සනත් ගමගේ
හම්බන්තොට දී පැවැති විරෝධතාවයකදී පොලිස් අධිකාරීවරයෙකු විසින් කණේ පහරක් එල්ල කලැයි කියන මාධ්‍යවේදියා සාධාරන පරීක්ෂණයක් ඉල්ලා හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
වත්මන් රජය රාජ්‍ය දේපල විකිණන බව කියමින් පසුගිය වසරේ ඔක්තෝබර් හය වැනි දා හම්බන්තොට ඉන්දියානු කොන්සල් කාර්යාලය අසල පැවැති විරෝධතාවය අධිකරණ නියෝගයක් මත විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ තත්ත්වයෙන් ඇතිවිය.
එම අවස්ථාවේ මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගත් පසු එවකට තංගල්ල සහකාර පොලිස් අධිකාරීව සිටි තුෂාර දළුවත්ත මහතා මාධ්‍යවේදියාගේ මුහුණට පහරක් ගැසීය.
මහනුවර අස්ගිරිය අදාහණ මළුව පාර පදිංචි වීරසේකර මුදියන්සේලාගේ සුසන්ත බණ්ඩාර කරුණාරත්න ඔහු පොලිසියට පැමිණිලි කරමින් කියා ඇත්තේ සිද්ධියෙන් මාස හතරක් ඉක්ම ගොස් ඇතත් තමන්ට තවමත් සාධාරණයක් ඉෂ්ඨ වී නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රි මහත්තයෝ... මෙය යහපාලනයද?
බැංකු කොල්ලයට වෙන්නෙත් ඔය ටිකම තමයි. හැබැයි බැංකු කොල්ලයේදී කනේ පාර කෑවේ රටේ ජනතාව. මුළු පත්තර සංහතියම එකතු කරගෙන සාධාරණය ඉෂ්ඨ වනතුරු පොලිසිය විවේචනය කරන්න..
ටිකක් ඉවසන්න, ටිකක් ඉවසන්න කඩුව මුවහත් කරගන්න කම්. එහෙම කියලා තමයි අපි හිත හදාගන්නේ. නමුත් මට හිතෙන්නේ මේ කඩුවත් ආතර් රජතුමාගේ කඩුව වගේ උස්සන්න බැරි එකක් කියලයි.
මෙවැනි ප්‍රශ්ණ කථා කිරිම ජාතික තලයේ වැජබෙන සිවිල් සංවිධාන වලට අකැපද ?
මාධ්‍යවේදීන් පුවත් ආවරණය කරනවා මිස වෙනත් විරෝධතාවන්ගේ නියැලෙන්නේ නැහැ නේද?
පොලිසියේ අය කරන්නේ දේශපාලකයන්ගේ වුවමනා එපාකම් සහ ඒ අයට පගාව දෙන අයගේ වුවමනා එපාකම් විතරයි. ලංකාවේ පොලිසිය සහ නීතිය විහිළුවක් බවට පත්කරගෙන ඉන්නේ...