විනීතා එම් ගමගේ
මේ ආණ්ඩුව තව දුරටත් තිබුණොත් රටේ සම්පත් සියල්ල විකිණි දේශීය කලාකරුවන්, කුලීකරුවන් වී ඉන්දියා කලාකරුවන්ට රිසිසේ ලංකාවේ පිටිය හැදෙනු ඇතැයි නිදහස් කලා සන්ධානයේ ප්‍රධාන ලේකම් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බලයට එද්දී කලාකරුවන්ට පොරොන්දු වූ කිසිවක් ලබා දෙන්නට වත්මන් රජය අසමත්වූයේ යැයි ද සිරිවර්ධන මහතා කීය.
කොළඹ වෝඞ් පෙදෙසේ අද (04) පැවැති නිදහස් කලා සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමින් සිරිවර්ධන මහතා මේ අදහස් පළ කළේය. එහි දී තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීය.
‘‘මේ මැතිවරණය හිතල බලල කලට වෙලාවට ලබා දුන් එකක් නොවෙයි. නඩු කියල කෑ ගහල ඉල්ල ගත්තු එකක්. ඒ නිසා මේ මැතිවරණය ජනතා මැතිවරණයක්. අනෙක් අතින් මේක ජනමත විචාරණයක් වෙනවා.
කලා කරුවන් අද ජීවත්වෙන්නේ අඩු පාඩු රැසක් මැද්දේ. 2015 ජනවාරි පුරවැසි කලාකරුවන්ගේ සංවිධානය වෙත ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ලිපියක් ඒ සංවිධානය සෙසු කලාකරුවන් වෙත ලබා දුන්නා. එහි සදහන් ව තිබු දේවල් වලින් කිසිවක් මේ වසර තුනේ දි ඉටු වී නැහැ. පළමු ඉල්ලීම වුණේ සංස්කෘතික ප්‍රතිපත්තියක් ඇති කිරිමයි. ඒ වගේම ප්‍රබල අමාත්‍යංශයක් සංස්කෘතිය වෙනුවෙන් ඇති කිරීමයි. අද ඒ දෙකම සිදුවෙලා නැහැ විතරක් නොවෙයි, සංස්කෘතික අමාත්‍යංශය දෙකට කඩල දාලා. සංස්කෘතිය වෙනුවෙන් පැවැත්වුණ උළෙලවල් උත්සව සියල්ල අක්‍රීයයි.
එහි අස්සන් කළ ධර්මසිරි බණ්ඩාරනායක ජනාධිපති උපදේශක කෙනෙක්. කලාවට සම්බන්ධ බොහෝ දේ විකිණෙමින් පවතිනවා. නමුත් ඔහුට පවා කරගන්න දෙයක් නැහැ. මේවා දකිද්දි මහින්ද රාජපක්ෂ යුගයේ මීට වඩා යහපත් තත්ත්වයන් තිබුණා. කොන්ද කෙලින් තියාගෙන රටේ ඕන තැනක යන්න එන්න පුළුවන් කම තිබුණා. මේ ආණ්ඩුවෙන් කලාකරුවන්ට විතරක් නෙවෙයි, රසිකයන්ටත් වුණ සෙතක් නැහැ. කලාකරුරවන් පොහොට්ටුව දිනවන්නට රොද බැඳගත්තේ ඒ නිසයි. ‘‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඳෝනාව, අඳෝනාව, ඔය කට්ටිය වැඩ කරන්නේ පන්සලේද? හම්බ කරන එක ක්ලබ් එකට යන්නේ !! ජනතාවගේ මුදල්ද බලාගෙන ඉන්නේ?
ඒකාලේ අර කලාකරුවෙක් කලාව වෙළඳාමක් කරගෙන කෝටිපතියෙක් උන එකගැන දුටුවේ නැද්ද ලේකම් තුමා.
තමන්ගේ දක්ෂකමින් හා හැකියාවෙන් හරි හම්බ කරගෙන කාලා ඇඳලා ජීවත් වීම මිස, ආණ්ඩු වලින් පිනට කන්න පෙරුම්පුරන කළා කරුවන් ගැන අපිටනම් ඇත්තේ විශාල කනගාටුවක්. එක අතකට, රටේ කාටද ආණ්ඩුවලින් පිහිටක් වෙලා තියෙන්නේ? අනේ අපි නම් සම්බෝලයි බතුයි කාල ජීවත් උනත් හිඟා කන්නේ නැහැ කවදාවත්.
මේ ආණ්ඩුව තව දුරටත් තිබුණොත්? ඒ කියන්නෙ ගිය ආණ්ඩුව වගේ අරලිය දන්සල් දාල කන්න බොන්න දීල සිනමා ගම්මාන හදල මළපොතේ සංගීතයක් නොදන්නා වුන්ට මහා පරිමාණ කොන්ත්‍රාත් දීල කළාව නගන්නද?
කලා කරුවන් කිසි දිනක එසේ නොවේ. කුලියට දේශපාලකයින්ට කහින උන් හැර අනෙක් කොන්ද කෙලින් තියාගන යුක්තිය හා සාධාරණය සඳහා පෙනී සිටින අයවලුන් සදා දීප්තිමත්ව බැබලේ..
අපෝ කලාකරුවෝ. කියලා වැඩක් නැහැ. හොඳ කලාකරුවොත් ඉන්නවා. එයාලගෙ නමත් කනවා අනික් අය හින්දා...
ඔව්, ඔව් අපි දන්නවා සමහර කලා කරුවන්ට මහාරජාණන්ගේ කාලේ හොඳට නිදහස තිබුණු බව. ආශීර්වාද ලත් සමහර කලාකරුවෝ අමනකම් කරමින් වන්දිභට්ටකම් කරමින් ලක්ෂ ගණනින් ගරානාවේ යෙදුණු බව, මෙන්ම සමහරු ලොකු ලොකු ජොබ් ලබා ගත් බවත් රහස් නොවෙයි. කලාවටත් ලැජ්ජයි! තවත් කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේ පැත්තේදී බඩ පුරා තඩි බෑවේ ඔබ වැන්නන්ට තිබුණු නිදහසේ ආනුභාවය නිසා වෙන්න ඇති. කලාකරුවකු හැටියට දේශපාලකයින්ට අමනකම් කොට බඩගෝස්තරේ සංවර්ධනේ කරගන්නවට වැඩිය බඩ කපාගන මැරෙන එක නම්බුකාරයි !
ඒ දවස්වල කඩේ ගිය නළුවා ගැනද කියන්නේ?
මේ ඉන්නේ කලාකරුවන් නෙවෙයි නලාකරුවන්. තමන් නාට්‍යවල රඟපාන්නේ මුදලට. පෙර පාසලක ත්‍යාග බෙදා දෙන්න එන්න කිව්වත් ඒකටත් සල්ලි ගන්නවා. එතකොට මෙයාලාට ජීවත් වෙන්න රටේ මහජන මුදල් යොදවන්නද ඕනේ?
සීමිත කලාකරුවන් පිරිසකට ප්‍රශ්න තිබෙනවා... ඒක ඇත්ත. හැබැයි මේ කලා සන්ධාන එකක්වත් අහිංසක කලාකරුවන් සඳහා පෙනී සිටීමේ සැබෑ වුවමනාවක් නැති තමන්ගේ ප්‍රතිරූපය උළුප්පගන්න දඟලන පුහු චරිත... වලට උදාහරණ තමයි.
ජැක්සන්ගෙන් ඉගෙන ගන්න ගොඩයන හැටි... පොහොට්ටුව දිනවමු...
අපේ රටේ බොහෝමයක් දැන් ඉන්නේ තුට්ටු දෙකේ කලාකාරයින් පිරිසක්...
අභිමානවත් නිදහස සමරමු ! එතකොට කුලීකරුවන් කියන්නේ මේ රටේ ඉතාමත් පහත් ජනකොටසක්ද? මේ රටේ උතුම් වෘත්තිකයින් ඔයකියන හරි කලාකාරයෝද? මෙහෙම ආණ්ඩු පත් කරන්නේ මහලොකු දේශපාලනඥයින්ට ඒ අයගේ උපන් දිනේට ආහාරමලු දෙන්නට විතරද කුලීකාරයන් ඕනේ...
මේක නිදහස් කලා සන්ධානයක් නම් ජනතා විමුක්ති පෙරමුණට පමණයි අනුබල දෙන්න දැන් ඉතුරුවෙලා ඉන්නේ. පොහොට්ටුවට දෙනවා කියන්නේ නැවත හොරා කෑමට උදවු කරනවා. නැත්නම් ඒ අයගෙන් පඬුරු බලාගෙන වැඩකරනවා කියන එක. ගමේ බලය ජවිපයයි.
මෙයාල මේ කියන්නේ රොටියේ අනෙක් පැත්ත හොන්දයි කියල ඕක ඔයාලා සේරම 70 වසරක් කිව්වා
Art යනු චිත්‍ර යන්නයි. මෙය චිත්‍ර ශිල්පීන්ගේ සංසදයක් නම් කම් නැත. මෙම සංසදය කලාකරයගේය. එහෙයින් මෙය arts විය යුතුය. අපේ මහලොකු කලකාරයන්ගෙන් කාටවත් ඉංග්‍රීසි බැරිද ?
ඇයි තමන් එදා තිබ්බ මෙගාටෙලි වල රඟපාන්න ගියේ? ඇයි කිසි හරයක් නැති තුට්ටු දෙකේ ටෙලි වල රඟපාන්නේ . ජනතාව ඉල්ලන දේ නොව හරිදේ දෙන්න. එහෙම දිල රටෙන් යමක් බලාපොරොත්තුවෙන්න ඉන්දියානු මෙගා පෙන්නීමට විරුද්දව උපවාසයක් අරඹන්න
2015 දිත් එතුමට නේද? වෙනසක් නැහැ නෙව. ඔබ තුමන්ල දේශපාලනය නොව සමාජයට බාල පරපුරට හොඳ දෙයක් දෙන්න
මේ ගොල්ලෝ මේ මොනවද ඉල්ලන්නේ , අද අපේ රටේ මිනිස්සුන්ව හරිමගට ගන්න පුළුවන් කලා කාරයෝ ඉන්නවද.?
ඇයි ඔයාලා සින්දු කියන්නේ රඟපාන්නේ නිකන්ද? ඒවා ඉතිරියක් කරගන්නේ නැතුව මහජන බදු මුදලින් නිකන්ම නඩත්තු වෙන්නද හදන්නේ? බොහෝ අයට ඉඩනුත් නිකන් ගෙවලුත් නිකන් දැන් අන්තිමට පෙන්සන් එකකකුත් ඉල්ලනවා. කලාකරුවන්ට දෙනවානම් අනෙක් හැම මිනිහටම දෙන්නත් වෙයි.
කලාකාරයෝ කරන්නෙම කඩේ යන එක තමයි. බොහොම ටික දෙනෙක් වැදගත් විදියට ජීවත් වෙනවා.
කලාවයි, සංස්කෘතියයි සම්පුර්ණයෙන්ම විනාශ වුණේ පසුගිය රජය කාලේ කියලා මේ ගොල්ලන්න්ට අමතකද? ඒ කාලේ කවුරුවත් විප්ලව කලේ නැහැ සුදු වෑන්වලට තියෙන බිය නිසා. දැන් බොරු බයිලා ගහනවා.
කලාකරුවා කියන්නේ මේ රටේ ඉන්න අනුකුත් පුරවැසියන් හා සමානයි. කලාකරුවාට කියලා විශේෂ ප්රතිලාභ බලාපොරත්තු වීම කොයිතරම් දුරට සාධාරණද කියල හිතන්න අමාරුයි. කලාව දියුණු කරන්න කියලා කිව්වනම් එ්ක සාධාරණයි. අනික කලාකරුවා දේශපාලනීකරණය වීම ආරම්භ වුණේ මහින්දගේ කාලේ. දැන් එක වලංගු නැහැ ජනතාව බුද්ධිමත්ව හිතන්න ගත්ත කාලෙට ඔය දේශපාලනික කලාකරුවාට වෙන දේ බලාගන්න පුළුවන්..
හරියට කලාව කරන අයට ප්‍රශ්න නැහැ. කලාව කියලා මෙයාලා කියන්නේ බඩ වඩා ගැනීමේ කලාවයි.
තමන්ගේ හැකියාවෙන් දියුණුවන්න. කාටවත් කඩේ යන්න අවශ්‍ය නැහැනේ. අනික් ක්ෂේත්රවල නියැලී සිටින අයටත් පක්ෂවලින්, රජයෙන් ආධාර ලැබෙනවද? කඩේ යන්නේ වාසියට. සොරිම තමයි. බලයට එද්දී වුණු පොරොන්දු බල ලෝභයට පමණයි. ඡන්දය ගන්න විතරයි. ජීවත් වුනේ ශ්‍රී ලංකාවේ නෙමේද ?
පහුගිය කාලේ කුලීකරුවන්ට අද වැඩ නැහැ වගෙයි. කලාකරුවන් කියන්නේ කවුද කියන එකත් ප්‍රශ්නයක්. ටෙලි නාඩගමකට එක සැරයක් හරි මූණත් තහඩුව දමා ගන්න තැනැත්තා මේ රටේ මහා කලාකරුවෙක්. එ්ත්, ග්රන්ථ තිහ හතළිහක් ලියූ, අවුරුදු පනහක්, හැටක් ලේඛනයේ යෙදුනු මිනිහෙක් කලාකරුවෙකු වන්නේ නැහැ. එක එක ආණ්ඩුවලට පන්දම් අල්ලා බඩ වඩා ගැනීමේ කලාවකුත් මේ රටේ තියෙනවා !!!
ගොඩක් කලා කරුවෝ කුලියට තමයි රඟපාන්නේ.. ගී කියන්නේ ඒ මදිවට කුලියට කහින්නත් පුරුදු වෙලා.
කුලී කාරයොත් කොහොම වෙතත් කලාකරුවන් වැඩි දෙනෙක් දේශපාලකයින්ගේ වහල්ලු වෙලානේ ඉන්නේ.
ඇත්තටම කලාව ඔසවා තැබිය යුත්තේ ආණ්ඩුවද? එහෙම නැතිනම් හොඳ නිර්මාණ තුළින් කලාකරුවාද? මේ අයට දැනෙන අපිට නොදැනෙන පහුගිය ආණ්ඩුවෙන් වුණු දෙයක් ගැන නම් හිතාගන්න බෑ. කොහොම වුණත් බරටම කඩේ යන බව නම් පේනවා.
තමන් කලාව රැකියාව වශයෙන් තෝරගත්තා නම්, ඒ ගැන බලා ගන්න ඕනේ තමන් මිසක් ආණ්ඩුව නෙමෙයි. පක්ෂවලට කඩේ ගියාම කලාව ගැන ප්‍රමිතියක්, නීතියක්, ක්‍රමවේදයක් නංවන්න බෑ. හැමෝම බලන්නේ බෙල්ල කපාගෙන උඩට එන්න. ගොටු අල්ලන්න බලන්නේ. අනික් රස්සාවල් ඔය මේසන්, වඩුවැඩ, කාර්මික, තෝර ගත්ත මිනිස්සු ආණ්ඩුවට කියනවද ඒ අයව බලාගන්න කියලා. වැඩිපුරම අඬන්නේ ගොවියොයි, නළුවොයි තමයි.
ආ... මේ සෙට් එක මහින්ද මහත්තයාගේ නලාකරුවෝ සෙට් එකනේ...
නියම කලාකාරයෝ ටික... මෙයාලා හිටියා කියලා. ජනතාවට මොනවද ලැබිල තියෙන්නේ? ගිහින් ඉන්දියාවේ නළුවන්ගේ රෙදි සෝදන්න. ඉස්සර කලාකරුවන්ගේ මිල හිතාගන්නවත් බැහැ.
තමන්ගේ කලාව හරියට කරනවා නම් දේශපාලනයට කඩේ යන්න ඕනෑද?
මේ නලාකාරයෝ කාටහරි කඩේ ගිහිල්ලා බඩ වියත රැකගන්න කට්ටියනේ...
සමහර කලා කරුවන්ගේ දරුවන් වැඩිහිටියන් වුණාට පසුවත් මව්පියන්ගෙන් යැපෙන්න බලන් ඉන්නේ. කලාකරුවනුත් අතට සල්ලි ලැබුනාම ඉදිරි අනාගතයක් ගැන නොසිතා බොරු ඔපේට වියදම් කරනවා. ඊළඟට ඉන්න ගෙයක් නැහැ. ලෙඩට බෙහෙත් නැහැ. ඒවාට ආණ්ඩුව සහ රසිකයන් උදව් කරන්නේ නැහැ කියා නහයෙන් අඬනවා. මේ රටේ දොස්තරලා සහ කලා කරුවන් තරම් බදු ගෙවන මිනිස්සුන්ට තවත් හිසරදයක් නැහැ.