අමල් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අද (08) නාවික හමුදා භාරයට ගත් අතර උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු සීමාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, ධීවරයින් පිරිස නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර හා ජලජ සම්පත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මුහුදු සීමාවට හොඳ තාප්පයක් දාලා වෙන් කර ගත්තානම් මේ කචල් බචල් ඉවරයිනේ. ධීවර ඇමති තුමාට පුළුවනි මේ ව්යාපෘරුතිය සඳහා ටෙන්ඩර් කැඳවන්න. එහෙම කලොත් විදේශීය ඉංජිනේරුවන්ට, විදේශීය කම්කරුවන්ට රැකීරක්ෂා අවස්ථා එහෙමත් සලසා දෙන්න පුළුවනි.