
දඹුල්ල - පැල 5000 ක් රෝපණය කෙරේ
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථාන පුණ්‍භූමියේ හැත්තෑවෙනි නිදහස් සැමරුම වෙනුවෙන් පැල වර්ග පන්දාහක් රෝපණය කිරීම සිදු කෙරුණි.
රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර රංගිරි දඹුල්ල වලගම්බා මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී පූජ්‍ය අඹගස්වැවේ රාහුල මහ නා හිමියන්ගේ අනුශාසනා පරිද මෙම අභිමානවත් 70 වෙනි නිදහස් සමරු උත්සවය පැවැත්විණි.







පුත්තලම - ආචාර පෙළපාළියක්
පුත්තලම - ජුඩ් සමන්ත
70 වන නිදහස් දිනය නිමිත්තෙන් හලාවත නගර සභාව විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් හලාවත නගරයේදී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
පාසල් 11 ක සිසු සිසුවියන් හා ජාතික තරුණ සේවා සභාවේ පුහුණු පාඨමාලා වලට සහභාගි වී සිටින සිසු සිසුවියන්ගෙන් සමන්විත ආචාර පෙළපාලියකින් උත්සවය ආරම්භ විය.



මහනුවර - පාසල් සිසුන් 3000 ක් සමග ත්‍රිවිධ හමුදාව
(මොහොමඩ් ආසික්)
ශ්‍රී ලංකාවේ 70 වන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පැවැති මහනුවර දිස්ත්‍රික් ජාතික නිදහස් දින උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක සහ මහනුවර දස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර යන මහතුම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
මෙම නිදහස් උළෙල සඳහා 3000 කට වැඩි පාසැල් සිසුන් පිරිසක් සහ ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ පිරිස්ද එක්ව සිටියහ.





හැටන්
(හැටන් සුදත් එච්. එම්. හේවා )
70වන ජාතික නිදහස් දිනය නිමිති කරගනිමින් හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි නිදහස් සැමරුම් උත්සවයක් පවත්වන ලදි.
හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජිනාන්ද දහම් පාසලේ සිසුන්ගේ සහභාගිත්වයෙන් මෙම නිදහස් දින උත්සවය පැවත්විණි.



70 වැනි නිදහස් දිනය නිමිත්තෙන් නාවික හමුදාව වෙඩිමුර උත්තමාචාරය 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දැක්වීමේ උත්සවය අද නාවික හමුදා මුලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අහිමානවත් අයුරින් සමරන ලදී.
දිවයින වටා වූ මහ සයුර ආරක්ෂා කරමින් මාතෘ භුමියේ ස්වෛරිත්වය වෙනුවෙන්ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන නාවික හමුදාව ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජාතිය වෙනුවෙන් පුද කරනු ලබන මෙම ආචාර වෙඩි මුර චාරිත්‍රය සිදුකරයි.



මාතර
මාතර නිදහස් උළෙල දිසාපතිගේ ප්‍රධානත්වයෙන්
ක්‍රිෂාන් ජීවක ජයරුක්
70 වැනි ජාතික නිදහස් දින මාතර දිස්ත්‍රික් උත්සවය මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහත් අභිමානයෙන් අද (04) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා මාතර නගරයේ පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් යුත් ආචාර පෙළපාලිය මාතර වෙරල පාර ඔස්සේ එම ක්‍රීඩාංගනය වෙත පැමිණියේය.
කිසිදු දේශපාලඥයකුගේ සහභාගිත්වයකින් තොරව මෙම උත්සවය පැවැත්වීම විශේෂත්වයකි. ජාතික සමගිය හා සංහිදියාව පිළිබිඹු කරන සංස්කෘතිකාග රැසකින් මෙම උත්සවය වර්ණවත් විය.
මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා, මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ජී.එච්.මාරපන,මාතර ප්‍රාදේශීය ලේකම් දර්ශන වික්‍රමාරච්චි, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.


යාපනය
70 වැනි නිදහස් සැමරුම් උළෙලක් අද යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම උළෙල ප්‍රදේශයේ පාසල් වල දරු දැරියන්ගේ සංස්කෘතික අංගයන්ගෙන් වර්ණවත් විය.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එන් වේදනායගම් ,ආණ්ඩුකාර ලේකම්
එල් ඉලංගෝවන් මහතා ඇතුළු රජයේ නිලධාරීහු ද, ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීහු හා යාපනය ප්‍රදේශයේ ජනතාව ද සහභාගී වූහ.


බදුල්ල


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමරන්න තරම් අභිමානයක් මේ ජාතියට තියනවද? දුර්ජන පාලකයින්ට කඩේ යන එකට දේශප්‍රේමී ජාතික අභිමානය කියලා කියනවද? අර කොහෙන්ද මන්දා හිනා යනවා මේවට. සුද්දන්ට ආයෙත් මේ රට පාලනය කරන්න එන්න කියලයි අපි නම් ඉල්ලා සිටින්නේ.
රටේ ජනතාවගේ අනන්‍ය තාවය තහවුරු කරනු පිණිස අපි එකා මෙන් අපගේ නිහීන කම සමරමු.
සැමදෙනාටම අභිමානවත් නිදහස් දිනයක් පතනවා.
කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ දිසාවගේ හිස් ගසා මරණයට පත් කරන්නට දින නියමවිණි. ඒ මීට වසර 199 කට පෙර 1818 නොවැම්බර් 26 වැනිදාය. හිස ගසා දමා මරණයට පත් කරන්නට නියම වූ කැප්පෙටිපොල මහ බෝගම්බර දිසාවත්, මඩුගල්ලේ දිසාවත් අදාල දිනයේ දී බෝගම්බරට ගෙනියන්නට පෙර මාළිගාව වැඳ පුදාගන්නට අවස්ථාව උදා කර දෙන ලදී. කැප්පෙටිපොල මහ දිසාව තම තුප්පොට්ටිය දළදා සමිඳුන් වෙත පූජා කර වන්දනා කළේය. අනතුරුව වදක භූමිය වෙත ගෙන ගිය ඔහු තම ඉණ නිරන්තරව රැඳී තිබු ධම්මපදය කුඩා පුස්කොළ පොත ගෙන ගාථා පාඨයක් ද කියවා එය ද හිත මිතුරු සුදු ජාතිකයෙකුට තෑගි කළේය. එයින් පවා ඔහු පෙන්වා දුන්නේ තම සටන සුදු ජාතිකයින්ට එරෙහි එකක් නොව රට බේරා ගැනීම පිණිස පමණක් කළ එකක් බවයි.