(තිළිණි ද සිල්වා)
හිටපු අගවිනිසුරු ජනාධිපති නීතීඥ මොහාන් පිරීස් මහතා සහ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඞී නවාස් මහතාට එරෙහිව ආරම්භ වී ඇති අපරාධ නඩු ක්‍රියාවලිය පිළිබඳ දැඩි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කෘත්‍යධිකාරී මණ්ඩලය තීන්දු කර තිබේ.
කොළඹ අලූත්කඬේ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් කාර්යාලයේ අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවදී ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් නීතීඥ අමල් ඒ.රන්දෙණිය මහතා ඒ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ නීතීඥ සංගම් ලෙක්ම්වරයා කියා සිටියේ වෘත්තීමය උපදේශනය හෝ මතය ප්‍රකාශ කිරීම නිසාම යම් විනිසුරුවරයෙකුට එරෙහිව අපරාධ නඩු ක්‍රියාවලිය යටතේ නීතිමය පියවර ගැනීම අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියේ ආධිපත්‍යයට බලපෑම් එල්ල කරන්නක් බවයි. එබැවින් යම් නීතීඥයෙකු සිය වෘත්තීමය උපදේශනය හෝ මතය ප්‍රකාශ කළ නිසාම එවැනි අපරාධ අධිකරණමය විනිශ්චයකට භාජනය නොවිය යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතය වන බව රන්දෙණිය මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීඥ සංගමය මේ තරම් පහත් තත්වයකට පත්වෙලාද? රටක නීතිය ක්‍රියාත්මක කරන නීතීඥ සංගමය මෙවැනි පහත් තත්වයකනම් රටේ මතු පරපුර ගැන කුමන කතාද.
එතකොට අධිකරණයේ ස්වාධීනත්වය අරක්ෂා වෙනවද ? නීතිය කණපිට හරවන කොයි කෙනාටත් නිසි දඩුවම් දෙන්න ඕන ඒක කරන්න ඉන්න අය ඒක කිලිටි කරයිනම් ජනතාවට දෙවියන්ගේම පිහිටයි. මේක තමයි මාෆියාව
"වෘත්තිමය උපදේශය හෝ මතය" ප්‍රකාශ කිරීමට මුවා වී නඩුවට අදාළ පාර්ශවයක උවමනාවට හිතාමතාම නඩුවක් පිළිබඳව මේ දෙපොල ක්‍රියා නොකර සිටීම හෝ නඩු වාර්තාව හිතාමතාම යට ගැසීම නේද මේ ප්‍රශ්නෙට මුල???? ඉතින් ඒ පිලිබඳ විමර්ශනය කිරීම වරදක් වෙන්නේ හෝ අධිකරණයේ ස්වාධිනත්වයට තර්ජනයක් වෙන්නේ කොහොමද???
හිටපු අග විනිසුරුතුමිය එලෙව්වෙත් වෘත්තිමය තීරණ නිසානේද? එම තීරණ පාලක පන්නියට හිතකර නොවූ නිසා නේද? එහෙම විනිසුරුතුමිය වෙනුවට මෙයා ආවෙ එක එහෙමනම් හරිද? මෙතුමත් එදා අද ඔබ සංගමය දරනා අදහසේම සිටිය යුතු නොවේද? එසේ නොසිටි අයෙකු වෙනුවෙන් ඇයි අද කඩේ යන්නෙ?
මම දන්නා තරමින් පහල උසාවියක නඩුකාර තුමෙක් පවා සමාජට වැඩිපුර යන්නේ නැහැ ,දන්නා කියන කෙනෙක් ගේ මල ගෙදරක ගියත් කව්රුවත් එක්ක කතා නොකර ඉක්මනට යනවා.
ලංකාවේ තිබෙන භයානකම තවත් මාෆියා සංවිධානයක් තමයි මේ නීති ක්ෂේත්රය. රටේ යුක්තිගරුක පුරවැසියෙකු යම් ගැටළුවකදී නීතියේ පිළිසරණය සොයාගෙන ගියොත්, අවසානයේ ඔහු දරුණු අපරාධකාරයෙකු බවට පරිවර්තනය වීම හැර වෙන කිසිදු පිළිසරණක් අපේ රටේ නීතියේ නොමැත. හොරු, තක්කඩි, කුපාඩින්ට, අවශ්‍ය රැකවරණය සඳහා අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන බව පොදු මහජනතාවගේ අදහසයි. මේ මාෆියා කලුකෝට් කාරයින් රටේ නීතිය බල්ලට දමා ක්‍රියාකරන බව ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත.
මොහාන් පිරිස් වැඩ කල හැටි මෙරට බුද්ධිමත් ජනතාවට වසන් කල නොහැකියි.
ලංකාවේ හදලා තියෙන්නේ නැති බැරි අය නැති කරවන විදියටයි. මෙයාලට අසාධාරණකම් වෙනකොට තමයි.... තේරෙන්නේ. නීතිය, අවනීතිය කරන අයට හොඳක් වෙන එකක් නැහැ.
උසාවි වල චූදිතයන්ට ඇප දීම සදහා වයස අවු 50 ට සීමා කිරීමෙන් ,දෙමාපියන්ට වුවද දරුවෙකුට ඇප තබා ගැනිමට නොහැක ,බැංකු පවා වයස 70 දක්වා ණය ලබාදෙයි කෙසේ වෙතත් මෙය වයස හේතුකොට පුරවැසියාට කරන අසාධාරණයකි.