(තිළිණි ද සිල්වා)
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර ඇතැයි කියන සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් අද (7) දහවල් වනතුරුත් ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී නැතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තුරු විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.
මේ පිළිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය අවශ්‍ය උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාව විසින්ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම එතුමාගේ අතට පත්තරේ ගිහින් නැතුව ඇති. ඉවසලා ඉන්න වෙනවා.
ඕකෙන්, මේකෙන් සුදුවිය හැක්කේ බ්‍රිතාන්‍ය රජයට මෙම නිලධාරියාගේ රාජතාන්ත්‍රික මුක්තිය අවලංගුකර නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබීමයි. දැනටමත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙම නිලධාරියා විසින් "රාජතාන්ත්‍රික මුක්තිය ඇති මහකොමසාරිස් කාර්යාලයෙන් පිටතදී බෙල්ල කැපීම අභිනවයෙන් පෙන්වීම" ජීවිත තර්ජනයක් ලෙස සැලකිය හැකි බව කියා ඇත. මරණ තර්ජන කිරීමකට නොදෙවෙනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය වෙත පැමිණිලි ගණනාවක්ම ඉදිරිපත් වී ඇති අතර, ඔවුන් විසින් අදාළ වීඩියෝ සාක්ෂිය පදනම් කරගෙන විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
රටේ ජනාධිපතිවරයාට අභියෝග කරන අමාත්‍යංශ අපේ රටේ තියෙන්නේ. ජනාධිපතිතුමා නියෝගයක් දුන්නම ඒක ලිඛිතව දෙනකන් බලාත්මක නැද්ද? මේ අමාත්‍යංශයත් එක්ක වැඩකරන්න බෑ කියලා ජනාධිපති කියන කතාව ඇත්ත. පුදුමාකාර පරගැති කමක්. පුදුම නිවටකමක්. මේ පාර ඔයාලා පරදින විදිය ඔයාලටවත් හිතාගන්න බෑ.
රජයේ නොහැකියාව හොඳින් පෙනේ
ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කොටින්ට පුළුවන්නන් අපේ රාජ්‍ය ආයතන ඉස්සරහ උද්ඝෝෂණ කරන්න, කැ ගහන්න, ඇයි අපේ රජයේ හමුදාවට බැරි ඒවාට නිසි පිළිතුරු දෙන්න. අනික මේ මනුස්සයා කෑගහලා, බැනලා, රණ්ඩු කරලා නෙවිනේ. යම් නිවේදනයක් දීලා තියෙන්නේ.
මට පේන විදියට ඔහුගේ බෙල්ලේ කුඹියෙක් වැටිලා කසනවා වගේ. ඒක වරදක්ද ?
මෙහෙමත් ආණ්ඩුවක්.. මහින්ද සර් හිටියා නම් මෙහෙම නැහැ. එල්.ටී.ටීඊ. එකට වඳින මිනිස්සු තමයි මෙතුමගේ සේවය අත්හිටුවන්න හදන්නේ...
අනික දැන් ඉන්න රජයේ සේවකයෝ දේශපාලකයෝ කටින් කියන දේවල් කරන්න කැමති නැහැ. ලිඛිතව දෙනකන් දෙන නියෝග ක්‍රියාත්මක කරන්නේ නැහැ.
ඕකට ජනාධිපති කියනකන් ඉන්න ඕනෙද. ඔයගොල්ලෝ ලංකාවේ මිනිස්සුගේ පඩි අරගෙන වැඩ කරන්න එ් මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න. ඒ වුනාට වෙන්නේ මුන් අපේ පඩි අරගෙන ලංකාවට වින කරන උන්ට කඩේ යනඑක. එලවන්න ඕනේ මේ ඔක්කොම !!!
ජනාධිපතිවරයාට නියෝග ලිඛිතව දියයුතුයයි නියෝග කිරීමට හෝ පැවසීමට විදේශ අමාත්‍යංශයට නොහැක. එය වාචික හෝ ලිඛිතද යන්නද අදාල නොවේ. අමාත්‍යංශයට කල හැක්කේ නියෝගය ක්‍රියාත්මක කිරීම පමණි, මෙය විදේශ සේවයේ විහිළුසහගත බව කදිමට ඔප්පු කල තවත් අවස්ථාවක් පමණි. ජනාධිපතිවරයාගේ නියෝගය ලිඛිතව එවීම ජනාධිපති කාර්යාලයෙන් පසුව කිරීම පිළිගත් ක්රමවේදයයි. ඔලුව උද්දුම්මාගත් මෝඩයන් පිරි විදේශ සේවය සුද්ද කිරීමද කලයුතුයි.
විදේශ අමාත්‍යංශයේ කවුද වහාම ක්‍රියාත්මක වෙන විදියට මෙම නිලධාරියාගේ වැඩ තහනම් කලේ. අපේ වීර හමුදා නිලධාරීන් අදටත් රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම මුළු මහත් හමුදාවටම ගෞරවයක්.
මෙතන ලියන සමහරු හිතේ තියාගෙන ඉන්නේ තමන්ගේ බිරිඳට ළමයින්ට කියන විදිහට කටින් කියලා රජයෙ සේවයේත් වැඩගන්න පුළුවන් කියලා. රජයේ සේවය කෑවේත් 1977 සිට.