පසුගිය ආණ්ඩුවේ සොරුන්ටයි මේ ආණ්ඩුවේ සොරුන්ටයි කිසිම සමාවක් නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අද වව්නියාවේදී කියා සිටියේය.
තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේය. ‘‘මම ජනාධිපති වෙන්න පෙර කොයි තරම් අතුරුදහන් වීම් සිදු වුණාද? උතුරේ විතරක් නොවෙයි දකුණේත් යුද්දෙන් පස්සේත් අතුරුදහම් වීම් සිදුවුණා. සුදු වෑන් වලින් ඇවිත් මිනිස්සුන්ව අරන් ගියා, මාධ්‍ය ආයතන ගිනි තිබ්බද, මම ජනාධිපතිවෙලා අවුරුදු තුනක් වෙනවා. කිසිම අතුරුදහන්වීමක් සිදුවෙලා නෑ.
මහබැංකුවේ සල්ලි හොරකම් කරලා තියෙන්නේ 2008 සිට 2016 වෙනකම් කියලා විනිශ්චකාරතුමා කොමිෂමේ නිර්දේශ කරල තියනවා. ඒ නිසා ගිය ආණ්ඩුවේ හොරුන්ටයි මේ ආණ්ඩුවේ හොරුන්ටයි මගෙන් කිසිම සමාවක් නැහැ. පසුගියදා මිහින් ලංකා එකේ සිදුවුණු කෝටි ගාණක මහපරිමාණ මුදල් වංචාව හොයන්නත් මම ජනාධිපති
කොමිෂමක් පත් කරල තියෙන්නේ.
මෙවර පැවත්වෙන පලාත් පාලන මැතිවරණය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය වූ ජන හමු දෙකක් අද උතුරේදී පැවත්වේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැත්තේ අය නම් අනිවාර්යෙන්ම මෙයාට කතිරය ගහනවාමයි.
තවදුරටත් ඔබතුමා කියන දේවල් විශ්වාස කරන්න තරම් මෝඩ මිනිස්සු ඉන්නවාද කියලා මටනම් සැකයි... ඔබතුමාගේ ළඟින් ඉන්න කැබිනට් ඇමැතිවරයෙකුගේ දූෂණ, චෝදනා විභාග කරන්න ගිය නිසා නේද අල්ලස් කොමසාරිස්තුමිය ඉවත් කලේ?
මහා බැංකු හොරකමේ ප්‍රධාන සැකකරු අර්ජුන් මහේන්ද්‍රන්ගේ පත්වීමේ ලිපියට අත්සන් කළ බව අමතක කරන්න එපා.
අවුරුදු 3 ක් තිස්සේ සද්දේ විතරනේ. කෝ වැඩ?
මෙතුමාටම දැන් තේරිලා වගේ 2015 ජනවාරි මෙතුමාට තිබිච්ච ජනවරම සහ කීර්ති නාමය දැන් නැහැ කියලා. ඒ නිසා තමයි ඉතිරි අවුරුදු 2 ක තුල හොරු අල්ලනවා, දඬුවම් දෙනවා කියමින් වේදිකාවල පම්බෝරි ගහන්නේ. මෙතුමාට අවංකවම හොරුන්ට දඬුවම් දෙන්න ඕනෑ නං, මේ අවුරුදු 3 ක්ම මොනවද කළේ. රවීට මුදල් ඇමතිකම දෙන්නත්, මහේන්ද්‍රන්ට මහබැංකු අධිපතිකම දෙන්නත් මෙතුමාට කැමැත්තක් තිබුණේ නැතිලු. දැන් ඔය කතාවලින් වැඩක් නැහැ.
ඒ ගොල්ලෝ විතරක් නෙවෙයි දකුණේ අපිත් මෙයාට තමයි.
මෙයා මරු කියවනවා. උතුරට ගියාම එකක්... දකුණට ආපුවාම ඩබල් වෙලා මරු කියවනවා. මෙහෙමත් කෙනෙක් මගේ ජීවිතයටම දැක්කමයි.
ඕක කියන්න අවුරුදු තුනක්ම ගියා නම් ක්‍රියාවට නංවන්න තව අවුරුදු කීයක් යයිද? කටින් බතලද දන්නේ නෑ....
ඡන්දයක් ළංවෙනකොට මෙයා නිකම් වයින් කරපු බෝනික්කා වගේ කට දොඩවනවා. මේ අවුරුදු 3 ට රටේ මොනතරම් හොරකම් වුණාද? ඒවාට කිසිම පියවරක් ගත්තේ නැහැ. පළමු මහබැංකු හොරකමේ චූදිතයෝ බේරන්න පාර්ලිමේන්තුව විසුරුවල, කොමිසමේ වාර්තාව එළිවෙන එක වැළකුවා. ඒ වෙලාවේ අඩුම තරමේ බහබැංකු අධිපතිව යැව්වා නම් දෙවෙනියට කරපු ලොකු හොරකම වළකන්න තිබුණා. කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට කියලා භාවිතයට ගන්න බැරි ගොඩනැගිල්ලක් බදු අරගෙන කෝටි ගණන් වියදම් කරනවා. ඒවාට ඇස්, කන් පෙනෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ වුණාට දේශපාලන පලිගැනීම වලට, කැරම් බෝර්ඩ් බෙදපුවා, සිල්රෙදි බෙදපුවා ගැන සොයනවා. අඩුම තරමේ ඒවා ගියේ ජනතාව අතට. කාගේවත් සාක්කුවලට නෙමෙයි. අැවන්ගාර්ඩ් එක අක්‍රීය කිරීමෙන් රටට එන්න තිබුණු විශාල විදේශ විනිමයක් නැති වුණා. හරි නායකයෙක් නම් කරන්න තිබුණේ, ඒවායේ තිබුණු දුර්වලකම් මගහැරවලා රටේ ආදායම වැඩිකරගෙන ඔවුන්ගෙන් අාදායම් බදු ගන්න එකයි. දැන් ඒවා යන්නේ සිංගප්පුරුවට....
ඉදිරි මැතිවරණය තුල ශ්‍රී.ල.නි.පයේ දේශපාලනමය අනාථ භාවය මේ ද්වේශසහගත ප්‍රකාශ වලින්ම පේනවා.
කවුද අනේ මෙයා? පාර්ලිමන්ට් ජෝක්ස් පිචර් එකේ නළුවෙක්ද?
අර්ජුන මහේන්ද්‍රන් පසුගිය 2002-2004 රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරණ ලද අතර දෙදෙනාම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවන් වේ. වර්තමානයේ සිංගපූරුවේ පුරවැසිභාවය ලැබුවද ලාංකිකයෙකි. ඔහුගේ පියා චාලි මහේන්ද්‍රන් කලක් කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධුරයක්ද දැරිය. ඔහුගේ දියණිය ඇන්ජලී මහේන්ද්‍රන් ප්‍රකට කොටස් වෙළෙඳපළ ආයෝජක හා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ වේ. මහබැංකු අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නොවන සාමාජිකයින් පත් කරනු ලැබේ. දැන් අනිවාර්යෙන්ම සැබෑ පරීක්ෂණයක් සිදුවන්නේ නම් මහ බැංකු අධිපති පත්කළ පුද්ගලයන්ගෙන් ප්‍රකශ සටහන් ගැනීම නිත්‍යානුකූලව සිදුවියයුතු බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ඒ සඳහා අධිකරණයට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද බලයක් ඇත.
මෙතුමා අල්ලන හොරෙක් නැහැ. බොරුවට බයිලා කියවනවා. මේ ලඟකදී එහා පැත්තේ ඉන්න හොරු ඔක්කොටම අඬගහලා තිබුණේ ආණ්ඩුවක් පිහිටුවන්න.
කාවද සිරිසේන මහත්තයෝ ඔය ගොනාට අන්දවන්න හදන්නේ? අවුරුදු 30 ක් එජාපය වවගෙන කාපු යුද්ධයක් අවුරුදු 2න් ඉවරකරලා, විශාල ව්‍යපෘති 7-8 කරො බැංකුවත් හොරාකෑවා නම් මේරට ඉතුරුවෙයිද? ඒ කාලේ ඔබත් ඔය කැබිනට්ටුවේ නේද හිටියේ? එහෙමනම් මහජනයා එ්බවත් දන්න බව හිතාගන්න. බැංකුවෙන් සල්ලි අරන් ව්‍යාපෘති කරන්න අත ඉස්සුවා නම් හලෝ ඔබත් හවුල් කාරයෙක් බව බයියොත් දන්නා බව තේරුම් ගන්න.
මේ නිවට ද්‍රෝහියා හැමදාම බෙරිහන් දෙයි. වැඩ නැත. වෛරය වපුරයි. ආප්ප කාල ගිහින් පහුවදා පාන්දර කරපු දේ දන්නවා. අවුරුදු තුනක් රට කාබාසිනියා කළා. රටටම ලැජ්ජාවක්... අවුරුදු 30 නිදහස... කරුමෙට තමයි ඉන්නේ... මේ හොරකමේ ලොකුම හොරු දෙන්නා කව්ද කියලා අපි දන්නවා. දැන් බොරුවට කෑගහලා ඡන්ද කඩාගන්න ඇවිල්ලා. ද්‍රෝහී පිංගුත්තරයින්ව පලවා හැරිය යුතුයි.
අද හොරුන්ට දඩුවම් දෙන්න යනකොට ඒවාට විරුද්දව පෙළ ගැහෙන නිවටයෝ ඉන්නවා.
කවුරු මොනවා කිව්වත් අපට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව විශ්වාසයි. මෙතුමා කියන දේවල් ක්‍රියාත්මක කරන්න නම් ශ්‍රී.ල.නි. පක්ෂය ප්‍රබල විය යුතුයි.
මෙය දේශපාලන පළිගැනීම් මිස කිසිදෙයක් නැහැ. අපි නම් රැවටෙන්නේ නැහැ ඕවට.
දඬුවම් කලත් බනින , නොකලත් බනින, දෙපැත් නයි බලාගන්න මරු තැන මෙතන.... න්යායපත්රය නං පැහැදිලියි. හැබැයි මේ රටේද පිට රටකද ඉන්නේ කියල හිතෙනවා.
එතකොට ඩියු ගුණසේකර කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න ඉස්සර අගමැති බේර ගන්න කියලා විසුරුවා හැරපු එක හොරකම යට ගැහීමක් නේද?
මෙතුමාට වයර් මාරුවෙලා.. මෙච්චර විකාරෙන් දොඩවන්නේ මොකද අනේ? දිවුරුම් දීලා, ජාතිය අමතලා පළමු කතාවෙන්ම කියන්න තිබුනේ මෙච්චරයි " මම ජනාධිපති වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි... මේ රටේ මුළුමහත් බුද්ධිමත් සියලු දේශපාලන පක්ෂවලට අයත් හා අයත් නොවන ශ්‍රී ලාංකීය සියලු දෙනාගෙන්, ඒ නිසා පක්ෂේ හදා ගන්න ඕනෙ මිනිහෙක් පක්ෂේ හදාගන්න. මේ රටේ මුළුමහත් ජනයා මට වගකීමක් පැවරුවා. කවුරු කැමති වුණත් අකමැති වුණත් මම ඒ වගකීම ඉෂ්ට කරනවා "අනේ මොකද්ද මෙතුමා මේ කරන්නේ...? මට නම් පෙනෙන්නේ 6,200,000 ට විතරක් නෙමෙයි 15,000,000 වන මුළු මහත් ඡන්ද දායකයින්ට මෙතුමා මගහරිනවා වගේ වැඩක් නේද මේ කරන්නේ? අනේ මන්දා?
කටින් බතල කොළ සිටවනවා කියලා අපේ කිරිඅම්මා කියපු කතාවක් මතක් වුණා.
කටින් බතල කොළ අවුරුදු 3 ගියා අපිත් බලන් ඉන්නවා හොරු අල්ලන්න කියලා 2015 ජනවාරි 08 වෙනිදා ඉදන් කියන කතා .
කටින් බතල කොළ අවුරුදු 3 ගියා අපිත් බලන් ඉන්නවා හොරු අල්ලන්න කියල ඇවිත් තාම නිදි .. බයිලා ..
කටින් බතල කොළ අවුරුදු 3 ගියා විකාර
කටින් බතල කොළ තමයි
මෙතුමා මතක තබා ගත යුත්තේ පක්ෂයේ සභාපතිට වඩා රටේ ජනාධිපති බවයි.
අපි හැමවෙලේම මෛත්‍රිපාල මහතාව විශ්වාස කරනවා. ඔහු කලින් රෙජීමය නතරකළා. ඔබතුමා නිවැරදිව වැඩ කරනවා නම් මහින්ද මහතා ඇතුළු පිරිස ඔබ යටතට ගත හැකියි. ජය වේවා !!!
ඔබතුමාට ගොඩාක් ස්තූතියි. විනෝද සමය නැවත රඟ දක්වනවාට.
හරි හරි ඉතින් අතටම අල්ලගත්ත අයට දඬුවම් කරලා ඉන්නකෝ ඉස්සරවෙලා . ඔබතුමාගේ ඔය කෑගැහිල්ල අහල දැන් මගේ කනත් රිදෙනවා.
ඔක්කොම කියනවා විතරයි කරන්න එකෙක්වත් නැහැ. දැන් දවස් කියක් වෙනවද? බොරු කතා.