තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
විල්පත්තු වන රක්ෂිතය තුළ විශාල පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීම නවතාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර පදනම ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය පරිසර ඇමැති ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන මස 06 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (06) නොතීසි නිකුත් කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
වන සත්ව ආරක්ෂණ සංගමය සහ පරිසර පදනම මගින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස තිරසර සංවර්ධන හා වනජීවි සහ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ඇතුළු සිව්දෙනෙකු නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd