මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් මහතාගේ නිවසට කඩා වැදුණු එරට පොලිසිය හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි ‘මෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්සේවය වාර්තා කරයි.
පොලිසිය කඩා වැදී තම පියා අත්අඩංගුවට ගත්තේ යැයි හිටපු ජනාධිපතිවරයාගේ දියණිය යුම්නා මවුමූන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර ඇය උපුටා දක්වමින් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්ව ඇතැයි ‘මෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්සේවය වාර්තා කරයි.
හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අර්ධ සහෝදරයෙක් ද වේ.
තම නිවස වටා පොලිස් නිලධාරීන් රැසක් එකතු වී ඇතැයි මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල ගයුම් ට්විටර් පණිවඩුයක් නිකුත් කරමින් කියා තිබිණි. ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර ට්වීටර් පණිවිඩයක සටහන් කර තිබුණේ පොලිසිය එක්රැස්ව සිටින්නේ තමාට ආරක්ෂාව සැපයීමට ද එසේත් නැතිනම් තමා අත්අඩංගුවට ගැනීමට දැයි යන්න පිළිබඳ අදහසක් නැති බවයි.
“මගේ නිවස වටා පොලිස් නිලධාරීන් රැසක් එක්රැස් වී සිටිනවා. ඔවුන් පැමිණ තිබෙන්නේ මා අත්අඩංගුවට ගැනීමට ද ? මා ආරක්ෂා කිරීමට ද ? කිසි දෙයක් ගැන කිසි අදහසක් නැහැ” යැයි ද හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන්ව තිබේ.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ රැඳි සිටිමින් අදාළ සිදුවීම් රූගත කළ මාධ්‍යවේදියකු අත්අඩංගුවට පත්ව ඇති බව ‘මෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්සේවය වාර්තා කර ඇති අතර රූගත කළ වීඩියෝ දර්ශන මකා දැමීමෙන් පසු ඔහු නිදහස් කර ඇතැයි ද වාර්තා වේ.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයින අපට බොහොම සමීපයි. එකම හුළඟ ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට හමා එන්නේ. නොසිතු අන්දමට දැවැන්ත ගස් අපේ රටෙත් අද හැලෙන අන්දම හෙට අනිද්දට අහන්න දකින්න ලැබෙයි. "රජකම් කලත් කළ කම් පල දෙනවා" මයි !
විශ්‍රාම ගොස් සිටියත් නිදහසක් නැහැ නේද?