(විනීතා එම් ගමගේ)
බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් අපවත් වී ඇත්තේ සැත්කමෙන් පසු ඇති වූ හදිසි හෘදයාබාධයකින් යැයි කළුබෝවිල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි පී. බී. දසනායක මහතා ලංකාදීපයට පැවැසීය.
විමලරතන නාහිමි දේහයේ ඉළ ඇට බිඳුණු තුවාල තිබු බවත් ඒ සඳහා සැත්කමක් කර තිබු නමුත් උන්වහන්සේ අපවත්වීමට ආසන්නතම හේතුව හෘදයාබාධයක් බවද පශ්චාත් මරණ පරික්ෂණයේ දී හෙළි වූ බව දසනායක මහතා ප්‍රකාශ කළේය.
ඉකුත් 2 වැනිදා උදෑසන හදිසි අනතුරකට ලක්වූ බෙල්ලන්විල නාහිමියෝ කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබූහ. පසුව එහිදී කරන ලද සැත්කමකින් අනතුරුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය.
උන්වහන්සේ අපවත්වූයේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වෙද්දීය. අපවත්වීමෙන් පසු කළුබෝවිල මහ රෝහලේ දී පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිමි නම අපවත්වුවේ හෘදයාබාධයකින් විය හැක. ඉළ ඇට බිඳුණු තුවාල සිදුවුයේ වැටුන නිසා බව ඇත් ගොව්වා රුපවාහිනියට පැහැදිලි කළේය .
ඕන කෙනෙක් මැරෙන්නෙ හදවත නැවතුනාම තමයි.
උන් වහන්සේව ජාතික රෝහලෙන්, පුද්ගලික රෝහලකට මාරු කරන්න හේතුව කුමක්ද?
එහෙමයි හාමුදුරුවනේ. එහෙම නම් පිළිගන්න වෙනවා. ඔබවහන්සේ නිවනින් සැනසේවා !!!
මෙම අනතුරට කවුරුත් ඇතෙක් සම්බන්ධ බව ප්‍රකාශ කිරීමට අකැමැති බවක් දක්වන බව පෙනේ...
හිමිනමගේ මරණය රෝහලේදී වළක්වාගන්න බැරි වුණේ මොකද අපරාදේ?
ඇත්තට සිදුවුනේ අනුනාහිමි ඇතා ළඟ පය ලිස්සා වැටි සුළු තුවාල සිදුවීමයි... පසුව උන්වහන්සේ අපවත් වුණේ හෘදයාබාධයක් නිසයි.
අපේ රටේ වර්තමාන දොස්තරලගේ කොලිටිය කොහොමද? කුමන හේතුව වුණත් ඉතින් අවසානයේ හෘදය අකර්මණ්‍ය වීමෙන් පසුවනේ රෝගියෙකු මිය යන්නේ. වෙන කවුරු හරි පුද්ගලයෙක් මියගියත් ඔය ටික තමයි.
පන්සල්වල සහ ගෙවල්වල බැඳ තබාගෙන සිටින සියලු අලින් පින්නවලට හෝ උඩවලවේ අභයභූමියට නිදහස් කරන්න නීති සම්පාදනය කරන්න.
වෛද්‍ය ශාස්ත්‍රය ගැන අකුරක්වත් නොදැන වෛද්‍යවරුන්ට දොස් කියන රන්ජිත් සහ රවිඳු වෙත, තාම නොදන්න දේවල් ගැන ලොකු කමෙන්ට්ස් දමමින් නිකරුණේ කාලය නාස්ති නොකර.. රටට මෝඩකම් ප්‍රදර්ශනය නොකරන්න...
රටට සිටි ශ්‍රේෂ්ඨ පඬිරුවනක් රටට අහිමි වීම ගැන හරිම කණගාටුයි. මෙතන ඉන්නවා ඇතුන්ගේ දල වෙළඳාම ජයටම කරන අයත්... එමගින් ප්‍රකෝටි ගණන් මුදල් උපයන එංගලන්තේ ඇතුළු යුරෝපා රටවල් වලින් යැපෙන සත්ව අවිහිංසා වාදියෝ ටිකක් ස්වාමින්වහන්සේට අගෞරව කරන... එයාල දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු ගෙදර ඇති කරන සතෙක් කල් පසු වුණු එංගලන්ත අශ්වයෝ වගේ මරල දාන්නේ නැතිව අවසන් කාලයේත් ආදරයෙන් රැක බලාගන්න විත්තිය...
හාමුදුවන්ගේ අපවත් වීම සිදුවුණේ කොහොමද? කොහේදීද?
සෝම හිමි, සෝභිත හිමි අපවත් වීම වගේම මේකත් සැක සහිතයි. රට, ජාතිය රැකීමට පෙරට එන අයටම කොහොමද මෙහෙම වෙන්නේ? එ්ක වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ බලයේ ඉන්න කොටනේ...
මට දුක අපිට මෙච්චර නිර්මල. ඒ වගේම යතාර්තවාදී, බුදු දහම ලැබිලත් එහි සරණ ගියත්, බුදු දහමේ හැසිරෙන්නේ නැති එක.
මෙතන යථාර්ථවාදී අදහස් දැක්කම භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ හැසිරෙන අයට මට නම් කියන්න තියෙන්නේ, අපරාදේ අපි අර ඇතාට අපි දොස් නැගුවේ කියලයි? දැන් අර අත්අඩංගුවට අරගෙන ඉන්න අර්ජුන ඇලෝසියස් මහත්තයට ලොකු අසනීපයක් තියනවා කියලා වෛද්‍ය අධ්‍යාපනය ගැන අකුරක්වත් නොදන්නා මම නිර්භයව කියනවා. මම අභියෝග කරනවා පුළුවන් නම් සිරි ලංකාවේ දොස්තර කෙනෙකුට එතුමාට ලෙඩක් නැහැ කියලා, පුලුවන් නම්, ඔප්පු කර පෙන්වන්න කියලා...
අලින් පන්සල්වල තියන් ඉන්නවට විරුද්ධ කවුද? ඇනජිඕ කාරයෝ. අලිබලන කෙනා අලියා ගැහුවා කිවුවම නැහැ කියල කියන කීදෙනෙක් එතන හිටියද? අනික අලි බලන්න ඕක කිවුවේ ගානක්වත් නැතුව සැහැල්ලුවෙන්. මට විතරද හිතෙන්නේ මෙතන යටි අරමුණක් තියෙනවා කියලා. අලින්ව කුලප්පු කරවල ඒ අයව පන්සල්වලින් අයින් කරන කුමන්ත්‍රණයක් තියෙන හැඩයි. අනික වැඩිය අමාරුවක් නැතුව හිටිය හාමුදුරුවෝ එකපාරටම අපවත් වුනේ කොහොමද? ආණ්ඩුවට බැණ බැණ නේද හිටියේ? අර සෝභිත හාමුදුරුවන්ට වුණා වගේමයි.
පිටිගලගේ අදහස මමත් අනුමත කරනවා.. එහෙම තමයි වෙන්න ඕනෑ. අලි, ඇතුන් පන්සල් වලද ඉන්න ඕනේ? කවදාද මේවට පිළියමක් දෙන්නේ?
මොනව බුරුමෙන් ගෙනාවත් උනත් කැලේ සිටිය යුතු සතුන් පන්සල් වල සිටිය යුතු නොවේ එම සතුන්ගේ කායික අවශ්‍යතා ඇති බව සිතිය යුතුය. එවැනි අවශ්‍යතා සඳහා කැලේ සිටිය යුතුය. උන්ගේ අයිතිවාසිකම් ඇවිරීමට අපට ඇති අයිතිය කුමක්ද? මේ එවැනි අවස්ථාවක වූ වියරුවක ප්‍රතිපල විය හැක.
බුදු හාමුදුරුවෝ වැඩිම කාලයක් වැඩ හිටිය ජේතවනාරාමයේ යි ඊට පස්සේ පූර්වාරාමයේ යි අලි කී දෙනෙක් විතර ඉන්න ඇද්ද?
පළමුව උන් වහන්සේව කළුබෝවිල රෝහලට ඇතුලත් කරලා ඊට පස්සේ පෞත්ගලික රෝහලකට ඇතුල් කරේ ඇයි අපිටනම් සැක සහිතයි
කොහොමත් අලින්ට, අපේ උදවියට වඩා මොලේ තියෙන බව නම් ඇත්ත.
සමහර විට මෙහෙම දෙයක් වෙන්න තිබුණා. මේ වගේ අනතුරකදී කලයුතු ඉතා තීරණාත්මක කඩිනම් ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ පහසුකම් නොතිබුණා විය හැකියි. හැබැයි කොළඹ මහරෝහලට යා ගන්න ලැබුණා නම් මීට වඩා බලාපොරොත්තුවක් තියා ගන්න තිබුණා කියලා මට හිතෙනවා. අවාසනාවකට එදා පාරවල් අවහිර වෙලා.