මිනින්දෝරුවෝ අදත් වැඩ වරති රජයේ මිනින්දෝරු සංගමය අදත් (12) සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව පවසයි. 12 July 2017
මැතිව්ස් ඉල්ලා අස්වෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර තිබේ. 11 July 2017
ඩෙංගු තුරන් කරන්න ජාතික වැඩසටහනක් සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය තුරන් කිරීම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් එක්ව ජාතික වැඩසටහනක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි. 11 July 2017
දූෂණ මර්දන ඒකකය වසා දැමීමේ සාකච්ඡා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට අද පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී තිබේ. 11 July 2017
සක්විති සමාගමේ ලිපිගොනුවක් අස්ථාන වීම ගැන සොයයි සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ලියාපදිංචි ලිපි ගොනුව සමාගම් රෙජිස්ටාර් කාර්යාලයෙන් අස්ථාන ගත වීම ගැන වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (11) රහස් පොලිසියට නියම කළේය. 11 July 2017
අතුරුදන්වීම් ගැන සොයන්නැයි එජා මහලේකම්ගෙන් ඉල්ලයි ඉකුත් කාලවලදී ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන පුද්ගල අතුරුදන් වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමේන් සොයා බලන්නැයි ඉල්ලා කොටි හිතවාදී ටී.ජී.ටී.ඊ. සංවිධානය විසින් විශේෂ සංදේශයක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට බාර දෙනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 11 July 2017
නව පාලන ක්‍රමයකට ශ්රීලනීපයේ අවධානය පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකඟතාව පළ කර නැතැයි වාරිමාර්ග අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි. 11 July 2017
රවීට ලොතරැයි මණ්ඩලය දීම ගැන තවත් පෙත්සමක් මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි. 11 July 2017
වරාපිටියේ සිසුන් ජවිපෙ මැයි රැළියට ගෙන ගියාදැයි සොයයි අම්පාර මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය මහ විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් එම පාසලේ සිසුන් 30දෙනකු ඉකුත් මැයි 01 වැනි දා කොළඹ බි.ආර්.සි පිටියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියට සහභාගි කරවීම ගැන මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 11 July 2017
අර්ථසාධක අරමුදලේ ගැණුම්කරුවකුගේ සේවය අත්හිටුවයි සේවක අර්ථ සාධක අරමුදලේ ගැණුම්කරුවකු ලෙස කටයුතු කළ සමන් කුමාර මහතාගේ සේවය සඳුදා (10) සිට අත්හිටුවා ඇති බව අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අද (11) බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. 11 July 2017
ගයන්තට මඩ ගැසීමේ සිද්ධියේ පරීක්ෂණ ඇරඹෙයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අවතැන් ජනතාව වෙත බෙදා හැරි බව කියමින් කූඨ ලේඛනයක් සහිත ලේබලයක් ඇලවූ කෙසෙල් ගෙඩි දෙකක් සහිත ඡායාරූපයක් ෆේස්බුක් සමාජ ජාලා ගිණුම් හරහා ප්‍රචාරය කළැයි කියන සිද්ධියකට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 11 July 2017
ගැබිණි මව්වරුන්ගේ වවුචරය ඩිජිටල් වෙයි ගැබිණි මව්වරුන්ට පෝෂණ දීමනාවක් ලෙස මාසිකව ලබාදෙන රුපියල් 2000ක වවුචරය ඩිජිටල් වවුචරයක් ලෙස ජංගම දුරකථනය හරහා ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි. 11 July 2017
හිටපු ජනපති රියදුරුටත් ඇප නෑ රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ලාල් ප්‍රියන්ත පීරිස් ලබන 18 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(11) නියෝග කළාය. 11 July 2017
නව යුද හමුදාපති ජනපති හමුවෙයි ශි‍්‍ර ලංකා යුද හමුදාවේ 22 වැනි හමුදාපතිවරයා වශයෙන් පත් වු ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යලයේ දී ජනාධිපතිවරයා හමුවිය. 11 July 2017
ජනමාධ්‍ය කොමිසම ගැන කෙටුම්පත මාස දෙකකින් ජනමාධ්‍ය නියාමන කොමිසම පිළිබඳ කෙටුම්පත මාස දෙකක් ඇතුළත සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අද පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී තීරණය කර තිබේ. 11 July 2017
සයිටම් යෝජනාව එජාපයේ විරෝධතා නිසා ඉවතට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා සබරගමු පළාත් සභාව වෙත ගෙනා යෝජනාවක් විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතා හේතුවෙන් විවාදයට නොගැනීමට එහි සභාපති කංචන ජයරත්න මහතා අද (11) පියවර ගත්තේ ය.සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා සබරගමු පළාත් සභාව වෙත ගෙනා යෝජනාවක් විපක්ෂයේ එක්සත් ජාතික 11 July 2017
’අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධය අවසන් නෑ’ අයි.එස් සංවිධානය පරාජයට පත් කරමින් මොසුල් නුවරදී ‘ඓතිහාසික’ ජයක් ලැබුවද අයි.එස් සංවිධානයට එරෙහිව යුද්ධය තවමත් අවසන් නැතැයි ඉරාකයේ සිටින ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 11 July 2017
උමා ඔය හානියට ඉරාන සමාගමෙන් වන්දි ගත යුතුයි - රවීන්ද්‍ර කාරියවසම් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සිදු කරන ඉරාන සමාගම නිසි ආකාරයට වැඩ කටයුතු සිදු කර නැති බව ජනාධිපතිවරයා ඇතුළු රජය පිළිගෙන ඇති බැවින් වහාම එම සමාගමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය යුතු බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි. 11 July 2017
නාඋල දඩයම්කරුවන් අල්ලන්න විශේෂ මෙහෙයුමක් පවතින නියං තත්ත්වයත් සමග ජලය සොයා පැමිණෙන වන සතුන් දඩයම් කිරීම වැළැක්වීම සඳහා විශේෂ මෙහෙයුමක් සඳුදා (10) ආරම්භ කළ බව ඇලහැර වන ජීවි කාර්යාලය කියයි. 11 July 2017
’දඹුලු රජමහ විහාරය වහන්න ඉඩ දෙන්නේ නෑ’ - මහ සඟරුවන පවසයි කිසිම ආකාරයකින් දඹුලු විහාරය වසා දමන්න ඉඩ නොතබන බව දඹුලු සගරුවන රජයට අනතුරු අගවයි. දඹුලු විහාරයට හානි කරන්න ආවොත් තමන් ආසන සංවිධායක් ධුරයෙන් ඉවත් වනවා නව ආසන සංවිධායක කියයි. මහා සඟරුවන උදේම දඹුලු රජමහා විහාරයට වැඩම කරවති . 11 July 2017
පිලියන්දල වෙඩි වැදුණු සිසුවාට ජනපතිගෙන් ලක්ෂ 25ක ආධාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව මහතාට පාතාල කල්ලියක් විසින් වෙඩි තැබු සිද්ධියේ දී තුවාල ලැබු පිලියන්දල පදිංචි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ශිෂ්‍ය සංදීප රුක්ෂාන්ගේ පවුලේ ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් ලක්ෂ 25 ක මුල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට පොරොන්දු වී තිබේ. 11 July 2017
ලක්ෂ 10 ක තහනම් බඩු රේගුවේදී දැලේ විදේශීය නිෂ්පාදිත ස්වර්ණාභරණ ,දුම්වැටි සහ මත්පැන් තොගයක් නීතිවිරෝධීව සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටි පුද්ගලයකු අද (11) කටුනායක ගුවන් තොටුපොළ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි. 11 July 2017
මනල්කාඩු සිද්ධියේ පරික්ෂණ කරන්න පොලිස් අධිකාරි මෙවන් ද සිල්වා යාපනයට පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේ දී වැලි පැටවු ටිපර් රථයකට පොලිසිය කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතා අද (11) යාපනයට ගොස් ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 11 July 2017
අසාත්මිකතාවක් නිසා වැලිපැන්නේ සිසුන් පිරිසක් රෝහලේ අසාත්මික තත්වයක් හේතුවෙන් වැලිපැන්න වලගෙදර මහ විද්‍යාලයේ 6,7,8 ශ්‍රේණිවල සිසුන් පිරිසක් ධර්ගා රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි පවසයි. 11 July 2017
නෙල්ලියඩි-මනලකාඩු ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව පපු ප්‍රදේශයට වෙඩි වැදීමෙන් හදවතට ලේ ගලායාම නිසා මරණය සිදුව ඇති බවට පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය කරමින් යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. මයුරධන් මහතා කියා සිටියේය. 11 July 2017
සුරියවැව ක්‍රිඩාංගනයේ කම්කරුවන්ට වැටුප් දිමට පෙර කලිසම් ගලවාගනී සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයේ සිම්බාබ්බේ සමග පැවති තරග කාලසිමාවේදී ක්‍රිඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කල කම්කරුවන්ගේ වැටුප් ලබා දිමට පෙර ඔවුන් ඇද සිටි රෙදි ගලවාගැනිම නිසා ඊයේ (10) ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වු බව එහි සේවය කල කම්කරුවෝ පවසති. 11 July 2017
කන්ටේනරයක් වුඩ්ලන්හිදී පෙරළෙයි වැලිමඩ සිට කොළඹ දක්වා තේ කොළ ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වුඩ්ලන්හිදී මාර්ගය හරහා අද (11) පෙරළීමෙන් එම මාර්ගයේ බර වාහන ධාවනයට බාධා පැමිණ ඇතැයි හැටන් පොලිසිය පවසයි. 11 July 2017
ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ඇමරිකාවේදී අතුරුදන් ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ සැඟව සිටින හමුදා බි්රගේඩියර්වරයකු අත්අඩංගුවට ගැනීමට තානාපති කර්යාලය මගින් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව යුද හමුදාව කියයි. 10 July 2017
ළමා අපචාරයකට සම්බන්ධ හිමිනමකට සිර දඬුවම් සුනාමියට හසුවු දරුවකු රැගෙන විත් පොලිස් නිලධාරියෙකු සමඟ එක්ව ‘නිල් චිත්‍රපට‘ පෙන්වමින් අසභ්‍ය ක්‍රියාවලට යොමු කළැයි කියන හිමිනමකට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා රුපියල් ලක්ෂයක දඩයක්ද අද (10) නියම කළේය. 10 July 2017
දඹුලු ලෙන් විහාරය වසා දමයි ඵෙතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමටත් එම ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු වහාම ආරම්භ කිරීමටත් පුරාවිද්‍යා උපදේශක මණ්ඩලය ඊයේ(10) ඒකමතිකව තීන්දුවකට එළැඹ තිබේ. 10 July 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026