(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වාහනයක ගැටී දැඩි ලෙස අසාධ්‍යයව සිටින කෙනෙරගේ දිවි බේරා ගැනීමට වනජීවි නිලධාරීහු හා පශු වෛද්‍යවරයෙක් දැඩි උත්සහ නිරත වී සිටිති.
පසුගිය (19) දා රාත්‍රීයේ පුත්තලම අනුරාධපුර මාර්ගය 6 කනුව වෙල්යාය හරහා මාරු වෙමින් සිටියදී කිසියම් වාහනයක මෙම ගැබිනි කෙනෙර ගැටි තිබිණි. පසුව ඇතින්න මාර්ගයේ සිට මීටර් 20 ක් පමණ පෙරළී තිබේ.
වනජීවි පශු වෛද්‍යවරුන්ට සති අන්තයේ රාජකාරි කිරීමේදී මතුව තිබූ දීමනා මුල් කරගනිමින් මෙම කෙනරට ප්‍රතිකාර දිනකින් ප්‍රමාද වී තිබු අතර පසුව වයඹ වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා අද (20) අලුයම සිට ප්‍රතිකාර කිරීම අරඹා ඇත.
කෙනෙර වාහනයේ ගැටීමත් සමඟ ඉදිරිපස දකුණු අතක අස්ථි බිදීමකට ලක්ව ඇත. ඒ සමඟම වාහනයේ තියුණු යකඩයක් කෙනෙරගේ අතක් හිල් කරගනිමින් අගල් 6 කට ශරිරය තුළට බැස තිබු බව වනජීවි නිලධාරීහු පවසති.
කෙනෙර අනතුරට ලක්කළ වාහනය මේ වන විට හඳුනා ගෙන නැති අතර එය පලා ගොස් තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් වේදනාවකින් මේ අහිංසකයා පෙළෙනවා ඇත්ද?? කාට කියන්නද?? අසරණව බලාගෙන ඉන්නවා හැරෙන්න. මේ සතා විතරක් නෙවෙයි අහිංසක සත්තුන්ට ඉන්න තැනක් නැහැ, බොන්න වතුර නැහැ, ජීවත් වෙන්න දයක්කාරයින්ගෙන් බේරෙන්න වෙලා, දැන් ඒ මදිවට වාහන කාරයොත් හප්පනවා... මේ සත්තුන්ට පාරවල් මාරුවෙන්න අලි මන්කදවල් හදන්න කිසි කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. අන්ත දුෂිත පාලකයින් ඉන්න රටක් මේක.
මොන තරම් අලි මිනිස් ගැටුම් ඇති වුනත් උන් අනතුරට ලක් වුනාම පිහිටට එන්නෙත් උන්ට අනතුරු කරන්නෙත් මිනිස්සුම තමයි.. මේක හරි පුදුම ලෝකයක්.
මේ අපරාධය කල නොමිනිසා මේ ආත්මයේදීම මිට විපාක විඳීවි.
මේ ප්‍රතිකාර කරන මහත්වරුන්ට පින් සිදු වේවා!
වටිනා උත්සාහයක්. අපේ ප්‍රණාමය. ඉක්මනින්ම සුවය ලැබේවා.
"පශු වෛද්‍යවරුන්ට සති අන්තයේ රාජකාරි කිරීමේදී මතුව තිබූ දීමනා මුල් කරගනිමින් මෙම කෙනරට ප්‍රතිකාර දිනකින් ප්‍රමාද වී තිබු අතර" පපුවක් නැති නිලධාරීන් පිරිසක්
රජය රටේ නොයෙකුත් වැඩ සදහා විශාල ලෙස මුදල් වියදම් කරන අතර මෙම වනසතුන් වැඩියෙන් ජීවත්වන ප්‍රදේශවල ප්‍රධාන මාර්ග හරහා සතුන්ට මාරුවීමට උමන් මාර්ග නිර්මාණය නොකරන්නේ පාලකයන්ගේ අනුවණකම නිසාද? නැතහොත් නුගත්කම නිසාද? අපහට අවබෝධ කර ගැනීමට අපහසු වේ මේ කාර්යන් සදහා මිලියන ගනණක් වැය නොවන අතර ප්‍රධාන මාර්ගයට පාලමක් හා එය තුලින් ගමන් කිරීමට මාර්ගයක් නිර්මාණය කිරීම සදහා මහා විශාල දැනුම් සම්භාරක අවශ්‍ය නොවේ මෙවන් පාලකයන් තවත් තවත් පත් කරනේද යන්න ජනතාව විසින් එක්මනින් තීරණයක් ලබගත යුතුය
මුදල් පසුපස පන්නන හිස් ඉදුමුවා ගතු අමන මිනිසුන් කරන නරක වැඩ ඕවා.
මනුෂ්‍යයෙක් හිතාමතාම වාහනයක් අලියකුගේ ඇඟේ හපන්නේ නැහැ. අලියා කළු නිසා රෑට එකවර අඳුරගන්න බැරිවෙන්න ඇති..., නමුත් අනතුර සිදුවුන පසු නිර්නාමිකව හරි වගකිවයුතු අංශවලට දැනුම් දෙන්න තිබුණා. එහෙම වුණා නම් ඉක්මණට ප්‍රතිකාර කරන්න තිබුණා...