(ටී.කේ.ජී.කපිල )
කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක නිලධාරීන් දෙදෙනකු විසින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ බව කියන විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (03) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි .
මෙම සමාගම කෙටි නිවාඩුවක් සදහා එහි සේවය කරන කොළඹ ප්‍රදේශයේ මෙම නිලධාරීන් දෙදෙනා කුවේට් වෙත යවා ඇති බවත් ඔවුන් එම නිවාඩුව අවසන් කර ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණෙන විට මෙම දුම්වැටි තොගය රැගෙන පැමිණ ඇති බවත් රේගුව පවසයි.
ඔවුන් දෙදෙනාගේ ගමන් මළුවල මෙම විදේශීය නිෂ්පාදිත "ගෝල්ඩ් ලීෆ්" වර්ගයේ දුම්වැටි 48,400ක් අඩංගු දුම්වැටි කාටූන් 242 ක් සඟවා තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් විසි හතර ලක්ෂ විසි දහසක් ( 24,20,000 ) ක් බව රේගුව ප්‍රකාශ කරයි.
විදේශීය නිෂ්පාදිත දුම්වැටි ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් බවත් ඒවා රේගුවට ප්‍රකාශ නොකර ගෙන ඒම යන චෝදනා මත අත්අඩංගුවට ගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේ ගොල්ලෝ කලින් සුදානම් කරගත්තු කස්ටම් ඔෆිසර් නිවාඩු ගිහින්ද? එහෙම නැතිනම් හදිසියේ රොස්ටර් එක වෙනස් වෙලා වෙන තැනකට ඩියුටි දාලද කොහෙද? 100% විශ්වාසය තියන්න පුළුවන් කස්ටම් ඔෆිසර් කෙනෙක්ව මිසක් ඕවාට අල්ලාගන්න නරකයි.