(රේඛා තරංගනී ෆොන්සේකා)
ජීවිත හතරක් බිලි ගත් අනාරක්ෂිත දුම්රිය මගට ආරක්ෂිත වැටක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දුම්රිය උප දෙපාර්තමේන්තු තුනකින් යුත් කමිටුවක් පත් කළ බවත් කඩිනමින් අනාරක්ෂිත ස්ථානයට ආරක්ෂිත වැටක් ඉදි කිරීමට ක්‍රියා කරන බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරි එස්.එම්.අබේවික්‍රම මහතා පැවසීය.
අදාල ස්ථානය අනතුරු බහුල ස්ථානයක් බවට තමාද හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසීය.
දුම්රිය උප දෙපාර්තමේන්තු වන සංඥා අංශය,ධාවන බල අංශය,මාර්ග නඩත්තු අංශය මේ සඳහා පත් කල කමිටුවට සම්බන්ධ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
යම් ස්ථානයන්ට දමා ඇති යකඩ වැටවල් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අවස්ථාද ඇති බව පවසන දුම්රිය සාමාන්‍යාධිකාරි වරයා අඟුලාන දුම්රිය මගේ අනාරක්ෂිත ස්ථනයට සිමෙන්ති බැම්මක් යොදනවාද යන්නත් සොයා බලන බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩි 10න් 10ට කොන්ක්‍රීට් කණු සිටුවා අතරට පලඉනි සිටෙව්වා නම් ලාභයි.. ලේසියි.
දැන් කාලේ වැටක් ගහන්නත් කොමිටි එකක් ඕනෑ. පුදුම රටක්. වැටට යන ගාණටත් වඩා කොමිටි එකට සල්ලි වියදම් කරයි.
ඔහොම බැලුවොත් වැටවල් ගහන්න තව ඕනෑතරම් තැන් තියෙනවා. මේක හොඳ තීරණයක් නෙවෙයි. නිකම් සල්ලි වියදමක්... කරන්න ඕනෑම නම් කැඩුණා. පාවිච්චියෙන් අයින් කරපු කොන්ක්‍රීට් සිල්පර රේල් පාරට ඉඩ තියලා අයින දිගේ දාගෙන යන්න. වාහනයේ රෝදය ඒකේ වැදුණාම රියදුරා නවත්ත ගනියි. ලාබයි. සරලයි. ලේසියි. හැබැයි කාටවත් කොමිෂන් නම් නෑ.
ජීවිත බිලි ගත්තාටත් පස්සේ තවත් කොමිටි පත් කරලා වැඩක් තියෙනවද? පුළුවන් ඉක්මනට ගේට්ටුව දැම්මා නම් හරිනේ .... මේවා කොමිටි නෙමේ කොමඩි...
මෑත ඉතිහාසයේ එම ස්ථානයේ එවැනිම අනතුරු සිදුවූ දෙවන අවස්ථාව
කොමිටි එපා. මිටියක් අරන් කනු ටිකක් හිටවන්න. කොමිටි දෑම්මෝත් අර මහදෑනමුත්තා වගේ කේස් එකක් වෙලා තව අවුරුදු 3කින් විතර ලී වැටක් ගහයි. නැත්නම් රේල්පාර අරන් දායි..
මේ අයට ආරක්ෂක වැටක් දාන්නත් කොමිටියක් ඕනෑ නම් අනිත් වැඩ කරන්නේ කොහොමද? දුම්රිය සාමාන්‍යාධිකාරී වෙලත් මෙවැනි තැනකදී තීන්දුවක් ගන්න බැරිනම් ඒ තනතුරේ ඉන්න එකේ ඇති වැඩේ මොකක්ද?
එක්කෙනෙක් කියනවා පාර දිගේ සිල්පර දාන්නලු. තව කෙනෙක්ට බැම්මක්. තව කෙනෙක්ට කණු. එතකොට මෙතනම අදහස් කීයක්ද? කොයිකද හරි? ඒක තමයි කමිටුවක් දාලා හොයන්නේ. ඒත් මේ මොන විසඳුම දැම්මත් පාපුවරුවේ යනවා කියන්නේ මේ අවදානම දරන්න වෙනවා.
ලොකු තැන පටන් පොඩි තැන දක්වා කිසිම තීරණයක් ගන්න බැරි වැනෙන්නෝ. ඉතින් කාටද කියන්නේ මේවා
දුම්රිය මැදිරි ගණන වැඩිකරලා පාපුවරුවේ යාම තහනම්කරන්න