ඩයනා උදයංගනී
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සම්පූර්ණ වන ජාතික නිදහස් දින සැමරුම් ගාලූ මුවදොර පිටියේදී අද (4) පෙරවරු 8.30 සිට අභිමානවත් අයුරින් පැවැත්වේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලට විශේෂ ආරාධිතයින් වශයෙන් බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ නියෝජිතයා ලෙස ඇගේ පුත්, එක්සත් රාජධානියේ වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඞ්වඞ් කුමරු සහ ඔහුගේ බිරිඳ සොෆී රීස් ජෝන්ස් කුමරිය සහභාගීවූහ.
ජනාධිපතිවරයා ජාතික ධජය එසවීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ විය. . ජාතික ගීය ගායනා කිරීම, ජයමංගල ගාථා ගායනය, ආචාර වෙඩි මුර ආදීය ඉන් අනතුරුව සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටට නිදහස ලැබී වසර 30 ක් බව අද අපි දැනගත්තෙමු .
කොඩියේ තියෙන ඉන්දියාවේ පට දෙක නැත්නම් හොඳයි. ඕක ඉන්දියාවේ කුමන්ත්රණයක ප්රතිපලයක්.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අභිමානවත් අයුරින් ජාතියට පවසා සිටියේ මෙය අපගේ 30 වන අභිමානවත් නිදහස් උත්සවය බවයි... ඒකාබද්ධයේ කට්ටියට ඔන්න මාතෘකාවක්...
අනේ මේ අපේ රටේ විධායක බලය තිබෙන ජනාධිපති උතුමාණෝ එහෙම කිව්වද ? පුදුමයි! එත් ඇත්තයි ........
70 නෙවෙයි.. 30 කියලයි ජනාධිපතිතුමා කිව්වේ...