මාලදිවයිනේ පොලිසිය එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිද් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලි හමීඞ් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇත්තේ අද (6) අලුයම් කාලයේදීය.
මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඊයේ (5) දින 15ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඉන් අනතුරුව ඊයේ (5) රාත්‍රීයේ එරට හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, ඔහුගේ බෑණනුවන් අත්අඩංගුවට ගත් අතර තවත් විපක්ෂ දේශපලන ක්‍රියාකාරීන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගත් බව වාර්තා විය.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණ මේ මස ආරම්භයේදී නියෝග කළේය. විපක්ෂයේ නායකයන් නව දෙනකු ඇතුළු දේශපාලන සිරකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන මැදිහත් වීම් මත බව ඔවුන්ගේ නඩු විභාග සිදු වී ඇති ආකාරය අසාධාරණ බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දුන්නේය.
කෙසේ නමුත් එම තීන්දුව ක්‍රියාත්මක කිරීම ජනාධිපති අබ්දුල්ලා යමීන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. ඒත් සමඟ කාලයක් තිස්සේ මාලදිවයිනේ පැවති අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට හැරිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂගෙන් ටියුෂන් අරගෙනද එහෙම නැත්නම් තවත් රාජපක්ෂලා මාලදිවයිනේත් සිටිත්ද ?
මෙය ප්රජාතන්ත්රවාදයට විරුද්ධ ක්‍රියාවක් වුනත්, එය ඉතා වැදගත් ක්‍රියාවක් ලෙස සැලකිය යුතුයි. වර්තමාන මාලේ රජය චීනයට සමහර දූපත් පවරා දීම නිසා, විවිද රටවල Intelligence agencies විරුද්ධ පක්ෂයට සහයෝගය දෙමින් වර්තමාන රජය පෙරලීමට තැත් දරයි.