ඉන්දිකා රාමනායක
බි්රතාන්යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂයේ නිරත පිරිසකට මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කරන යුද හමුදා බි්රගේඩියර්වරයා අතින් ගෙළ සිද දමන ආකාරය නිරූපනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බි්රතාතන්යයේ ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරිය ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වු පව යුද හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන බව යුද හමුදාපති ලූතින්න ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසීය.
බි්රතාන්ය ශි‍්‍ර ලංකා මහකොමසාරිස්වරියගේ පරීක්ෂණයේ ප්‍රථිපලය අනුව යුද හමුදාව මෙම පරීක්ෂණ ආරම්භ කර බි්රගේඩියර්වරයා ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මේ බව ස`දහන් කළේය.
ඉකුත් (4) දින මෙම සිද්ධිය සිදුව තිබු අතර එම අවස්ථාව පටිගත වු වීඩියෝ පට අන්තර්ජාලයේ හා සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වී තිබුණි.
මෙම සිද්ධිය ඇතිවීමට පෙර සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත් එක් සිදුවීමක් පමණක් සමාජ ජාලා වෙඩි අඩෙවි මගින් ප්‍රචාරය වී ඇති බව උසස් හමුදා නිලධාරියකු පැවසීය.
මෙම බි්රගේඩියර්වරයා මුලින්ම උද්ඝෝෂන කරුවන් සිටි දෙසට ගොස් ඔවුන් වෙත මුලින්ම කථා කර ඇති බවත් පසුව උද්ඝෝෂණකරුවෝ ඔහුට බැන වැදී ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු ලැබුණ බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේවගේ අය තානාපති කාර්යාලවලට යවන්නේ මේ රණවිරුවොද? මේ අය 17 වන ශතවර්ශයට සුදුසුයි. යුධඅපරාධ සම්බන්දව කරුණු සත්‍ය වගද මේ අංග චලනයෙන් පෙන්වන්නෙ? එඩ්වඩ් කුමාරය ගැන කතාකරන අය දැන් මොකද මේවට කියන්නේ?
අහෝ ඛේදජනක තත්වයකි. තවත් කැකිල්ලේ රජුරුවන්ගේ තීන්දුවක් ලබා දීමට ද යන්නේ. අනේ ජාතියකට ගිය කලක් සහජිවනය නිසා. විරුවනි අපි ඔබ සමගයි.
බි්රගේඩියර්වරයා අතින් හමුදා විනය විරෝධී දෙයක් සිදුවුනා. එනිසා දැන් මුලින්ම ඊළම ඉල්ලලා කෑ ගහපු කොටි හිතවාදින්ව අත්අඩංගුවට නොගන්නේ මොකද, ඇයි බි‍්‍රගේඩියර්වරයාට පරීක්ෂණ තියන්නේ කියල මෙතන දෙවනත් කරන්න එන අයට කලින් මම මේ කොමෙන්ට් එක මුලින්ම දැම්මා
රට වෙනුවෙන් ලේ කකියන්න ඇති. එය නියම සොල්දාදුවෙක්ගෙ ලක්ෂනයක්...!
මමත් හිටියා ඔතන. ඒ බ්‍රිගේඩියර් මහත්මා එල්ටීටීඊ උද්ඝෝෂකයන් ලඟට ගිහින් කරුණාවෙන් කතා කළා. එතුමාට උද්ඝෝෂයන් හොඳටම බැන්නා. නිලධාරියා කළේ ලංකාවේ අභිමානය වෙනුවෙන් ඉදිරිපත් වීමයි. බලමු යහපාලනයේ ගන්නේ කොටින්ගේ පැත්තද? අභිමානවත් නිලධාරියාගේ පැත්තද කියලා.
එල්.ටී.ටී.ඊ හරි, නැතුව හරි මේ සාමාන්‍ය මිනිස්සු. මිලිටරි ලංකාවේ ආණ්ඩුවට වැඩකරන හා වගකිවයුතු පුද්ගලයන්.
දැන් මේ උද්ඝෝෂණය එංගලන්තයේ වුනා කියමුකෝ. එතකොට ලංකාවේ නීතියට පටහැනිව මහවිරු සමරුව සමරු අන්තවාදී කොටස් අත්අඩංගුවට ගන්නවා කියලා පුන පුන කිව්වනේ. දැන් පෙබරවාරි. මාස 3 ක් ගිහිල්ලත් එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. සංහිඳියාව. මේ පාරවත් මිනිස්සු මොලේ පාවිච්චි කළොත් හොඳයි.
ශ්‍රී ලංකා යුධ හමුදාවට තවත් කළු පැල්ලමක්. මෙයට වඩා හික්මීමක් මොලයක් ඇති නිලධාරීන් වැදගත් තානාපති / මහකොමසාරිස් කාර්යාලවලට පත් කරන්න. ඒ අය දැන් ගෙනයන ප්‍රචාරය වෙන්නේ බි්රතාන්ය වගේ නිදහස් රටවලදීත් බෙල්ල කපන්න තර්ජනය කරන අය යුධ වෙලාවේ තමන්ගේ රටේ ආයුධ අතැතිව නිරායුධ මිනිසුන්ට මොනවා කරන්න ඇත්ද කියල. අනෙක මේවට උත්තර දෙනහැටි මොසාර්ඩ් වැනි ආයතන වලින් ඉගෙනගන්න. ළිංමැඩි මානසිකත්වයෙන් මේවා මැඩලන්න බැහැ. මේ වගේ සිදුවීම් වලින් යුධ අපරාධ චෝදනා වලට බටහිර රටවල් තවත් උල්පන්දම් දෙනවා.
සිංහල ජාතියට විරුද්ද එංගලන්තයේ සිටින දෙමල උද්ඝෝෂකයින්ට කනේ පහරක් දීමට නම් මෙම හමුදා නිලදාරියා ලංකාවට පැමිණිවිට උසස්වීමක් දෙන්න.
බි්රගේඩියර්වරයා ලංකාවට යවනවා නම් ඔතන කෑගහපු වීසා නැති අයත් ලංකාවට යවන්න. කෑගහන්න වගේම අභිනයත් මානව අයිතිවාසිකමක්. කාටවත් ශාරීරිකව හානියක් කරලා නැහැ.
මේ අය අප සැම වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය පරදුවට තියා යුධ වැදුනා. සෑම පැත්තකින්ම ඔවුන්ව පීඩනයට පත්වන විට ඔවුන් තම රට ජාතිය සහ අභිමානය ගැන කැක්කුමක් ඇතිවීම සාධාරණයි. මෙතන ඔවුන්ට විරුද්දව පරීක්ෂණ පැවැත්විය යුතු යයි කියා අදහස් දාන අයගේ මව්පියන් හෝ සහෝදරයෙක් හෝ යුද වැදී මිය ගොස් නැති බව නම් මට විශ්වාසයි. ඒ වගේම අපේ ජාතියට වැදී ඇති ලොකුම හෙනය නම් පක්ෂය ලොකුවී ඇති කමයි. මෙහි අදහස් පල කරන සමහරුන්ට අවශ්‍යව ඇත්තේ පක්ෂය බේරා ගැනීම මිස රට බේරාගැනීම නොවන බව නම් සහතිකයි.
රුසියාවේ හමුදා නිලදාරියෙක් ඔහොම කලාම පුටින් කරන්නේ ගෙනැවිත් ප්‍රමොශන් දෙන එක අපේ යහපාලනය කරන්නෙ තරු ගලවන එක..
නියම සිංහල ලේ ඇති පුතෙක්.
අවධානයට යොමුවිය යුතු වැදගත් කරුණු අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි. පසුකලක සිංගප්පුරු පුරවැසි බාවය ලැබුවෙකි. දෙමළ ඩයස් පෝරාව හා සම්බන්දකම් ඇති අර්ජුන් මහේන්ද්‍රන් සුදීර් ජයරාම් නම් Straits Grid Pte. Ltd මැලේෂියානු ව්‍යාපාරිකයා සමග සෘජු සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ.
ලක්ෂ ගණන් මුදල් වියදම් කරලා මාස ගනන් පුහුණුව දෙන්නේ විනය ගරුක හමුදා නිලදාරීන් බිහි කරන්නයි මොහු ඒ සේරම වතුරේ යවා ගැලරිය පිනවන්න ගියා රටේ නම නැති කලා
මේ වීරෝදාර යුද නිලදරුවා වෙනුවෙන් වචනයක් හෝ සඳහන් කරන අයට පින්. ඔහු නියම සිංහල රණ විරුවෙක්. ඔහුට ප්‍රණාමය !!!
එමෙන්ම මේ විරෝධාර රණවිරුවා වෙනුවෙන් කෙලින් කතා කරන එඩිතර විරෝධාර යුද හමුදාපතිවරයාටත් ආචාරය
කොටි නටන නැටුම් වලට ආණ්ඩුව රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග නොගන්න තරමට මෙවැනි සිදුවීම් සිදුවේවී.
සිංහල නම් වලින් කමෙන්ට්ස් දාන කොටි ඩයස් පෝරාවේ සහ NGO ගැත්තන්ගේ අය ගැන මට හිරිකිතයි.
ඊළම ඉල්ලන එක වරදක් නෙවෙයි. ඊළමට විරුද්ධ වෙන එක වරදක් වගෙයි පෙනෙන්නේ . සහජීවනේද? යහපාලනයද?
මෙතුමා මීට කලින් උත්ගොෂකයෝ හම්බ වෙලා කතා කරන්න ඇති, ඉවසීමේ සිමාව ඉක්මවපුවම තම මේ වගේ දෙයක් වෙන්න ඇත්තේ. හැබැයි තානාපති සේවය කියන්නේ දැඩි විනයක් තියෙන්න ඕනි. මේ වගේ දේවල් වලින් වෙන්නේ බටහිර අඩන්න බලන ඉන්න දෙමල ඩයස්පෝර, ලංකාවේ දෙමල දේශපලන්යන්ගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ දෙයක්.
ඔන්න අපේ ශ්‍රී ලංකාවේ නිවට කම, මේ විදියට ISIS කාරයෝ ඇමෙරිකන් හරි, ඉස්රයෙල් හරි තානාපති කාර්යාලයක් එස්සරහ කෑ ගැහුවනම් කොහොමට තියේද? එහෙම කෑ ගහද්දි ඒ තානාපති කාර්යාලයේ නිලධාරියෙක් මෙහෙම කරානම් කොහොමට තියේද?
එළිපිට නොකළ යුතු දෙයක් ප්‍රසිද්දියේ කිරීම තුලින් යුද අපරාද පරික්ෂනවලට ඔක්සිජන් දීමක් විය හැකි බැවින් ඉක්මනින් නිවැරදි කරගත යුතු කාරණාවක්. කරුණාකර දේශපාලන කෝණයෙන් නොබලන්න . වත්මන් රජය බොහම සිරු මාරුවට පාලනය කරගත් ජාත්‍යන්තර යුද අපරාද චෝදනා මෙබඳු අවේග ශීලී ක්‍රියාවක් නිසා යලිත් උඩට පැමිණියහොත් සමස්ත හමුදාවනට සබැ රණව්රුවන්ට විය හැකි අගතිය ගැනත් බුද්ධිමත්ව හිතන්න.
මේ හමුදා නිළධාරියා වීරයෙක්. ලංකාවට පැමිනෙන විට කටුනායක සිට කොළඹ දක්වා උපහාර දැක්වීමට මඟ දෙපස රොක් විය යුතුයි
සැලකිය යුතු කාරණය වන්නේ උද්ගෝෂණය පැවතුනේ ප්රභාකරන්, ඊලම සහ ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීම වෙනුවෙන් යන්නය. බ්‍රිගේඩියර් වරයා ප්රභාකරන් මැරුණු බව ඉගියෙන් පෙන්නුවා පමණි. මේ ගැන වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරන්නේනම් මැනවි.
එහෙම කරන්න එඩිතර උන ඔබට අපගේ උත්තමාචාරය.
රටක් උනාම කොන්දක් කෙලින් තියන් වැඩ කරන්න ඕන. කොටි කියන්නේ ත්රස්තවාදීන්. උවූන්ව සනසන්න ඕන නැහැ.
මේ අදහස් දක්වන අය ඉතාම සුළු ප්‍රමාණයක් පමණි බුද්දිමත් අය. අනිත් අය ඕන එකත් කියන එපා එකත් කියනවා . ලෝකය ඉස්සරහ අපි කොහොමද ඉන්න ඕන කියල අපි දැනගන්න ඕන. මම පැහැදිලි කරන්න යන්නේ නෑ. මම කියන්නේ අනිත් රටවල වගේ අපේ රටෙත් අයත් බුද්දිමත් වෙන්න් ඕන. ඉගෙනගන්න ඕන.
සිංහලයන් ලෙස අප මේ සිද්ධිය රණවිරුවෙකු ත්රස්තවාදීන්ට කල අනතුරු හැඟවීමක් ලෙස අර්ථකථනය කලාට ලෝක ප්‍රජාව ඉදිරියේ මේක ඊට වඩා බරපතල සිද්ධියක්. විදේශයක තානාපති පරිශ්‍රයකදී මෙවැනි අභිනයන් කල හැකි හමුදා නිලධාරියෙකු යුද්ධයේදී මොන විදියට හැසිරෙන්න ඇතිද කියන ප්රශ්නය ඇතිවෙනවා . වීඩියෝ ක්ලිප් එකේ පැහැදිලිවම පෙනෙනවා මේ අභිනය බෙල්ල කැසීමක් හෝ වෙනයම් දෙයක් නොව ගෙල සිඳීමක් බව . ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කිව්වා වාගේ, ඉන්නේ කොහෙද කියා මතක නැතුව මෙවැනි මෝඩ ක්‍රියාවන් කිරීම නිසා ජීවිත පරිත්‍යාගයෙන් රට බේරා ගත රණ විරුවන් සියල්ලන්ම අප්‍රසාදයට පත්වෙනවා .
ලක් මව රැකු අභීත සිංහයාට මගේ ආචාරය. එදා සුද්දාගෙන් රට බේරාගත්තු විරුවනුත් ඒ කාලේ දේශ ද්‍රෝහියෝ නමුත් අද ඔවුන් නැති අඩු පාඩුව අපට වැටහෙනවා. මෙවැනි සිංහයන්ගේ වටිනාකම අපට වැටහෙන්නේ තව අවුරුදු 50 ගිය පසුවයි. එදාට අපි මොවුන්ව දේශප්‍රේමින් ලෙස නම් කරාවි. නමුත් නිසි වටිනාකම ඔවුන්ට දිය යුත්තේ ජීවතුන් අතර සිටිද්දී මිස මිය ගොස් අවුරුදු ගානක් ගතවූ පසුව නෙමේ.
මේකට විරුද්ධව සියලුම සිංහලයන් නැගිසිටින්න ඕනා.
වසර 2500 ක් ඉතිහාසය ගැන හිතල තනාපති සේවා කරන්න බැහැ. විදෙස් රටකදී මව්බිම අපකීර්තියට පත්වෙන කිසි දෙයක් කරන්න රජයේ නිලධාරියෙකුට බැහැ
අනේ මහින්ද සහ ගෝඨා හිටියා නම්.. මේක නම් අප රටේ කරුමේ තමයි.
රට අපකීර්තියට පත් කළාට මේ නිලධාරියාට දඬුවම් කළ යුතුයි. රජයේ සාම වැඩපිළිවෙළට බාධාවක්..
වහලුන්ට අලුත් සටන් පාඨයක් ලැබී ඇත. අනේ මෙහෙමත් සෙට් එකක් එක්ක මොන ඉදිරි ගමනක්ද?
කලබල වෙන්න කාරියක් නෑ. ජනාධිපති වරයා මේ සේරම තීරණ අවලංගු කළා.
කොඩිය විතරක් පෙන්නලා නිකම් හිටියනම් ඔක්කොටම නම්බුයි. බෙල්ල කපන එක පෙන්නලා තමයි වැඩේ කෑවේ. තානාපති සේවයේ සිටින උදවිය මීට වඩා බුද්ධිමත් විය යුතුයි.
නුවන් ඔබේ කටේ මසුරන් දාන්න වටිනවා. මෙන්න නියම සිංහල සුපර්ස්ටාර්ස්ලා...
හිතට එන සංවේදී අවේග පිටකිරීමට ප්‍රථමයෙන් තමන්ගේ තත්වය හා තමන් ඉන්න තැන ගැන කල්පනාකාරී විය යුතුයි. ජාතික ධජය පෙන්වීම අනුමත කලත්, අනෙක් ක්‍රියාව නම් ශිෂ්ඨ සම්පන්න ජන ප්‍රජාව අනුමත නොකරාවි.
කී බෝර්ඩ් වීරයෝ මොනවා කෙටුවත් අන්තිමට මෙම නිලධාරියාට ලංකාවට එන්න වෙනවා. හමුදාවෙන් අවවාදාත්මක ලිපියක් ලැබෙනවා. පාඩුව වෙන්නේ එයාටම ඉදිරි උසස්වීම් වලටයි. හරියට අනූනමයක් ගහලා අවුට් වුණා වගේ...
සුරන් ට අනුව (උපහාසාත්මකව) " තානාපති සේවයට යවන්න ඕනේ කොන්ද පණ නැති නිවටයෝ..." සෑම් ට අනුව "හික්මීමක් මොලයක් ඇති නිලධාරීන් වැදගත් තානාපති / මහකොමසාරිස් කාර්යාලවලට පත් කරන්න...." ඉහත සඳහන් මත දෙකම සළකා බලමින් අපට කීමට ඇත්තේ මෙවන් අදහසක්. පසුගිය පාලන සමයේ යුද්ධය පවතින අතර වාරයේ හිටපු පාලකයා නඩුවකදී තමන්ව වංචනිකව ඔහුව නිදහස් කිරීම ගැන දක්වන කෘතඥ තාවයක් වෙනුවෙන් විශ්‍රාම ගිය විනිසුරුවෙක් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් හැටියට පත් කර එව්වා. දිනක් බී බී සී නාලිකාව මේ තානාපතිවරයාව සේවා ස්ථානයේදීම සාකච්චාවකට ගනු ලැබුවා. යුද්ධය පිලිබඳ ලංකා රජය දරන ස්ථාවරය පිලිබඳ ව නිවේදකයා ඔහුගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරයෙන් ලංකාවේ ඇත්තේ අන්තිම නිවට ආණ්ඩුවක් යයි ලොවටම සිතෙන්න ඇති. අනික ඔහු ලංකා රජයෙන් වැටුප් ලබන අතරේ වෙනත් රටක රහසින් රැකියාවක් කර කෝටි ගණන් හම්බ කළා. ඒ අතින් බලන විට මේ හමුදා නිලධාරියා මහා කොමසාරිස් ධුරයට උසස් කිරීමට තරම් වටින වීරයෙක් කියා අපට සිතෙනවා.
ඔබට මගේ ප්‍රණාමය. කොටියට සිංහ කොඩිය පෙන්නනේ නැතිනම් මොකක් පෙන්නන්නද? ඔබලා 2009 පෙන්නුවනේද සිංහයන්ගේ බලය.