IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජ’පුර සරසවියේ සිසුහු විරෝධතාවයක

(ළහිරු හර්ෂණ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන හා සුබසාධන ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ‍්‍ය සංගමය කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසළින් විරෝධතා පා ගමනක් ආරම්භ කළහ.

විරෝධතා පා ගමන කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දක්වා ගමන්කර වෝඩ් පෙදෙසේ එක් මන්තීරුවක් අවහිර කරගනිමින් විරෝධතාවයේ නිරතවූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

 



අදහස් (16)

ජ’පුර සරසවියේ සිසුහු විරෝධතාවයක

ලුම්බිණි Wednesday, 17 July 2019 12:24 PM

මේ ගොල්ලන්ට වෙන වැඩ ඇත්තෙම නැද්ද?

:       0       15

sampath Wednesday, 17 July 2019 12:25 PM

ආණ්ඩුවෙන් ප්‍රශ්න විසඳන්න කියලා බල කරන්නේ ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්න කියන ඉල්ලීමයි. එ් කියන්නේ මිනිස්සුන්ට බදු වැඩිකරන්න කියන එකයි. රටේ යම් හැකියාවක් ඇති සියලුම දෙනා නොකියා කියන්නේ තමන්ගේ ගොඩ වැඩිකරලා දෙන්න කියලයි.. සාමාන්‍ය ජනතාවට බඩගින්න දරාගන්න බැරිව ගඟට පනිනවා. කෝච්චියට බෙල්ල තියනවා. මේ ක්‍රමය වහාම නතර කළ යුතුයි. මේ රට කවදාවත් වෘත්තීය අයිතිවාසිකම් දුන්නොත් හදන්න බැහැ...

:       38       102

kap Wednesday, 17 July 2019 01:06 PM

පසුගිය දශක 2ක් පුරා මේ රටේ උගතුන් අඩුවීමටත්, මෝඩයන් වැඩිවීමටත් එක හේතුවක් මේ වගේ මේ වෙලාව කන මීහරක් තමයි.

:       3       225

sampath Wednesday, 17 July 2019 02:10 PM

අපි රට හදන්න කතා කරනවා එක 225 කට බර දීල නිකම් බක්ලන් ඉන්නවා රට හදන්න ඕනෙනම් මිනිසා හැදිය යුතුයි මිනිසාගේ ආකල්ප හොද නැත්නම් එහෙම රටක් කවදාවත් හැදෙන්නේ නැහැ බලියේ හැටියට කට කිව්වා වගේ 225 තොරන්නෙත් ඒ අය පිලිබිබු කරන්නෙත් මේ මතය තමා මෙතන කොයිතරම් මිනිස් ශ්‍රමයක් අපතේ යනවද මේ පොලිසියේ නිලධාරීන්ගේ පඩිනඩිටික එකතු කරලා බෙලුවොත් අවුරුද්දකට පාරේ ඉන්න ඒ මුදලින් තව සරසවියක් හදන්න පුළුවන් වෙයි පාරේ වාහන නොයා මිනිස්සු අව්වේ ඇවිද්දට පාලකයන්ට දැනේනෙනෑහැ පාලකයන්ට දැන්නේන්න නම් මේ ශිෂයෝ ඉතා හොදින් තමගේ අධ්‍යාපනය හැදෑරිය යුතුයි අන්තිමේ මේ අය එලියට ඇවිත් ආයේ පාරේ යනවා රස්සා දියව් කියල ඊට පස්සේ රස්සාවට ගියාම වැඩක් කරගන්න බැහැ සමස්ථ ජනතාවම අසීරුතත්වයට පත් කරනවා මේක විෂම චක්‍රයක් වගේ කෙරකෙනවා උගතුන් පරේ නම් සාමාන්‍ය මිනිස්සු මොනවා කලාම මොකද

:       0       426

RaveendraWednesday, 17 July 2019 03:42 PM

සම්පත් මයා වෙත, ඔබගේ කියවීම් ඉතාමත නිවැරදියි. පුදුමයි ඔබගේ මෙම අදහස් වලට විශ්ව විද්‍යාලවලට යමාට නොහැකි වූ නිසා ඉරිසියාවට මෙසේ අදහස් දක්වනවා යයි මෙම උගත්යයි බුද්ධීමත් යයි කියන දරුවන් ඔබට නිග්‍රහ නොකිරීම පිලිබදව...

:       1       33

dare Wednesday, 17 July 2019 03:51 PM

පාරේ කෑගහන්නේ නැතුව ඡන්දෙන් වැඩ පෙන්නුවොත් මොකද? කාට හරි කඩේ යන්න ඕක කරනවා නම් ඉතින් කතා කරලා වැඩක් න. නැත්තම් ස්වාධීන අපේකෂකයෙකුට ඡන්දෙ දෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශන බලලා...

:       0       18

Raveendra Wednesday, 17 July 2019 03:54 PM

දියව් කියමින් නංගිලා මල්ලිලා කෑගසමින් ඉන්නේ...// නංගිලා මල්ලිලා රැකුමට සන්සුන්වයි ඉන්නේ...// අයියලා ටික පස්සෙන්මයි සිටින්නේ ..// හතර හන්ධි කඩා නොගෙන යන්නයි අපි කියන්නේ..//

:       1       9

රජින්ද Thursday, 18 July 2019 04:46 AM

දේශප්‍රේමීත්වයක් නැති හුදු පක්‍ෂයකට කඩේ යන කුහක (නූ)උගතුන් පිරිසක්.

:       24       36

thappulana liwera Thursday, 18 July 2019 05:06 AM

මේ කාලකන්නි හැමදාම පාරේ, මේ ඔක්කොම මඤ්ඤොක්කා කොළ කාලා ජීවත්වෙන උන් දෙන අයිතිවාසිකම් ඉල්ලනවා. කැම්පස් එකක් ලඟට ගිහිල්ලා බලන්න.. මේ කවුරුත් ගාවවත් පර්සනලිටි එකක් තියෙනවද කියල‍ා ගස් ගෙම්බෝවගේ මොවුන්ට ගහලා එලවන්න ඕනෑ.

:       0       45

MoThursday, 18 July 2019 11:10 PM

අපේ රට ගොඩගැනීමට නම් ප්‍රථමයෙන් කල යුත්තේ ජවිපෙය මගේ මාතෘ භූමියෙන් සදහටම අතුගා දැමීමයි

:       0       0

Sugandhi Thursday, 18 July 2019 06:06 AM

මේ අය හැමදාම පාරේ... ජවිපයට කඩේ යනවා.

:       12       14

බද්රානි Thursday, 18 July 2019 07:44 AM

උසස්පෙළ සමත්වී, විශ්ව විද්‍යාලයට පය තැබූ ඒ ඊනියා උගතුන් මේ පුහුණු, පුරුදු වෙන්නේ, තමන්ගෙන්, රටට සේවයක් සිදුකිරීමේ, අරමුණ වෙනුවට, දැන්මම, රටෙන් යමක් තමන්ගේ සාක්කුවට කඩා ගන්නේ කෙසේද යන සංකල්පය පෙරදැරිව ක්‍රියාත්මක කිරීමයි. පුහු මාන්නයෙන් යුතුව මස් රාත්තලම ගොඩ පිටින්, මොවුන් ඉල්ලන්නේ, තමන් ජීවත් වන්නේ, තවමත් සංවර්ධනය වෙමින් පවතින ඉතාම දිළිඳු ජාතියක් ජීවත් වන රටක බවවත් අවබෝධ කර නොගෙනයි. දියුණු යයි කියන සංවර්ධිත රටවල පවා, සියලුම පහසුකම් නොලබන එම රටවල ශිෂ්‍යයින්, ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සිදුකර ගන්නේ, අමතර රැකියාවල් කරමින් බව මේ මහපාරේ තප්පුලන අම්බරුවන් දැනගත යුතුයි. අසරණ ජනතාවගේ බදු මුදලින් අනාගත සමාජ පිළිල නිර්මාණය කරන ලෝකයේ එකම රට මේ සිරි ලංකාව බව නම් මට එක හෙලා පැවසිය හැකිය...

:       0       140

sampath Thursday, 18 July 2019 07:49 AM

සහරාන්ලා ගහද්දී විශ්ව විද්‍යාල මුරට අාවෙත් මේ පොලිසියේ නිලධාරින්.... මේ සංගම් වල ඉන්න නිලධාරින්ට තිබුණානේ ගේට්ටු මුර කරන්න සයිටම් එකට විරුද්ධව අවුරුද්දක් පාරේ හිටියා.. ෂරියා විශ්වවිද්‍යාලයක නමක්වත් මෙයාලා දැනන් හිටියද? කවුරු හරි කියන එකක් කටපාඩම් කරගෙන ඇවිත් තෙල් බෙදලා තෙල් රත්කරලා අනුන්ගේ න්‍යාය පත්‍රයකට වැඩකරලා අමාරුවේ වැටෙන්න එපා. අද කී දෙනෙක්ගේ පන්ති තහනම් කරලා ඉන්නවද? කීදෙනෙක් තමන්ගේ උපාධිය සම්පූර්ණ කරගන්න බැරිව ඉන්නවද? රටක් කණපිට පෙරලන්න පුළුවන් වැඩ කරන මිනිසුන්ට මිසක දෙමාපියන්ගෙන් සහ මහපොලෙන් යැපෙන ශිෂ්‍යයින්ට නොවෙයි. ඔයාලා හොඳින් ඉගෙන ගන්න. ඊට පස්සේ අවම 60 වෙනකම් රට හදන්න පුළුවන්.. මේක මහා අපරාධයක්.. ගම් වලින් එන අහිංසක දක්ෂ දරුවෝ පාරට දාලා මොකක්ද වෙන සෙතේ? මේකෙන් කාටවත් වැඩක් නැහැ.. කථිකාචාර්යවරුන්ට ඉගැන්නුවත්, නැතත් පඩි ලැබෙනවා. චීනයේ සරසවි ශිෂ්‍යයින්ට වෙඩිතියලා උණ්ඩෙට ගිය වියදමත් දෙමාපියන්ගෙන් අය කර ගත්තා. මට ඉතාම දුක අධ්‍යාපනය අග්‍රඵලය වෙන උපාධි ධාරීන්ගේ ආකල්ප සහ දැනුම... මේ නිසා තමයි තවම අපේ රටට ජාතික නායකයෙක් මේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි කරගන්න බැරි...

:       0       7

manilgama Thursday, 18 July 2019 09:30 AM

නුවණැති පිරිසක්.....

:       3       0

Mo Thursday, 18 July 2019 11:07 PM

මේ විනාශ කරන්නේ රටේ අහිංසක ජනතාවගෙ බදු මුදල්. මේ විදියට අපේ රටේ බුද්ධිමතුන් විදියට බිහිවෙන්නේ මෝඩයෝ රැලක්. වහාම සිදුකල යුත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පාඨමාලාව අනුව මිලක් නියමකර ඒ මුදල ණයක් හැටියට ලබාදී රැකියාවක් ලැබුනු පසු ඒ මුදල වසර 10ක් වැනි කාලයකදී නැවත අයකර ගැනීමයි. හොදින් ඉගෙනීම කර උසස් ශ්‍රේණි ගන්නා සිසු සිසුවියන්ට ඒ ණය කපා හැරීම හෝ ශිෂ්‍යයත්ව පදනමක් මත රජයට ඔවුන්ට ගෙවීම් කල හැකි ක්‍රමවේදයක් සැකසිය යුතුයි. ඒ වගේම උපාධියක් නිම කිරීමට නිශ්චිත කාලයක් නියමකර ඒ කාලය තුලදී උපාධිය ලබා ගැනීමට අපොහොසත් වන අයවලුන් විශ්ව විද්‍යාල වලින් ඉවත් කලයුතුයි. එසේ නොකොලොත් මේ මන්ද බුද්ධිකයින් හැමදාම මහපාරේ.

:       0       0

Sugath Friday, 19 July 2019 03:40 AM

මේගොල්ලන්ට නොමිලේ අධ්‍යාපනය දීලා තියෙනකොට තව මොනවද ඉල්ලන්නේ. නොමිලේ දෙන අධ්‍යාපනය නතර කරොත් තේරේවි. හැම එකම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ, මේ අය දන්නේ නැද්ද අපේ බදු වලින් කියල හැම වියදමක්ම ආණ්ඩුව දරන්නේ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 562 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site