ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කලව පසුපස මස්පිඬුවේ ඇතිවී තිබෙන ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී නැති බැවින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග දෙකටම ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් ඔහුට අහිමි වී තිබේ. මෙම තරග දෙක මේ මස 15 සහ 18 දිනවලදී බංග්ලාදේශයේ ඩකා සහ ෂිලාත් නගර වලදී පැවැත්වීමට නියමිතය.
ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ‘නිදහස් කුසලාන’ තුන්කොන් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යවශ්‍ය වන බැවින් විස්සයි-20 තරග දෙකක් සඳහා පමණක් ඔහු කඩිමුඩියේ පිට්ටනියට යවා අවදානමකට මුහුණ දීමේ තේරුමක් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්රැහැම් ලැබ්රෝයි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඇන්ජලෝ කණ්ඩායමට අත්‍යවශ්‍යමද.
හොදටම පරෙස්සම් කරන්න ඕන . නැතුවම බැරි ක්‍රීඩකයෙක්නේ නේ ?
I. P . L . එකටද?
කලින් වෙච්ච විදිහටම බංග්ලාදේශයේදීත් එක මැච් එකයි සෙල්ලම් කලේ කකුලේ ලෙඩේ අවා. දැන් බංග්ලාදේශයේ ඉතුරු මැච් සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ, ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියේ පළමුවන තරගයට සෙල්ලම් කරලා අයිමත් කකුලේ ලෙඩේ ඇන්ජලෝට ආවොත් මොකද කරන්නේ. මේ යන විදිහට ලකුණු 30 හෝ 40 ගහනකොට කකුලේ ලෙඩේ ආයිත් එන්න පුළුවන්, එතකොට තවත් මාස ගණනාවක් නිවාඩු දීල ඊට පස්සේ තව එක මැච් එකක් ගස්වනවද ?
මම මැතිවුස් ට කැමතියි, හොඳ ක්‍රීඩකයෙක් වගේම හොඳ නායකයෙක්, නමුත් තරඟ 2ක් සෙල්ලම් කරලා 10ක් එළියේ ඉන්න එක (අසනීප වීම මනුස්ස ස්භාවේ උනත්) අපේ කණ්ඩායමට ප්‍රයෝජනවත් දෙයක් නෙමේ නේද ? මොකද කණ්ඩායමක් පවතින්නේ මෙහෙයවන්නා මත, ඉතින් මෙහෙයවන්නා කණ්ඩායමේ නිතරම නැතිනම් කොහොමද කණ්ඩායමක් විදිහට ඉදිරියට යන්නේ ?
පරිස්සමි කරලා බෙහෙත් දිලා තියා ගන්න අයි පි එල් ගහන්න