තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
විල්පත්තු රක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම නැවත විභාගයට ගැනීම ලබන ජූනි 05 වැනි දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද (08) නියෝග කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න මහත්වරුන් හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දෙන ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසා එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.
පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතීඥ රවිනද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒ මිනිස්සු කරන්න තියෙන හානිය කරලා ඉවරයි. මේ දේසපාලුවෝ පරිසරය හෝ රට ගැන හිතන්නේ නැහැ. අඩු තරමින් අධිකරණයවත් හිතන්න ඕනේ.
අස්සයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහන්න.
ඇයි ජූනි, මාස හතරකටත් එහා, ඉතිරි ප්‍රදේශත් එලිපෙහෙළි කරන කම්ද???
පාරවල් අවහිරකරගෙන හැමෝටම හිරිහැර කර කර කෑ කෝ ගගහා ඉන්න වෙලේ ඔන්න පලකට ඇති වැඩක් කරලා තියෙන්නේ අධිකරණය හමුවට ප්රශ්නය යොමු කරලා. නඩුව කල් ගියත් යුක්තිය ඉෂ්ට වෙයි.
පෙරේරා එතකොට ලෙඩා මැරිලා තියේවි
මෙහෙම නඩු කල් දැම්මහම මිනිස්සුන්ට ප්රශ්නය අමතක වෙනවා ඒක කරන්නයී හදන්නේ