ඩයනා උදයංගනී
අධිවේගී මාර්ගවල වේගසීමා උල්ලංඝනය කරමින් ධාවනය කරන වාහන නිරීක්ෂණය කිරීම සඳහා නව වේග මාපක පද්ධතියක් සවිකිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ අංශය පවසයි.
දැනටමත් සවිකර ඇති මෙම වේග මාපක යන්ත්‍ර පද්ධතිය මෙම මස14 වැනිදා සිට ක්‍රියාත්මක කරන අතර එයින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර වේග සීමා උල්ලංඝනය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථානයන්හි ස්ථාපිත කර ඇති ටැබ් හා මුද්‍රණ යන්ත්‍ර හරහා සිදුකෙරෙන බව එම අංශය සඳහන් කරයි.
එහි වාහන අංකය , නිරීක්ෂණ වේලාව මෙන්ම එම අවස්ථාවේ වේගය ද දැක්වෙන අතර රාත්‍රී කාලයේද මෙම නිරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බව අධිවේගී මාර්ග මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ අංශය කියා සිටී.
අධිවේගී මාර්ගවල සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් සියයට 27 ක් පමණ අධික වේගයෙන් ධාවනය නිසා සිදුවන අතර එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේද සහය ඇතිව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ වැඩ. අනිත් පාරවල් වලටත් මෙහෙම කළා නම් හරි!
ඔව් ඒක හොදයි ඒ වගේම වේග සීමාවල් සටහන් කරනවානම් අධිවේගී මාර්ගයේ වගේ අනික් මහා මාර්ග වලත් ( මීගමු පාර/මිනුවන්ගොඩ පාර) ඔය වගේ මහා මාර්ග වල කිසිදු වේග සීමාවල් සටහන් කරලා නැ
බලමු බස් රථ අල්ලනවද කියලා. ඒ ගොල්ලෝ යන්නේ විදුලි වේගයෙන්. දැන් අාවොත් මම පෙන්නන්නම්.
අතුරු මාර්ග වලත් මෙම නීති ක්‍රියත්මක කල යුතුයි.
ඇයි මෙච්චරකල් තැපෑලෙන්ද දඩකොල එව්වේ පොලිසියෙන් ?
කොහොමත් ත්රීවීලර්කාරයෙක් ඉස්සරහින් යනවානම් වේගය පාලනය වෙනවා
මෙහෙමත් ගොන්නු. රටේ මිනිස්සුන්ගෙ සල්ලි නිරපරාදෙ විනාෂ කරල කීප දෙනෙක් හම්බ කරනවා. ඇමතිලත් ගොන් බැදි කනු. මෙතන කමෙන්ට්ස් දාන අය ඔක්කොටම හපන්. අධිවේගෙන් පිටවෙන කොට දෙන තුන්ඩුවෙ ඇතුල් වුන වෙලාව , පිට වුන වෙලාව, ගමන් කල දුර ප්‍රමානය සටහන් වෙනව. එතකොට මේ දත්ත 3 පාවිච්චි කරල පැයට කිලෝමීටර කීයක වේගෙන්ද ගියේ කියල හොයා ගන්න බැරිද? තව උපකරන වලට සල්ලි නාස්ති නොකර.
මාධව, ඔයාගේ පැහැදිලි කිරීම හොඳයි. ඒත් සේවා ස්ථානයේ නතර කලොත් ඔය ගණනය හරි යන්නේ නැහැ නේද? ඒත් ඔය කැමරා වලින් රෑට ඔය වැඩේ කරන්න අමාරු වෙයි night vision නැත්නම්. ඇයි ඉතින් අධිවේගයේ විදුලි ආලෝක පද්දතියක් නැහැනේ මුළු පාර පුරාවටම.