ඉන්දිකා රාමනායක
කොල්ලුපිටිය වාලුකාරාම පාරේ පිහිටි චීන අවන්හලක අධි ශිතකරණයේ පණ පිටින් කැබැල්ලෑවකු දමා තිබියදී අද දහවල් බේරාගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
මෙම කැබැල්ලෑවා ශිතකරණයේ දමා සිටි චීන ජාතික ප්‍රධාන සුපවේදියා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් හදිසි ඇමැතුම් අංශය (119) වෙත ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
අඩි 4 දිග මෙම කැබැල්ලෑවා කිලෝ 6 ක බරකින් යුත් බවත් මොහු දුර්ලභ ගනයේ ආරක්ෂිත සත්වයෙක් බවද පොලිසිය සදහන් කරයි.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප හා වීඩියෝ බිමල් ශ්‍යාමන් ජයසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබැල්ලෑවෝ නෙමෙයි... බල්ලෝ ටික වත් බේරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඉස්සරහට...
පායන කාලේ වේයන් අල්ලා ගැනීමට අමාරු නිසා චීනාගේ කෑම කන්න එන්න ඇති. වන ජීවී එකෙන් ආවොත් සොයන නිසා අධි ශිතකරණයේ සඟවන්න ඇති.
විය යුත්තේ කැබැල්ලෑවා එළියට ගෙන, චීනාව ශීතකරණය තුළටම දැමීමයි..
අපේ රටේ පාලකයෝ චීනාගේ සරණයි කියලා දැන් අහිංසක සතෙකුටවත් ඉන්න නැහැ.. මේ රටේ පාලකයෝ කරපු දේවල් වල ප්‍රතිඵල දැන්දැන් එළියට එනවා. චීන්නු මේ ලෝකේ නොකන මසක් නැහැ.. මිනීමසුත් කනවා.
චීන්නු ඕවා රහට උයනවා. අපරාදේ...
හෝටල්කාරයාව අල්ලලා දාන්න ශීතකරණය ඇතුලට.
ලංකාවට එන චීන කම්කරුවන් ,වෙළඳුන් ,සංචරකයින්ව ගුවන්තොටුපලේ දීම චීන භාෂාවෙන්ම දැනුවත් කර අදාළ දඬුවම් ද පෙන්වා දීමෙන් මෙම විනාශ යම්කිසි පමණකට අඩුකර ගත හැකි වේ යැයි සිතමි.
චීන භාෂාවෙන් චීන්නුන්ව දැනුවත් කරන්නේ කොහොමද?
චීනා වහාම රටින් පිටුවහල් කල යුතුයි.
චීනා ඉල්ලපු පගාව දුන්නේ නැතිද දන්නේ නැහැ.. ?