වතිකාන නගරයේදීය (රොයිටර්)
තමා දැන් ගෙවමින් සිටින්නේ තම ජීවිත කාලයේ අවසන් සමය යැයි හිටපු පාප් වහන්සේ ලිපියක් මගින් දන්වා තිබේ.
අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේ යවා ඇති ලිපිය ඉතාලි පුවත්පතක පළ වී තිබෙන අතර තමන් ජීවිතයේ අවසන් සමය ගෙවමින් සිටින බව එම ලිපියේ සඳහන්ව ඇතැයි වාර්තා වේ.
සියවස් හයකට පසු පාප් තනතුරෙන් ඉල්ලා අස් වූ එකම පාප්වහන්සේ අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේය. උන්වහන්සේ 2013 වසරේ පෙබරවාරි මාසයේදී පාප් පදවියෙන් ඉවත් වූහ.
පාප්වහන්සේ මේ වනවිට 90 වන වියේ පසුවෙති. බෙනඩික් පාප්වහන්සේගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉහළ තත්ත්වයක පවතින නමුත් කායික සහ චලන දුර්වලතාවලින් පෙළෙන බවත් උන්වහන්සේට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතය අනිත්‍යයි. ලෝ දහම එයයි.
බය වෙන්න දෙයක් නැහැ උතුමාණනි, මොකද ඔබවහන්සේ මරණින් පසු යන්නේ දෙවියන් වහන්සේගේ තුරුලට නිසා. ඉතින් ඔය තුරුලේ මේ වෙනකොට කොටි ගණනක් බැතිමතුන් සුවසේ ඉන්න නිසා ඔබවහන්සේට තනිකමක් එහෙම දැනෙන එකක් නැහැ.
අති උතුම් පාප් වහන්සේ මේ පවසන්නේ අනිත්‍ය ගැනයි. උන්වහන්සේට දීර්ඝායු වේවා.
අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේ පැමිණ ලංකාවෙන් රැගෙන ගිය වටිනාම දේ ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගේ "බුදුන් වදාල ධර්මය" පොත බව ප්‍රකාශකොට තිබීම ශ්‍රී ලංකාවට ගෞරවයක් !
උන්වහන්සේ විශ්‍රාම ගත් බැවින් පල්ලිය සැනසුම් සුසුම් හෙලුවා. සිදුවීමට ගිය අපහසු තත්වය මග හැරවීම ගැන උන්වහන්සේට කෘතඥ විය යුතුය.
පාප් වහන්සේ වයස් ගතවී සිටින නිසා සිය ජීවිතයේ අවසන් සමය ගත කරන බව කියනවා. නමුත් ඇත්ත තත්වය නම් ජීවිතයේ අවසන් සමය කොයි මොහොතේද කියා නැත. මරණයට සමයක් නැත.
ස්වර්ගයට ඇතුල් වීමේදී ස්වර්ගයේ ගේට්ටුව බාරව සිටින සාන්ත පීතර මුනිතුමා පාප් වහන්සේගෙනුත් සුපුරුදු ප්‍රශ්න කිරීම් කරාවිද?