මාලදිවයින තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැතැයි මාලදිවයිනේ ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරයි.
හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් ඒකාබද්ධ විපක්ෂය ඒ බව සඳහන් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඊයේ (5) හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව රාත්‍රී 11.30ට පමණ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වූ අතර අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් රැසක් බලහත්කාරයෙන් රඳවාගෙන ඇතැයි ද වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුව පවත්වන අවස්ථාවේදී කැරැලි මර්දන පොලිසිය එම ස්ථානය වට කරගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ද සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් තිබේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලදිවයිනයි අපියි ඒකාබද්ධ එකඟවීම මාධ්‍ය හමුව පවත්වනවා නේද?
බුදු අම්මෝ ඔය නම තියෙන කණ්ඩායමක් එහෙත් ඉන්නවද? මාලදිවයිනත් ඉවරයි.
මෙම රටට යාම භයානකයි.
ලඟින්ම තියෙන රටින් ලැබෙන ආදර්ශ ඉතා හොඳින් පිළිපදිනවා වගේ මාලේ දැන් ඉන්න අය, අපේ අසල්වැසියෝ උනාට කමක් නැ මේ බැඳුම්කර මගඩි අස්සේ, ඡන්දෙ අස්සේ මේක රටේ ලොකුම නිවුස් එක නොවේවා කියා ප්‍රර්ථනා කරනවා, මොකද වාතේ හඬත් වෙඩිහඬ කරලා රට නොමග යවන්න දැන් ඉන්න අය දස්සයෝ නිසා.
බලයට ඇති කෑදරකම දෙරටෙහිම හොදින් දිස්වේ.
එහෙත් ඕකෙ ඉන්නවද දන්නෙ නෑ දිනපතා මාධ්‍ය ශෝ තියන කෙනෙක්?