තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් පාර්ශවයන්ට වන්දි ගෙවා අවසන් බව අද (7) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිය නිවාස සහ වගාබිම් වලට හානි සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජත් මළල්ගොඩ මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සම ලබන මාර්තු 28 වැනි දා යළි කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd