( තිළිණි ද සිල්වා )
බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභාවට සාක්කි ලබා දීමට සිටි මහ බැංකුවේ හිටපු නිලධාරියෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තීරණය කළේය.
පරීක්ෂණ සිදුකරන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පුද්ගලයන්ගෙන් තමන්ට තර්ජන එල්ලවූ බවත් ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බව පවසමින් එම පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම ගොනු කොට තිබේ.
මෙම පෙත්සම විභාග කිරීමට තරම් නීතිමය පදනමක් නොමැති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළේය.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මෙම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ පරීක්ෂණයක් සිදුවන්නේ නම් මහ බැංකු අධිපති පත්කළ පුද්ගලයන්ගෙන් දැන් අනිවාර්යෙන්ම ප්‍රකශ සටහන් ගැනීම නිත්‍යානුකූලව සිදුවිය යුතු බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ඒ සඳහා අධිකරණයට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද බලයක් ඇත. මහබැංකු අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නොවන සාමාජිකයින් පත් කරනු ලැබේ