‘සන්නිවේදන පාරිභාෂිත ශබ්ද මාලාව‘ එළි දකී
සම්මානිත මහාචාර්යවරුන් වන සුනන්ද මහේන්ද්‍ර, චන්ද්‍රසිරි රාජපක්ෂ, සඳගෝමි කෝපරහේවා, ආචාර්ය අසන්තා යූ අත්තනායක යන මහත්ම මහත්මීන් විසින් සංස්කරණය කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රකාශයට පත් කළ ‘සන්නිවේදන පාරිභාෂිත ශබ්ද මාලාව‘ එළි දැක්වීමේ උත්සවය අද (10) පෙරවරුවේ රාජගිරිය බැංකු විදුපියස‘ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.