අමල් වික්‍රමරත්න
ප්‍රධාන ඉල්ලීම් 03ක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර බව රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්ම කීර්ති ඈපා මහතා පැවසීය.
විකිරණ තාක්ෂණවේදීන්ගේ රාජකාරි වෙනත් පුද්ගලයින්ට පැවරීමල විකිරණ තාක්ෂණවේදීන්ට හිමි ශිෂ්‍යත්ව වෙනත් අයට ලබාදීම සහ අමතර සේවා ගෙවීමේදී ඇතිවී තිබෙන ප්‍රශ්න විසදා දෙන ලෙස අමාත්‍යංශ මට්ටමින් සාකච්චා සිදුකලද මෙතෙක් ඒවාට විසදුම් නොලැබීම හේතුවෙන් මෙසේ වර්ජනය කරන බවට ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සංකේත වැඩවර්ජනය මගින් ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් ලබන 15 පසුව සියලු සේවාවන් වලින් ඉවත්වන බවට තීරණයක් ගෙන ඇති බවද එතුමා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ අත ළඟ නිසා මාරුවෙන් මාරුවට එක එක ඉල්ලමින් රටේ වැඩ වර්ජන රැල්ලක් රටේ දැන් ආරම්භ වෙලා. සාමාන්‍ය ජනතාව කුමක් ඉල්ලා වර්ජනය කරන්නද?
ජය වේවා. ඔබලාගේ සියලුම ඉල්ලීම් ලැබේවා. ඔබලාගේ පමණක් නොවෙයි සියලුම රජයේ රෝහල් සම්බන්ද කාර්ය මණ්ඩලවල (සියලුම දොස්තරවරු, සියලුම හෙද හෙදියන්, සියලුම සුළු සේවකයන් ඇතුළු රෝහල් පද්දතියට අයත් සියලුම දෙනාගේ) සියලුම ඉල්ලීම් ලබා ගැනීමට හැකි වේවා. ජිවිත රකින ඔබලා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවලට අයත් සියලු දෙනාට අපගේ පුර්ණ සහයෝගය.
අනේ! නුඹලාගේ වර්ජන. නුඹලාගේ දෙමවුපියන් වගේ ඉන්න විය පත් සහ දුප්පත් රෝගීන්ට විතරයි ඕවායේ බලපෑම තියෙන්නේ. ඔය වර්ජනය කරන දොස්තරලා සවසට පුද්ගලික රෝහල්වල චැනල් කරන රෝගීන්ට ප්‍රතිකාර කරනවා. නැහැයි කිව්වොත් මම ළඟ දොස්තරගේ නම, දිනය, වෙලාව වෙන්කරලා බෙහෙත් ගත්තු රිසිට් එක තියෙනවා.
මල්ලිලා රටට හෙන ගැහුවත් කමක් නැහැ.. ඉල්ලපල්ලා.. අපි විතරක් කාල ජොලියේ ඉඳිමු.
මං මේ හරි දුකෙන් හිටියේ, අනේ ඉස්පිරිතාලවල වර්ජනයක් දකින්න නැහැනේ කියල. දැන් සන්තෝසයි, කට්ටිය ඉල්ලීම් ලැබිල යනකොට තරහ නැතුව තව පිරිසකට වර්ජන කොන්ත්‍රාත් එක පවරලා යන්න මතක ඇතුව. නැත්නම් අපට නින්ද යන්නේ නෑ.