ඉන්දිකා රාමනායක
ඩුබායි ගුවන්තොටුපොළේ දී එරට ආගමන විගමන බලධාරීන් අත්අඩංගුවට ගෙන සිටි රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට පොලිස් හා රජයේ නිලධාරීන් ඇතුළත් හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (07) රාත්‍රියේ අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම පිරිස අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙක්, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක්, මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම නිලධාරීන් අබුඩාබි නුවර දී රාජතාන්ති‍්‍රක මට්ටමින් එරට බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා සැකකාර උදයංග වීරතුංග මෙරට රැගෙන ඒමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
උදයංග වීරතුංග සිය පවුලේ අය සමඟ ඇමැරිකාව බලා යාමට උත්සහ කිරීමේ දී ඩුබායි ගුවන්තොට පර්යන්තයේ දී ඉකුත් (04) වැනි දින අලුයම එරට ආගමන විගමන නිලධාරිහු ඔහු අත්අඩංගුවට ගත්හ. උදයංග වීරතුංග දැනට අබුඩාබි නුවර රදවාගෙන සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දත් යනවද . බැසිල්ට වගේ පිරිත් කියලා නිරෝගී සුව. පතන්න , බනදන. ගාරයට රැගෙන යන්නේ. ගිලන් රියෙන්ද . ඇප ඉල්ලා හොරු ටික පොලිමේද .
මහින්දත් යනවද . බැසිල්ට වගේ පිරිත් කියලා නිරෝගී සුව. පතන්න , බනදන. ගාරයට රැගෙන යන්නේ. ගිලන් රියෙන්ද . ඇප ඉල්ලා හොරු ටික පොලිමේද .
මෙච්චර ගානක් යන්නේ එයාව කරේ තියාගෙන ගෙනෙන්නද?
ඇමරිකාවට පැනලා ඉන්න සගයා බලන්න යන ගමන් තමයි අහුවුනේ.
ඩුබායි රටේ නීතිය අකුරටම ඉටුකලා බලමු අපේ නීතිය කොහොමද මේ හොරුන්ට ක්‍රියාත්මක වෙන්නේ කියා ?
මෙයාව ගේන්න හත්දෙනෙක් මොකටද එක්කෙනෙක් හිටියත් හොඳටම ඇති.
මේවා අලුත්ම ඩ්‍රාමා
ඔන්න උදයංග වීරතුංගට දැන්මම ලෙඩලු හිරේ දාන්නත් කලින් දැන්මම නවලෝක රෝහලේ සුපිරි වාට්ටුවක් ලෑස්ති කරන්න. ලක්ෂ ගණනාවක් ගෙවලා නීතීඥ කණ්ඩායමකුත් ලැස්තියිලු
ඒකෙත් හැටි ඡන්දෙ කිට්ටු කරලම අනිත් අයවත් අල්ලපු ගමන්ම මෙයාවත් දැකපු එකනේ පුදුමේ.
හත් දෙනෙකුට කන්න, බොන්න, ටිකට්, හෝටල් පහසුකම්, වලට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක්වත් යාවි. ඒකත් අපේ ගිණුමට. අන්තිමට උදයංග වීරතුංග යුක්රේන් වල ඉදීවි. අපේ ඈයෝ ජොලියක් දාල හිස් අතින් ගෙදර ඒවි.
චතුරි අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න ඔයත් යන්න.
14 පොළකින් අල්ලාගෙන එන්න ගෙන්න ඕනි ඇති.
මේයත් පක්ෂයේ හිටපු කෙනෙක්නෙ, බයවෙන්ඩ දෙයක් නැහැ. ලොකු රට නෙමේ පක්ෂය. ඕන කරන දේවල් යට ගහනවා පක්ෂය දිනවන්න.
ආ.. මේ හත් දෙනාට විදේශ සංචාරයක් ලැබිල වගේ, මේ වගේ තව හත් දෙනෙක් අර්ජුන මහේන්ද්‍රන් කුදලාගෙන එන්න යැවුව නම් 14ක්ම ගොඩ. අඩුබාබි සිංගප්පූරු යන්න චාන්ස් එකක් ලැබෙන්නෙ කලාතුරකින්.
මිග් යානා ගනුදෙනුව මෙයාගෙන් දැනගන්න පුළුවන් ......
කට්ටියම අහුවෙයි. ජනාදිපතිතුමාට ජයවේවා.