(මනෝජ් හර්ෂික)
මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ගූගල් ආයතනය අද(04) දින කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් සැමරීම නිමිත්තෙන් ගූගල් ආයතනය තම නිල ලාංඡනය තුළට ශ්‍රී ලංකා ධජය එකතු කිරීම නිසා මෙසේ ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙතට දිනා දීමට සමත් විය.
කෙසේ වෙතත් මෙය සෑම වසරකදීම ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් ගුගල් සමාගම විසින් නිර්මාණය කරනු ලබන විශේෂාංගයක් වන අතර එය බොහෝ විට දර්ශනය වන්නේද ශ්‍රී ලංකාවේ සිට ගූගල් බ්‍රව්සරයට පිවිසෙන අයට පමණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෙස දිස් වන්නේ ලංකාවේ සිට ගූගල් වෙත යොමු වන්නන් සඳහා පමණි.
මම දකින්නේ නැහැ... මේක ඇමරිකාවේ පෙබරවාරි 4 ද? උදේ 8.00 ට (EST) ...?
ලංකාවේ අයි.පී. ඇඩ්රස් වලට විතරයි පේන්නේ...
මුළු ලෝකෙට නෙමෙයි ලංකාවට විතරයි එහෙම පෙන්නන්නේ. ගූගල් එ් එ් රටවල් වලට පේන්නේ එ් එ් රටවලට අදාල විදියටයි.
අයියෝ... ගූගල් සමාගම දන්නවා ලංකාවේ අයට විතරක් ඒ විදියට පේන්න සලස්වන්න.
"මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ගූගල් ආයතනය අද(04) දින කටයුතු කෙරිණි." ලංකාවට විතරයි. අනිත් රටවලට ඔය ලෝගෝ එක පෙන්නන්නේ නෑ....
ලෝකෙටම නෙමෙයි. ගූගල්.ලක් විතරයි...
මේක ලංකාවට විතරක් දාලා තියෙන දෙයක්...
හොඳම කොටස් තිබ්බෙ අන්තිමට නේ..
ගූගල්.කොම් මෙහෙට නම් පේන්නේ නෑ.
මොනවද මේ හතර බීරි කතා? ලෝකෙම අවධානය දිනාගත්තා කියලා මුලින් කියලා අන්තිමට කියනවා ලංකාවේ ඉන්න කට්ටියට විතරයි ඒක පේන්නේ කියලා.
පේන්නේ ලංකාවට විතරක් නම් මුළු ලෝකයේම අවධානය ලබා දෙන්නේ කොහොමද..?
දැන් කියයි "අපි ලෝකය ජයගත් තවත් අවස්ථාවක් මේක" කියලා...
ලෝකය කියන්නේ ලංකාව කියලා හිතන් ඉන්න අයට හරි සන්තෝස ඇති!