බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවය පැවැත්වෙන අතරතුර , මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වන පිරිසකට මෙම හමුදා නිලධාරියා ‘ගෙල සිඳ දමන’ ආකාරය අතින් නිරූපණය කිරීම දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවන්නැයි බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි මන්දිකා විජේවර්ධන මහත්මියට දැනුම් දී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක) ආක්‍රමණශීලි ආකාරයකින් හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතින වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.
මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේවය අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය වෙත අද දින එනම් 2018 පෙබරවාරි 06 වැනි දින උපදෙස් යවා තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇත”.
055
ඡායාරූපය සමාජජාල මාධ්‍ය ඇසුරිනි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා එදා කල දේ වීර ක්‍රියාවක් ලෙස කියන පිරිසකුත් ඉන්නවා. බ්‍රිතාන්‍යයේ ඕනෑම දෙයකට විරෝධතා පැවැත්වීමේ නිදහස තියෙනවා. මොනම රටක වුනත් තානාපති කාර්යාලයේ සේවය කරන විට තමන් නියෝජනය කරන්නේ තමන්ගේ රට බව සිහියේ තබාගෙන ක්‍රියාකිරීම වැදගත් වෙනවා.1984 අප්‍රේල්17වෙනිදා ලන්ඩන් නුවර ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට එම රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වූ ලිබියානු ජාතිකයින් පිරිසකට තානාපති කාර්යාලය ඇතුලේ සිට කිසිවෙකු වෙඩි තැබීමත්, ඉලක්කය වැරදී එම වෙඩි පහර වැදී එතන ආරක්ෂක සේවාවේ නියැලිසිටි බ්‍රිතාන්‍ය පොලිසියේ ඉවෝන් ෆ්ලෙචර් නමැති තරුණ පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්වීමත් ඉන් අනතුරුව දින11ක් පොලිසිය තානාපති කාර්යාලය වටලා සිටීමත් තානාපති වරයාත් බ්‍රිතාන්‍ය බලධාරිනුත් අතරේ පැවැත්වුන දීර්ඝ සාකච්චා වාර කිහිපයක් අවසානයේ තානාපති කාර්යාලය වසා දමා ඒ අවස්ථාවේ එහි සිටි සියලුම දෙනා බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමත් මෙහිදී අපට සිහිපත් වෙන දෙයක්. එම නිසා තානාපති සේවයේ සිටියදී මුහුණ දීමට සිදුවෙන දේවල්නිසා ඇතිවිය හැකි ආවේගශීලී සිතුවිලි දමනය කර ගනිමින් මීට වඩා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙන බව සිහිපත් කලයුතුයි.
එතන නමට හරි ඉන්නෙ සිවිල් ජනකායක්. ඒ මිනිස්සුන්ට සංඛේතාත්මකව හරි කරන මරණීය තර්ජනය සුළුවෙන් තකන්න බෑ. ලෝකයක් ඉස්සරහ මෙහෙම හැසිරුනා නම් කවුරුවත් නැති කැලෑවල කොහොමට කරන්න ඇතිද කියන සැකය විහින්ම අන්තර්ජාතික ප්‍රජාවගේ ඔළුවට දැමීමක් මේ.
හමුදා නිලධාරියකු සතු විශේෂම දක්ෂතාව වන්නේ විනයගරුක බවයි. විනයක් නොමැති තැන ඔහුගේ සටන් දක්ෂතාවද නැතිවෙන නිසයි ඔවුන්ට දැඩි විනය නීති පනවා තිබෙන්නේ. එංගලන්තයේ පොලිසියෙන් අවසර ගෙන නීත්‍යානුකුලව විරෝධතාවක් දක්වන පිරිසකට තානාපති මුක්ති බලතල බුක්ති විඳින විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධව සිටින උපදේශක එලියට ගොස් ගෙල සිඳින සංඥාවක් කිරීම මොනතරම් වෘත්තීය සම්පන්නද කියා බැලිය යුතුය. මෙයින් රටට ඇතිවන අවමානය කෙසේ පියවන්නද?
ඔබ නියම ජාතික වීර රණ විරුවෙක්. රටට ආදරේ ඇති සියලු දෙනාම ඔබ සමගයි.
බෙල්ල කපනවාද බෙල්ල කසනවද?
ජාතියට ආදරය ඇති කෙනෙකුට කේන්තියාම ඉතාමත් සාධාරණයි
උතුරේ ඉස්තූප ඩොසර් කරනවා. ඒවා ගැන වගේ වගක් නෑ
ප්‍රියංක, නූතන ශ්‍රී ලංකාවේ යුගයේ වීරයා ඔබයි. එල්ටීටී හිතවාදීන් ලන්ඩන් වල නිදහස් දිනයේ උත්සවයට ප්‍රබාකරන් කියන මිනීමරුවාගේ රූප අරගෙන උද්ගෝෂණය කල අයට නියම පිළිතුරක් දුන් එකම සිංහලයා ඔබයි. මෙය කදිම ආදර්ශයක් ඔබට ජය වේවා!
ඔතන ඊට එහා ගිය ඒවා සිද්ධ උනා, ඒවත් නිරීක්ෂණය කරලා තීරණයක් ගන්න. සුළු කණ්ඩායමක් සතුටු කරලා විශාල කණ්ඩායමක් තරහා කරගත්තොත් ජනාධිපතිගේ කණ්ඩායමටත් අගමැතිගේ කණ්ඩායමටත් මේ ඡන්ද වෙලාවේ විශාල පාඩුවක් දරාගන්න වෙනවා
හිතට එන කෙතරම් දේ තිබුණත් කිවයුතු තැන තේරුම් ගතයුතුව තිබුණු බවයි මටනම් හිතෙන්නේ...
එතකොට කොටි හිතවාදීන් අහිංසකයින්ද?
සැබැ ශ්‍රී ලාංකික වීරයෙකි. අපගේ උත්තමාචාරය ඔබට.
ඔව් හරිම ආඩම්බරයි, නාසි ජර්මනියේ හමුදාවේ නිළධාරියෙකුගේ හැසිරීමට ටිකක් කිට්ටුයි නේද?
අදාල නිලදරුව ලංකාවට ගෙනවිත් වෙල්ලස්සේදී හිස ගසා දමා සුදු අධිරාජ්‍ය ජනාදරයට පාත්‍ර විය යුතුය.
ඩයස්පෝරා එකේ අය ඊලමක් වෙනුවෙන් පෙනී ඉද්දි ප්‍රබාකරන් තමාගේ නායකයා කියල අපේ තානාපති කාර්යාලය වට කරද්දී මේ කරපු ක්‍රියාව වැරදි කියල එක දෙමල මනුස්සයෙක් කිව්වද. තස්ත්‍රවාදීන් වෙනුවෙන් පෙනී ඉන්න උදවියට අත් වෙන්නේ මරණය පමණක් බව පෙන්වා දුන් නිලදාරියට සිංහල කළු සුද්දන්ගෙන් බැනුම්. මතක තියාගන්න යුද්ද කලේ ඒ මිනිස්සු මිසක් මෙතන අදහස් කොටන කළු සුද්දන් නොවන වග.
හොර තක්කඩි දේශපාලුවන්ව දේශප්‍රේමී වීරයන් හැටියටත් නිරායුධ මිනිසුන් ඝාතනය කල යුනිෆෝම් කාරයින්ව රණවිරුවන් හැටියටත් සලකන්නේ අපේ රටේ පමණක් විය හැකිය!
කවුරු කොහොම කිව්වත් මට නම් ඔබතුම ජාතික වීරයෙකි
සිංහයාට මගේ ආචාරය. ලංකාව දෙකඩ කිරීමට අතීතයේ සිට උත්සහ කල ද්‍රෝහීන්ට අත් වූ ඉරණම සහ ඉදිරියේදී සිද්ධ විය හැකි දේ ඔහු ඉඟියකින් කොටින්ට දැනුම් දෙයි.
නූතන ශ්‍රී ලංකාවේ යුගයේ වීරයා ඔබයි. එල්ටීටී හිතවාදීන් ලන්ඩන් වල නිදහස් දිනයේ උත්සවයට ප්රභාකරන් කියන මිනීමරුවාගේ රූප අරගෙන උද්ගෝෂණය කල අයට නියම පිළිතුරක් දුන් එකම සිංහලයා ඔබයි. මෙය කදිම ආදර්ශයක් ඔබට ජය වේවා!
මෙහෙම කලාම දෙකඩවීම නතර වෙනවාද? හැගීම් අනුව වැඩකරන්න බැහැ.
මෙහෙම කලාම දෙකඩවීම නතර වෙනවාද? කියා අහන එක ගොන් ප්‍රශ්නයක්නේ 75% සිංහලයෝ ඉන්න රටේ 12%ක් ඉන්න දෙමළුන්ට පුළුවනි නම් රටබෙදන්න නරකද වහ කෑවා නම්. හැබැයි යහපාලකයෝත් බෙදීම වෙන්න ඉඩතිබෙනවා.
ඒ නිලධාරියා දීලා තියෙන සඥාව හරියට නිවැරදිව දීලා තියෙනවා. ඒක ලන්ඩනයට විතරක් නෙවෙයි. ලෝකේ කොයි තැනටත් වලංගුයි.
ගොඩක් අය දන්නේ නැහැ එංගලන්තයේ වෙසෙන සිංහල හා දෙමළුන්ට ඔවුන්ගේ වීසා අලුත් කර ගැනීමට තිබෙන ප්‍රශ්න ගැන. ඔවුන්ට අවශ්‍ය කරන්නේ ලංකාවේ ප්‍රශ්නයක් ඇතිබව ප්‍රදර්ශනය කරමින් එංගලන්ත රජයෙන් ලැබෙන දීමනා වලින් පිනට යැපී සුවසේ ජීවත් වීමටයි. සංවේදී නිර්භය මනුශ්‍යයෙක් ලෙස බ්‍රිගේඩියර් වරයා එතුමාගේ ප්‍රතිචාරය එසේ දැක්වුවත්, හැංගිලා කෑගහන අය මේ සිදුවීමේ පවතින යතාර්ථය තේරුම් ගෙන නිශ්ශබ්දව සිටීම සමාජයට කරන මෙහෙවරකි.
පිටිගලට කවුරුත් කැමති නැහැ.
මිශ්‍ර වූ හෝ පක්ෂග්රාහී මත ප්‍රකාශ කරන්න ඇති නිදහස අනුමත කරන අතරේ මිනිසුන්ට එසේ සිතීමට හා අදහස් ප්‍රකාශ කරන්න පෙළඹෙන්නේ ඇයිද කියාත් සිතා බැලිය යුතුය. මේ නිලධාරියා විරෝධතා කරුවන් ඉදිරියට පැමිණ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ඉතාම සාමකාමීව හා සාධාරණව පැහැදිළි කරන වීඩියෝ පටයක්ද අපට දැක ගන්න ලැබුනා. එසේනම් මෙය ප්‍රශ්නයක් වී ඇත්තේ කාටද. සුළු ජන කොටස් වල උපකාරයෙන් සැමදා ආණ්ඩු බලයක් ගන්න උත්සාහ කරන කණ්ඩායමකට මෙම හමුදා නිලධාරියාගේ හස්ත අභිනයනය ආයුධය ක් විය හැකි වුවද මෙම නිළදරුවාට දඬුවම් දෙන්න කතා කිරීමෙන් ත්රස්තයන්ට විරුද්ධව ජීවිතය පරදුවට තබා සටන් කල රණවිරුවන්ට අවමානයක් සිදුවීම නොවැළක්විය හැකියි. සමහර විට මේ නිළදරුවා ඉඟියෙන් ප්‍රකාශ කරන්නේ යෙදුනේ "අවි ගත් නුඹලා අවියෙන්ම වැනසුනා නොවේදෝ" යන්න නම්, මුළු ආණ්ඩුවම මේ නිළදරුවා ගෙන් සමාව ගත යුතුයි.
සේවය අත් හිටුවන එක නොවෙයි කරන්න ඕන ඇගයීමක් කරන එකයි. මෙවැනි වීරයින් නිසා තමයි අද අපි අතපය දිග ඇරලා ඉන්නේ . නැත්නම් අපිට වෙන්නේ මුහුදට පනින්න තමයි . ඔහේ ඉන්න විරෝධත පාන එකෙක්ක්වත් ලංකාවේ ඉපදුන එවුන් නොවෙයි. දුපත් දමිල ජනතාවගේ සල්ලි හුරකන්න මොකක් හෝ පේන්න දෙයක් උන්ට කරන්න ඕන නිසයි ඕව කරන්නේ.