(අමල් වික්‍රමරත්න)
ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් අද (6) සහ හෙට (7) පැය 48 ක සංකේතවැඩවර්ජනයක නිරත වීමට දිවයින පුරා විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය.
වසර එකහමාරක සිට පැවති ගැටලු සඳහා මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු කීවේය.
ඉකුත් වසරේ අගෝස්තු 3 වැනිදා ඇතිකරගත්එකඟතාවයන් මෙතෙක් ඉටු නොකිරීමත් පසුගිය දා ලබාදී තිබු සාකච්ඡාවද නැවත අවලංගු කිරීමත් නිසා පැය 48 ක සංකේත වර්ජනයක් කිරීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති සඳහන් කළේය.
වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා ඇති විශ්ව විද්‍යාල පද්ධතියේ කටයුතු අද සහ හෙට අඩාල විය හැකි බවත් එහි වගකීම බලධාරීන් භාර ගතයුතු යුතු බවත් වෘත්තිය සමිති නිලධාරීහු පෙන්වා දෙති.
ඡායාරූප - ශාන්ත රත්නායක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විප්ලවයට ජයවේවා.