රෝවන් පෙරේරා
2018 පෙබරවාරි 10 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 587683ක් සඳහා මධ්‍යස්ථාන 453 ක ඡන්දය සලකුණු කිරීමට නියමිත බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා කියයි.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ආරක්ෂිතව ගබඩා කර තිබූ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම සඳහා බෙදාහැරීමේ මධ්‍යස්ථානය වන පුත්තලම හින්දු මධ්‍ය මහා විද්‍යාලය වෙත රැගෙන යාම පොලිස් ආරක්ෂාව මත අද (08) සිදුවීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ සාමකාමී මැතිවරණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් නිතිය කඩ කරන ඕනෑම අයකුට තරාතිරම නොබලා රාජකාරිය සිදුකිරිමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් පුත්තලම කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ජේ ඒ චන්ද්‍රෙස්න මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ජනාධිපතිවරණේදී භාවිතා කල ට්‍රාන්ස්පේරන්ට් ඡන්ද පෙට්ටි වලට මොකද වුනේ. ලී පෙට්ටි භාවිතයේදී හොර වැඩ වෙනවා කියල නේද විනිවිද පෙනෙන පෙට්ටි විශාල මුදලක් වැයකරලා භාවිතා කලේ. වෙනසෙන් පස්සේ දැන් ඡන්ද අක්‍රමිකතා නැවතිලාද? නැත්නම් යහපාලනයේ හැමදේම ආපස්සට යන බවට තවත් උදාහරණයක්ද?