නිමල කොඩිතුවක්කු
බත්තරමුල්ල නගරය ඉලක්ක කරගනිමින් ඉදිකරන සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය මෙම වසර අග භාගයේ දී ආරම්භ කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එහි ප්‍රධාන ශක්‍යතා අධ්‍යනය , පරිසර අධ්‍යනය යනාදිය ජුනි මාසය වන විට සිදුකර අවසන් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සෙත්සිරිපාය දෙවන අදියරේ පැවති බත්තරමුල්ල- කඩුවෙල සංවර්ධන සැලසුම එළි දැක්වීමේ අවස්ථාවට අද (05) එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජපන් ආධාර මත සිදුකරන මෙම ව්‍යාපෘතිය මගින් පැයකට 3000ක් එහා මෙහා ගෙන යෑමේ හැකියාව ලැබෙන බවද ඔහු කියා සිටියේය.
ව්‍යාපෘතියට සමගාමීව දුම්රිය අංගනයට අමතරව කාර්යාල සංකීර්ණයක් සමඟ බස්රථ ඇතුලූ අනෙකුත් වාහන සඳහා නැවතුම් අංගනයක් ඉදිකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත්තරමුල්ලට රාජ්‍ය ආයතන ගෙනාවේ යටිතල පහසුකම් ගැන හොයන්නේ බලන්නේ නැතුව. ඊට අමතරව මේක කොළඹට ප්‍රධාන පිවිසුමක්. මේක කෙරෙනවනම් හොඳයි. නැත්නම් මිනිස්සු උදේ හවස පුදුම දුකක් විඳිනවා.
ගරු මැතිතුමනි, ඉන්දියාවේ මහා නගරවල ධාවනයවන සියලුම මෙට්‍රෝ දුම්රියන් යුරෝපයේ නිපදවන ලද අති නවීන, ඉතා පහසු සහ අලංකාර දුම්රියන් වෙයි. එම මෙට්‍රෝ දුම්රිය ස්ථානයන්ද නවීන පන්නයට සකසා ඇත. කරුණාකර අපගේ රටටත් එවැනි දුම්රියන් ආනයනය කරන්න.
ඡන්දෙත් ළඟ නිසා මේකත් අර ෆොක්ස්වැගන් වගේ වැඩක්ද?
හොංකොං නගරයේ දුම්රියපළවල් වටකර සුපර් මාකට් සාදා තිබේ. මෙම සුපිරි දුම්රිය පොළවල් වල වියළි වැසිකිළි සාදා තිබේ. මේවා ඉතා පිරිසිදුව පාවිච්චි කරනු ලබයි. නඩත්තුව ඉතාම ඉහළින් තිබේ.
ෆ්‍රී වයිෆයි මෙදාට කලින් දෙනවා. අර හයිවේ එක එදාට කලින් ඉවර කරනවා. අර ප්‍රොජෙක්ට් එක අර දවස වෙද්දි පටන් ගන්නවා. බලන්න ඡන්දයක් දැකපු ගමන් ආණ්ඩුව කොච්චර කාර්යක්ෂම වෙලාද කියලා.
ඡන්දෙන් පස්සෙත් මේක හැදෙනවද? නැත්තන් ගූගල් බැලූන්, වොක්ස්වැගන් වගේ වැඩක් වෙයිද?
රටේම තිබෙන රජයේ ආයතන බත්තරමුල්ලට ගෙනාවා බත්තරමුල්ලේ සහ අවට මිනිසුන්ට මහා හිරිහැරයක්
ජපන් ආධාර වගේම, පාලනයත් ටික කාලෙකට හරි ජපාන ජාතිකයින්ටම දීල බලන්න, කාර්යක්ෂම දුම්රිය සේවයක් පවත්වාගන්නේ කෙසේද යන්න ඉගෙනගන්නාකම්වත්. මොනොරේල් පද්ධති ජපානයේද ඇත්තේ සීමිත ප්‍රමාණයකුයි. නිසි නඩත්තුව නොකරන්නේනම් බොහොම ඉක්මණින් කොන්ක්‍රීට් මාර්ගය පමණක් ඉතිරි වනු ඇත. එබැවින් ස්ථාවර විදුලි සැපයුම, මාර්ගයේ සහ දුම්රිය නඩත්තුව පිළිබඳවද සේවක පුහුණුවද ඉදිකිරීමට සමගාමීව කළයුත්තක් බවයි හැඟෙන්නේ. කිසිදා දොරක් වැසූ පොදු ප්‍රවාහන සේවයක ගමන් කර නොමැති මගීන්ගේ ආරක්ෂාව පිළිබඳවද නිසි විධිවිධාන සංවිධානය කිරීමද අත්‍යාවශ්‍ය කරුණක්. සියල්ලට කලින් පෞද්ගලික බස් මාෆියාවේ විරෝධතා මැඬලීම ගැනත් සැලසුම් සකස් කරන්නට වේවි.
හරි හරි, වෑඩ උනා හෝ නෑතා හෝ, අඩුම ගානෙ කතාව අහල හරි සෑනසෙනවා. කතාවක් තියෙන්නෙ, හදට යන්න හිතා ගත්තොත්, අඩුම ගානෙ තරුවකට හරි යෑවෙයි කියල. මේකත් ඒවගේ තමයි. මෙට්‍රො ගෑන කිව්වත් , අඩුම ගානෙ ඒ සී බස් ටිකක් හරි ලෑබෙයි
ඉක්මනට මේ මොනෝ රේල් පාර හදන්න. එතකොට උද්ඝෝෂණ වලින් බේරී අපට ගමන් ගියහැකි
ඇමති තුමෝ, රාජගිරිය ගුවන් පාලම හැදුව වගේ මේකත් නා ගන්න එපා. ඉන්ජිනියර්සලා ගෙන් විතරක් නෙමෙයි ඔය ප්‍රදේශය නිතර භාවිත කරන සාමාන්‍ය ජනයගෙනුත් අදහස් ගන්න. අපි රාජගිරිය පාලම හදන කොටම කිව්වා ඕක දියත උයන ගාවටවත් දික් වෙන්න ඕනේ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ ? අපරාදේ මහජන මුදල් ?