මහින්ද නිශ්ශංක
දින 15 ක් පමණ ධාවනය නොවු කොළඹ- මඩකලපුව හා මඩකලපුව - කොළඹ දුම්රිය චීන මැදිරි වෙනුවට රූමේනියන් මැදිරි යොදවා හෙට (8) සිට නැවත ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
චීන මැදිරි සහිතව ධාවනය වු මෙම දුම්රිය දුම්රියන් හා නියාමකවරුන් ක්රියාත්මක කරන චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් පසුගිය 24 වැනි දා සිට අද (7) දක්වා ධාවනය නොවු බවද දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ හුටපටේ චීන මැදිරිත් එක්ක?
මේවා ගෙනාවේ අපිද ? ජනතා අපේ මුදල් බව පිලිගනිමි .
මා දන්නා තරමින් පසුගිය දිනවල ධාවනය නොවූයේ කොළඹ කොටුව - මඩකලපුව "උදය දේවී" නගරාන්තර සීඝ්රගාමී දුම්රියයි. මීනගයා නොවේ. මීනගයා යනු කොළඹ කොටුව - මඩකලපුව රාත්රී තැපැල් දුම්රියයි.
රූමේනියන් මැදිරි චීන මැදිරි වලට වඩා හොඳ බව මේවා ආනයන කිරීමට බලය දුන් අයට කියා දුන්නේ කවුද ? චීන ජනතාව වෙනුවෙන් නිපදවන භාණ්ඩ වලට වඩා පහත් තත්වයක භාණ්ඩ ඔවුන් නිපදවා අපනයන කරන බව කවුරුත් දන්නා රහසක් ! කොහොම වුනත් රූමේනියන් මැදිරි වල තිබෙන්නේ උසස් යුරෝපිය තත්වයන්, තාක්ෂණික වැදගත්කමක් බව කවුද නොදන්නේ ? මේ මැදිරි යොදාගෙනත් මීනගයා දුම්රිය ධාවනය නොකිරීමට දුම්රිය නියාමකවරුන් යලිත් වරක් වෘත්තීය ක්රියාමාර්ගයක් ක්රියාත්මක කලොත්, චීන මැදිරි සමග රූමේනියන් මැදිරිත් පංචිකාවත්තේ පරණ යකඩ කඩවලට හෝ ඉන්දියාවේ පරණ යකඩ කඩවලට විකිණීමට තමා සිද්ද වෙන්නේ !
මොන මැදිරි දැම්මත්... මැදිරි අදින්නේ කැනේඩියන් එන්ජිමකින් බව පේනවා.