චතුර එස් .කොඩිකාර
දිවයින මාධ්‍යවේදී ශ්‍යාමි නුවන් ගනේවත්ත සම්පාදනය කරන ලද "කවුද හොරා " කෘතිය ජනගත කිරීම බොරැල්ලේ පිහිටි එන්.එමි.පෙරේරා කේන්ද්‍රයේ දී අද (05) සිදුකෙරිණි .
බැඳුම්කර වංචාව අළලා මෙම කෘතිය රචනා කර තිබේ.
එම අවස්ථාවට හිටපු කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර ,හිටපු මහ බැංකු සභාපති අජිත් නිවඩ් කබ්රාල් ,නීතිඥ කල්‍යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පට සිරි.... පිරමිඩ් හොරා ඇතුළු පට්ට හොරු ටිකක් ලඟින් තියාගෙන බැඳුම්කර වංචාව අළලා පොත් නිකුත් කරනවා... ලැජ්ජයි හලෝ.
කව්ද හොරු කියන එක අපිට අදාළ නැහැ. අපිට අවශ්‍ය ඔක්කොම හොරුන්ට දඩුවම් දීම සහ නැවත හොරකම් නොවෙන විදිහට ක්‍රම වේදයක්... මේ දේශපාලන උප්පරවැට්ටි මට නම් පිළිකුල්මයි.
පොහොට්ටුවේ කට්ටියටනේ පොත පිළිගන්වන්නේ .
ඔය ටයි පටි දාලා ඉන්න අය ගැන තමයි භයානක..
පල් හොරු ළඟ තියාගෙන කව්ද හොරා එළි දක්වනවා. අනුන්ගේ ඇස්වල පොල්කෙඳි දකින්න කලින් තමුන්ගේ ඇස්වල ඇති පොල් පරාල බලාගන්න.
මිහින් ලංකා ගැනත් ලියන්නකො...?
ලැජ්ජ නැද්ද අර පිරමිඩ හොරාත් එක්ක ඉන්න තරම්...?
හොරු හොරුන්ට හොරු කියති!