමාට තිබුන නිසයි. අපිට සුද්දගේ කඩුව ඕනේ නැහැ. ජනාධිපතිතුමා ඉතා නිවැරදිව මව් බස පාවිච්චි කරනවා. අපට ඒ ඇති.