සිතුම් චතුරංග
වසර 28 කාලයක් වසාදමා තිබූ පේදුරුතුඩුව - කන්කසන්තුරය ඒ.බි. 21 මාර්ගය අද (05) ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ නියෝග අනුව විවෘත කරනු ලැබීය.
1990 ජුනි 20 වැනිදා සිට යාපනය පලාලි යුද හමුදා අධි ආරක්ෂිත කලාපය පිහිටා තිබීම හේතුවෙන් ආරක්ෂිත ක්රියාමාර්ගයක් ලෙස සිවිල් ජනතාවට මෙම මාර්ගය වසා දැමූ බව යුද හමුදාව පවසයි.
සිවිල් ජනතාවට පේදුරුතුඩුව මයිලඩ්ඩි වරාය විවෘත කර පේදුරුතුඩුව ප්රදේශයේ ඉඩම් ලබාදීමත් සමඟ එම ජනතාවට ජීවන වෘතිය කරගැනීම සහ වෙනත් කාරණා සදහා කන්කසන්තුරය දක්වා ගමන් කිරීමට කිලෝමීටර 22කට අධික දුරක් ගමන් කළයුතුව තිබුණි. මාර්ගය විවෘත කිරීමෙන් පසු පේදුරුතුඩුව ජනතාවට කිලෝමීටර 3.5 පමණ දුරක් ගමන් කිරීමෙන් කන්කසන්තුරයට ගමන් කළ හැකිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාතිවාදීන් කෙසේ දනිතත්, මා දකින්නේ ඉතාම සද්ක්රියාවක් ලෙසයි. ඔබතුමාට මෙවන් එඩිතර කාර්යයන් කිරීමට තවතවත් ධෛර්යය ලැබේවා !!!
හොද දෙයක්. හැබැයි මේක නම් ඡන්දෙ බලාගෙන කරපු දෙයක්. 1000% ෂුවර්
මේ රටේ ජාතින් ලෙස වෙන් වශයෙන් සලකන්න ගියොත් සමගියට බාධාවක්. මේක නොදන්නා සිංහල දෙමල නායකයෝ තමයි විසබීජ දාන්නේ
ඇයි මෙ ඡන්දය ලග එන නිසාද ?
ඇරලා වහපු මිනිසුන්ට බනින එක මහා වීර ක්රියාවක් වගේ අද කලාට, ඔය පාර වහන්න හේතුව, වැසුණු හේතුව සහ පසුගිය අවුරුදු 20 (2009 තෙක්) තිබුණු අදුරු යුගය මිනිසුන්න්ට අමතක කරන්න බැරි බව කිව යුතුය.
පෙන්නුම් කරලා තියන සිතියමේ වැරද්දක් තියනවා වගෙයි. මම නම් ගිහින් තියන පේදුරුතුඩුව තියෙන්නේ රට ඇතුලේ නොවෙයි, මූද අද්දරයි !