(ඉන්දිකා රාමනායක)
බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ලංකාදීපයට පැවසීය.
සිද්ධිය වූ දිනයේ විරෝධතාකරුවන් එල් . ටී . ටී . ඊ ධඡ ඔසවාගෙන ශ්‍රි ලංකා රජයට චෝදනා කරමින් ප්රභාකරන්ගේ ගුණ ගායනා කරමින් සිටියදී බි්රගේඩියර්වරයා එම ස්ථානයේ සිට සිය අතේ පළදාගෙන සිටි ශ්‍රි ලංකා ධඡය ඔවුනට පෙන්වා ශ්‍රි ලංකා රජය ප්රභාකරන්ගේ ගෙළ මුලුමනින්ම සිඳදා ඇති බවට නිරූපනය කරමින් පෙන්වා ඇතැයි හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමේදී මෙම කරුණු තහවුරු වු බවද හමුදාපතිවරයා කීය.
අන්තර්ජාලයේ පළ වු අයුරින් මෙය කිසිසේත්ම උද්ඝෝෂණකරුවන්ගේ ගෙළ සිඳ දමන බවට කළ නිරූපනයක් නොවන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
තමන් අද දිනයේ සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජාතියේ හෘදයංගම උපහාර ඔබට රණ විරුවාණනි !!! ජාතියේ , දේශයේ ආගමේ වාසනාවට අපට තවමත් ආඩම්බරයෙන් හිස ඔසවා සිටින්නට ඔබ විශාල අත්වැලක් .තෙරුවන් සරණ පතනවා ඔබට !!!
අනේ වටිනා සටන් පාඨයක් අරයලට නැති උනා..
හමුදාපතිතුමාට හිතුනා වගේ තව ගොඩාක් දේවල් අපිටත් හිතෙනවා. අපෙන් යමක් කමක් සුද්දන්ටත් ඉගෙන ගන්න පුලුවන් වෙයි වගේ ....
Thank you !!! ලොකු දෙයක් ඔබතුම ට මේක තේරුණා එක !
එච්චරයි අපිටත් ඕනකරන්නේ. එතුමාට අපේ ප්‍රණාමය.
ලන්ඩනයේ වෙසෙන කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාව විසින් සිදු කරන ලද උද්ඝෝෂණයේදී මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එළියට පැමිණ දෙමල ත්‍රස්ත හිතවාදී විරෝධතා කරුවන්ට නිර්භීතව සහ අභිමානවත්ව සිය නිල ඇඳුමේ පැළඳසිටි ජාතික ධජය පෙන්වා "අපි ශ්‍රී ලාංකිකයන්" බව හඟවා සිටියේය. 2010 වසරේ මුල්ලන්කෝවිල් කඳවුරේ අණදෙන නිලධාරී ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජකාරි කටයුතු කරමින් සිටියදී,ජනාධිපති මැතිවරණ සමයේ එතුමන්ගේ කඳවුරට පැමිණ ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දය ලබාදෙන ලෙස ගායන ශිල්පියෙකු ප්‍රකාශයක් කළ විට, කඳවුර තුළ දේශපාලන කටයුතු නොකරන ලෙස අභීත ලෙස ප්‍රකාශ කර පැය කිහිපයක් තුළ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුණි. ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් හඬ නැගූ සමහරක් දේශපාලනික වාසිය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති බව පැහැදිලිව පෙනෙන දෙයකි. අවංකවම ඔහු වෙනුවෙන් පෙනී සිටින පිරිසක්ද මේ අතර සිටිති.කෙසේ හෝ දැන් ඉතිරි වී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හා ආණ්ඩුව එක්වී ජාත්‍යන්තරව මේ ප්රශ්නය විසඳා ගැනීමය.
සිදුවිය යුතු දේ සිදු විය යුතු අයුරින්ම සිදුවීම ගැන සතුටුයි.
ඉතාමත් එඩිතර සහ බුද්ධිමත් හමුදාපති කෙනෙක් ඔබතුමා. සමහර හිටපු ලේකම්වරු ඔබතුමාට සැළකු හැටි ගැන නම් අප සතුටු නැත.
නියම හමුදාපතිවරයෙක් !
අපිට නැති වෙන්නට ගිය අපේකමට සිංහල ජාතික කමට පනදෙන්නට දරන උත්සහයට ඔබලාට පිං
එසේනම් කවුද ඔහුව නෙරපීම ට අන කලේ. UNP ද SLFP එකද . නැත්නම් චන්ද්‍රිකා නෝනද මංගලද?
හමුදාපති තුමනි අපගේ ආචාරය ඔබට .කොටින්ට විරුද්දව යුද්ද කරපු රණවිරුවන්ට මේ කොටි නටන නාඩගම දැකපුවම ලේ උණුවෙන එක නතර කරන්ට බැහැ.හමුදා බ්‍රිගේඩියර් කොටින්ට පෙන්නුවේ Sinha කොඩියේ තියෙන කඩුව.එකෙන් තොපේ බෙල්ල කපාගෙන විනාස වෙයල්ලා කියල තමා මුළු ලෝකෙටම පෙන්නුවේ.
අපි ඔබට අපේ ගෞරවය ඉහලින්ම පුද කරමු -විරුවණනි !!!!!!! ඔබ වෙන්නුන් තව තවත් ශ්‍රී ලංකාවේ බෙහිවේවා -මේ අපේ පෙතුමි !!!!!
නියම ශ්‍රී ලංකික අභිමානය ඔබ ආරක්ෂා කල ලා මහතාණේනී...........
හමුදා නිලධාරියාගේ ප්‍රතික්‍රියාව හරිද වැරදිද කියලා හමුදාව තීරණය කරාවි. ඒක නෙවෙයි ප්‍රශ්නේ, දැන් මේකෙන් දේශපාලන වාසි ගන්න එක. ජනපතිවරයා රටේ කීවෙනි නිදහස් සංවත්සරය වරද්ද ගත්ත කතා සේරම මේකෙන් යට යනවා. පත්තරේ දැක්ක ගමන් හිටංම දුවගෙන ආවා කියලා මෙයාව යළි සේවයේ පිහිටුවනවා.
මෙම ප්‍රකාශය ජන්දය අවසන් වු පසුවද එසේම පවති නම් ඉතා අගනේය
අපේ එකෙක් එංගලන්තේදී හරි ඔය වගේ එඩිතරකමක් කරපු එක ගැන අපි ආඩම්බරවෙන්න ඕනේ, තානාපති සේවයේ කියල කොටි ඩයස්පෝරාවේ උන් ඇවිත් උන්ගේ වැඩපෙන්වනකොට අපිත් උන්ට පෙන්වන්න ඕනේ ලෝකේ කොහේ හිටියත් අපි කොටින්ට බය නැති බව. දැන් අනික් රටවල්වල අයි එස් අයි එස් උන් තානාපති කාර්යාල වලට බෝම්බ ගහන්නේ , කෝ ඒවාට අපේ කට්ටිය කතාකරනවද ??? ප්‍රස්නේ තියෙන්නේ මේ හමුදනිලදරියව ඉවත් කරන්න තානාපතිවරියට උපදෙස් දුන්නේ කවුද ?????? අන්න උගේ වැඩ තහනම් කරලා රටින් පන්නල දාන්න ඕනේ.
අපේ ජාතියේ හෘදයංගම උපහාර ඔබට රණ විරුවාණනි අප ඔබලාට සදා ණයගැතී !!! ජාතියේ , දේශයේ ආගමේ වාසනාවට අපට තවමත් ආඩම්බරයෙන් හිස ඔසවා සිටින්නට ඔබ විශාල අත්වැලක් .තෙරුවන් සරණයි සියලු ශ්‍රී ලාංකිකයින් ඔබ සමගයි සැමදා ඔබට ජයෙන් ජය !
ඡන්දෙන් පස්සේත් ඔය කියන තීරණේම තියාගෙන ඉන්න ඕනේ හොදද?
මටනම් පේන්නේ මෙතන අදහස් දාන අය අතරෙත් කොටින්ට කඩේ යන අය ඉන්නවා වගේ.
තමුන්ගේ රටේ මහා පාරේ ගමන් කරන අහිංසක සංචාරකයින්ව වාහන වේගයෙන් පදවා යට කරලා මරණ රටේ, ජනතාව ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ට පිහියෙන් ඇනලා මරණ රටේ, නමුත් එවැනි ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා යනුවන් ප්‍රකාශ කරන්න කොඳු ඇට පණ නැති ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවේ ඉන්න රටේ මේ රට වෙනුවෙන් පෙනී සිටි හමුදා නිලධාරියාගේ අර්ථ නිරුපනයද එනම් අපි ත්‍රස්තවාදය අපගේ රටේ අතුගා දමා ඇත යන අර්ථ නිරුපනයද මහා ලොකු ත්රස්තවාදයක් වුනේ? මේ සම්බන්දයෙන් අභීත තීරණයක් ගෙන එංගලන්තයේ තීරණය එඩිතරව ඉවත දැමු ගරු ජනාධිපති තුමන්ටත් හමුධාපති තුමන්ටත් රටේ පුරවැසියන්ගේ උපහාරය!
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හට සුබපතනවා එකසිතින් ශ්‍රී ලාංකිකයෙක් ලෙස
අනේද කියන්නේ.අර සරත් ෆොන්සේකා මහත්තයාව උස්සාගෙන ගිහිල්ලා හිරේ විලංගුවේ දානකොට ඔය කිසි කෙනෙක් රිදුනේ නැ නේද ඇයි ඒ ? හමුදාපති කොටින්ගේ බෝම්බ පාරවල් කාගෙන රට වෙනුවෙන් සේවය කල එතුමාටත් මේ වගේ කතා කරන්න අය උනානම් එතුමා අවුරුදු දෙකෙක් හිරබත් කන්නේ නැ නේද
බලාෙපාෙරාත්තු වන්න! ඉර හද සේ විස්වාසයි හමුදා පරීක්ෂණයක් එනවාමයි!!!
මිනිස්සුන්ගේ කැමැත්ත නිසා ඔබ බේරුණා මිසක් අපේ දෑ හිතකාමී නායකයන්ට පහළ වුනු සිතිවිල්ලක් නිසා බේරුණා නම් නෙවේ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මැතිතුමාට මාගේ උත්තමාචාරය!
" ඉටුකොට කලයුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම් , ඉවසන්නට හැකි වේ නම්, නුඹයි මගේ පුතා සමත්" වීරවරයණනි ඔබද සමත් පුතෙකි. ඈත අහස නැමී වැටෙන්නේ ඔබවන් මිනිසුන්ගේ නාමයට උපහාර වශයෙනි. එක කරුණක් පමණක් මතක තබා ගන්න. මින් ශත වර්ෂයකට පමණ පෙර අද්විතීය මංකොල්ලකරුවන් සිටි රටකය ඔබ සිටින්නේ. ඉංගිරිසියට "loot " යන වහර ලැබුනේ හින්දි(සකු) බසින් ලැබුණු දායාදයක් ලෙසය. "හිරු නොබසින අධිරාජ්‍ය" සිය යටත් විජිතයන් වෙත දැක්වුයේ, අදද දක්වන්නේ එතරම්ම මංකොල්ලකාරී ආකල්පයකි. ප්‍රවේශම් වන්න. ඔබ නිරුපද්‍රිතව නැවත මවුබිම වෙත පැමිණෙනු දැක්ම දේශමාමක සියලු ජනතාවගේ පරම අභිලාෂයයි. ඔබව සේවයෙන් පහ කිරීමට කැස කැවූ එතෙර මෙතෙර ද්‍රෝහීන්ට නිසි පාඩම් ඉගැන්වීමට ඒ ජනතාව පෙරමග බලා සිටී.
"බලධරයා විසින් කපා හැර ඇත"
මහින්දගේ එකම තුරුම්පුව ජතිවාදය. මෙයාල නිකම් ඉත්තෝ,