ඩයනා උදයංගනී
ජාතික නිදහස් දින උළෙලේදී ලැප්ටොප් පරිගණක යොදාගෙන ඉදිරිපත් කිරීමට නියමිතව තිබී පසුව සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ විවේචන හමුවේ වෙනස් කෙරුණු නව නිර්මාණ නර්තනය සඳහා ලැප්ටොප් පරිගණක වෙනුවට මල් පොකුරක් යොදාගෙන තිබෙනු අද පැවති නිදහස් දින උළෙලේදී දැකගන්නට ලැබිණි.
බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසු සිසුවියෝ (ගුරුවරු) එම නර්තනය ඉදිරිපත් කළහ.
මෙම නර්තනය සම්බන්ධයෙන් එය පුහුණුවීම් සිදුවන දිනවලදී සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි විවේචන එල්ල වූ අතර ඉන්පසු එය වෙනස් කෙරිණි.

ඡායාරූපය රොමේෂ් ධනුෂ්ක සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ බිංගිරියේ. එ්කයි මේ ලැප්ටොප් අරගෙන නටලා තියෙන්නේ.
අන්තිමේදී හරි තේරුම් ගිය එක හොඳයි.
මේක අයින් කරලා විතරක් ප්‍රමාණවත් නැහැ. මේ වගේ අමන, කුජීත, නිවට යෝජනා ගෙනාපු අය හොයලා ඔවුන්ගේ ඔළු පරීක්ෂා කරන්න ඕනෑ. මේ වගේ අය අධ්‍යාපන ක්ෂේත්රයේ ඉන්නවා නම් ඔවුන්ගෙන් ගුරු හරුකම් ලබන ශිෂ්‍යයින්ට දෙයියන්ගේම පිහිටයි. මොවුන්ව තනතුරු වලින පහ කරන එක රටක අනාගතය වෙනුවෙන් කරන යුතුකමක්..
මගේ පුද්ගලික අදහස "ලංකාවේ විද්‍යා පීඨ, ගුරු පත්වීම් සඳහා බොහෝමයක් යොමු වන්නේ දක්ෂතා සහිත පුද්ගලයන් නොවේ. ඔවුන් සියලු දෙනා රැකියාවක් කිරීමේ පරම අරමුණින් පමණක් ගුරු රැකියාවට යොමු වන අතර පසුව සාම්ප්‍රදායික ලෙස ගුරු රැකියාවේ නියතවෙති. ඔවුන්ගෙන් මෙවැනි නිර්මාණ බිහිවීම පුදුමයක් නෙවෙයි."
වෙන රටවල මිනිස්සු මේ වගේ සංස්කෘතික අංග පාවිච්චි කරන්නේ තමන්ගේ දෙයක් පෙන්නන්න. අඩු ගානේ ඔය ලැප්ටොප් ලංකාවේ හදන දෙයක් නම් තව කමක් නැහැ. එඩ්වඩ් කුමාරයා ලැප්ටොප් දැකල නැති කෙනෙක් නෙමෙයිනේ. සුද්දා ඕක දැක්කම හිතයි ලප්ටෝප් එකකින් ගන්න ඕනේ ප්‍රයෝජනයවත් මොකද්ද කියල දන්නේ නැති සෙට් එකක් කියලා. දැන් ලැප්ටොප් වන්නම නැවැත්තුවනේ, අර පිටිපස්සෙන් එන ඇන්ටන් ජලනල වන්නම ගැන මොකද කියන්නේ?
මේ කෝලම් නිසා ඔෆිස් යන කොට ලැප් එක බෑග් එකේ දාගෙන බස් එකටත් නගින්න ලැජ්ජයි බං. කොන්දොස්තර අයියා කිණ්ඩියට මල්ලි ලැප් වන්නම නටන්නද යන්නේ අහනවා?
විද්‍යා පීඨ අය දන්න තාක්ෂනේ. එක චන්ද්‍රිකාවක් වත් යවලා නැති අපි දුරේක්ෂ අරගෙන නටලා පෙන්නන්න හදන්නේ අපි ඒ පැත්තෙන් දියුණුයි කියලද? කොටින්ම කිව්වොත් අපිට තාක්ෂණයක් කියලා දෙයක් නෑ. අපි දන්නේ විදේශ ශ්‍රමිකයින්ගේ මාසික වැටුපකට, එහෙම නැත්නම් මහන්සි වෙලා වගා කරන අපනයන බෝග වගේ දේවල් වලින් ලැබෙන මුදලට වෙන රටක අධි තාක්ෂණයෙන් මිනිත්තු කීපයක් තුල නිපදවෙන ගැජට් ගෙනල්ලා තියාගෙන ඉන්න විතරයි. එහෙමයි ඔවුන් දියුණු වෙලා තියෙන්නේ...
වයඹ විද්‍යාපීඨයේ ගුරුවරුන්ගේ ඇඟට දාල බේරුණා නේද? මෝඩ දේශපාලකයෝ ටික...
අවසාන මොහොතේ මේ නැටුම ඉවත් කරපු එක ලොකු දෙයක්. නැත්නම්, මෙරට මෙන්ම පිටරට ඉන්න ලාංකිකයන්ටත් ලැජ්ජාවේ පණ යන්නයි වෙන්නේ... ලැප්ටොප් මහා ලොකු එකක්ද ලංකාවට? දේශීය සංස්කෘතිය පෙන්වන, විවිධ පළාත්වලට ආවේනික නැටුමක් මේ අයට තිබුණේම නැද්ද?
"නවීන විද්‍යාඥයා" යන සංකල්පය පෙන්වීමට උත්සාහ කලේ මෙවන් බහුරූ කෝලම් වලින්. ලැප්ටොප් ගෘහස්ථ මෙවලමක්. දැන් මෙය ටැබ් පරිඝනක නිසා භාවිතය අඩුවෙමින් පවතිනවා. මෙම නැටුම ඉදිරිපත් කලේ ගුරු සිසුවියන් බොහෝ විට ඔවුන්ගේ උපදේශකයිගේ අනුදැනුම මත... ඉතින් වර්තමාන පාසැල් දරුවන්ට පෙන්වන අනාගත ලෝකය මේකද? මින් එහාට නිර්මාණාත්මක යමක් ඔවුන්ට ඉදිරිපත් කිරීමට හැකියාවක් නැද්ද?
වයඹ විද්‍යා පීඨයට විද්‍යාඥයන් කිව්වම සිහියට එන්නේ කොම්පියුටර් ඔපරේටර්ලාලු. එල එල මේවාට කමෙන්ට් දාන අපිත් සහකාර විද්‍යාඥයන් වත් වෙන්න අැති දන්නේ නැති වුණාට...
බිංගිරිය අධ්‍යාපන පීඨයේ ගුරු භවතුන්ට අපගේ බලවත් මෙව්වා එක... තමයි කියන්නේ.
ඔයිට වැඩිය හොඳ නැද්ද පොල් ගෙඩියක් පොහොර බෑග් එකක් වගේ දෙයක් අරගෙන නැටුමක් ඉදිරිපත් කළානම්.. අනෙක දැන් පොල් ගෙඩිය ඩොලර් එකටත් වැඩිය ඉහළ ගිහින්නේ...
මේ තරම් ඉතිහාසයක් තියෙන ජාතියක් වෙච්ච අපි අපේ වැදගත් දේවල් එළියට දාන්නේ නැතිව මොනවද මේ කරන්නේ? අපේ වැදගත්ම දේ වෙච්ච වෙස් නැට්ටුවෝ ටික පණ කාඩගෙන දිව්වා. සුද්දො කොර කරන්න තිබ්බා. එ්ත් දිව්වා නට නට...
මේ නැටුම් අංගය සඳහා අදහස නිර්මාණය කල කෙනා අඩු ගානේ කඩේක විකුණන්න තියෙන ලැප්ටොප් එකක්වත් අතගාලවත් නැති කෙනෙක් වෙන්න ඕනෑ. විද්‍යාඥයා කිව්වම ලැප්ටොප් මතක්වෙන්නේ... හිනා කාලා පණයනවා.