ක්‍රිෂාන් ජීවක ජයරුක්
මාතර උයන්වත්ත ප්‍රදේශයේ දී මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබල රජයේ දේශපාලඥයෙකු ඉලක්ක කර පෙරදින රාත්‍රී බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අදාල දේශපාලනඥයා මාතර මහ නගර සභාවට තරග කරන අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගී වී ආපසු යන අතරතුරදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බව කියති.
කෙසේ වෙතත් ඈත පැරණි ගොඩනැගිල්ලක සිට කලුවරේ එල්ල කර ඇති කුණු බිත්තර දෙකක් අදාල දේශපාලනඥයාගේ නිල රථයට වැදී තිබේ.
ඒ සමගම ඔහු ඇතුළු ආරක්ෂකයින් මදක් ගමන නවතා පිටතට පැමිණ සෝදිසි කර යලි පිටත්ව ගොස් ඇත.
අදාල දේශපාලනඥයා එම සිද්ධිය ගැන එතරම් තැකීමකට ලක් කර නොමැත.
බිත්තර ප්‍රහාරය එල්ල කළ ස්ථානය කාලයක සිට වසා දැමූ රජයේ ගොඩනැගිල්ලක් වන අතර එහි නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා සිදු වන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. එම නිසා එය නැවත අලුත් වැඩියා කර වැඩකට ඇති කාර්යයකට යොදා ගන්නා ලෙසටද යෝජනා ඉදිරිපත් වී තිබේ.
ඊට විරුද්ධ අයෙකු මෙම ක්‍රියාව සිදු කළේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති කුණු බිත්තරවලින් බේරුණා. 2020 වෙනකොට ඊටත් වඩා ජරා පහරවල් කනවා.
බිත්තර ගස්සවන අයගේ පරාජිත මානසිකත්වය නේද ඕකෙන් පෙන්නුම් කරන්නේ.
ඇත්තටම සතුටු වෙන්න ඕනෑ.. දැන් ජනතාව දේශපාලනයට පහර දෙන තරමට පත්වෙලා. හැමදාම ජනතාව රවට්ටන්න බැහැ.
මේ අයට කුණු බිත්තර විතරක් ගහලා මදි !
මොන සක්කරයා වුණත් තම තමන් වපුරන දේවල් තමා කපාගන්නෙත්... මෙය තමා නියම ලෝක ධර්මතාව. මොන ජගතාටවත් එය වෙනස්කල නොහැකිය.
ඇමතිතුමාට බිත්තර වලින් සංග්රහ කරනවා නම්, අඩු ගණනේ ඔම්ලට් එහෙම නැත්නම් බුල්සයි වලින් වත් එසේ කිරීම සුදුසුයි නේද?
මේ අයට කුණු බිත්තර ගහනවා නම් පහුගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට ගහන්න වෙන්නේ අසුචි පාර්සල් වලින් තමයි.
අයියෝ අපරාදේ බිත්තරේ.
මේවා නම් මෝඩ තකතීරු වැඩ... එහෙම කරන්න හොඳ නැහැ.
ඇමතිවරු මහජනතාවගෙන් ගුටි කාලා දැඩි සත්කාර ඒකකයේ බෙහෙත් ගන්න දවස වැඩි ඈතක නම් නෙමෙයි. අපි නම් කැමතියි එ්ක බොහොම ඉක්මනටම වෙනවා නම්.
බිත්තරයක් කියන්නේ නරක දෙයක් නොවෙයි.